ප්‍රජා ප්‍රමිති
හැඳින්වීම
මෙම ප්‍රමිති පදනම් වී ඇත්තේ පුද්ගලයන්ගේ ප්‍රතිචාර සහ තාක්‍ෂණය, මහජන ආරක්‍ෂාව සහ මානව හිමිකම් වැනි ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ උපදෙස් මත ය. සෑම කෙනෙකුගේ ම හඬ අගය කරනු ලබන බව සහතික කිරීම සඳහා, විශේෂයෙන් ම නොසලකා හරින ලද හෝ කොන් කිරීමට ලක් කිරීමට ඉඩ ඇති පුද්ගලයන් සහ ප්‍රජාවන්ගේ විවිධ අදහස් සහ විශ්වාසයන් ඇතුළත් වන ප්‍රමිති තැනීමට අපි දැඩි අවධානයක් යොමු කරමු.
සෑම දිනක ම, ජනතාව තම අත්දැකීම් බෙදා ගැනීමට, මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධ වීමට සහ ප්‍රජාවන් ගොඩ නැඟීමට Facebook, Instagram, Messenger සහ Threads භාවිත කරයි. අපගේ සේවාවන් කෝටි සංඛ්‍යාත පිරිසකට රටවල් සහ සංස්කෘතීන් සිසාරා භාෂා ගණනාවකින් නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා පවතින සේවාවක් වෙමු.
පුද්ගලයන්ට සන්නිවේදනය කිරීමට බලයක් ඇතැයි හැඟෙන ස්ථානයක් වීම Facebook, Instagram, Messenger සහ Threads සඳහා කෙතරම් වැදගත් දැයි අපි හඳුනාගෙන ඇති අතර, අපගේ සේවාවෙන් අපයෝජනය ඉවත් කිරීමේ අපගේ කාර්යභාරය වැදගත් ලෙස Meta සලකයි. මෙම සේවාවන් මත ඉඩ දෙන සහ ඉඩ නොදෙන දේවල් සඳහා අප විසින් ප්‍රමිති සකස් කරන ලද්දේ එබැවිනි.
ප්‍රජා ප්‍රමිතිවල එක්සත් ජනපද ඉංග්‍රීසි අනුවාදය ප්‍රතිපත්තිවල වඩාත්ම යාවත්කාලීන කට්ටලය පිළිබිඹු කරන අතර එය මූලික ලේඛනය ලෙස භාවිත කළ යුතු බව කරුණාවෙන් සලකන්න.
හඬ සඳහා අපගේ කැපවීම
අපගේ ප්‍රජා ප්‍රමිතිවල අරමුණ වන්නේ අදහස් ප්‍රකාශනය සඳහා සහ ජනතාවට හඬක් ලබා දීම සඳහා ස්ථානයක් තැනීම ය. සමහරු එකඟ නොවුණත් හෝ විරුද්ධ විය හැකි වුවත්, ලිඛිත අදහස්, ඡායාරූප, සංගීතය හෝ වෙනත් කලාත්මක මාධ්‍යයන් හරහා පුද්ගලයන්ට වැදගත් වන කරුණු පිළිබඳ විවෘතව කථා කිරීමට ඔවුන්ට හැකියාවක් ඇති කිරීමට Meta හට අවශ්‍ය වේ. සමහර අවස්ථාවල දී, අපගේ ප්‍රමිතිවලට එරෙහිව යන නමුත්, එයට පුවත් වටිනාකමක් ඇත්නම් සහ මහජන යහපත සඳහා නම්, එවැනි අන්තර්ගතයන් සඳහා අපි ඉඩ දෙමු. අප මෙය හානියේ අවදානමට එරෙහිව මහජන උනන්දුව තක්සේරු කිරීමෙන් පසුව පමණක් සිදු කරන අතර, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීන්දු තීරණ ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. වෙනත් අවස්ථාවල දී, අතිරේක සන්දර්භයක් අපට අන්තර්ගතය අපගේ ප්‍රමිතීන්ට පටහැනිව යන බව සාධාරණ ලෙස තේරුම් ගැනීමට ඉඩ දෙන විට අපැහැදිලි හෝ ව්‍යංග භාෂාව භාවිතා කරන අන්තර්ගතය ඉවත් කළ හැකි ය.
අසහස් ප්‍රකාශනය සඳහා අපගේ කැපවීම අතිශයින් ම වැදගත් වන නමුත්, අන්තර්ජාලය අපයෝජනය සඳහා නව සහ වැඩි අවස්ථාවන් තනන බව අපි හඳුනා ගනිමු. මෙම හේතු නිසා, අපි හැඟීම් ප්‍රකාශනය සීමා කරන විට, පහත සඳහන් අගයන්ගේ එකක් හෝ වැඩි ගණනක් සේවයේ ඇති විට අපි එය සිදු කරමු එනම්:
අව්‍යාජත්වය
පුද්ගලයන් දකින අන්තර්ගතයන් අව්‍යාජ බව සහතික කිරීමට අපට අවශ්‍ය වේ. බෙදා ගැනීම සඳහා අව්‍යාජත්වය වඩාත් හොඳ පරිසරයක් නිර්මාණය කරන බව අපි විශ්වාස කරමු, අපගේ සේවාවන් භාවිත කරන පුද්ගලයන් ඔවුන් කවුරුන් ද යන්න හෝ ඔවුන් කරන්නේ කුමක් ද යන්න වැරදි ලෙස නිරූපණය කිරීමට අපට අවශ්‍ය නොවන්නේ එබැවිනි.
සුරක්ෂිතතාව
අපි Facebook, Instagram, Messenger සහ Threads ආරක්ෂාකාරී ස්ථාන බවට පත් කිරීමට කැප වී ඇත්තෙමු. පුද්ගලයන්ගේ භෞතික ආරක්ෂාවට හානි කිරීමේ අවදානමකට දායක විය හැකි අන්තර්ගතය අපි ඉවත් කරමු. පුද්ගලයන්ට තර්ජනය කරන අන්තර්ගතයන් ප්‍රකාශනය අන් අය තැති ගැන්වීමට, බැහැර කිරීමට හෝ නිහඬ කිරීමට හැකියාවක් ඇති අතර එයට අපගේ සේවාවන්හි ඉඩ නොමැත.
පෞද්ගලිකත්වය
පුද්ගලික රහස්‍යතාව හා තොරතුරු ආරක්‍ෂා කිරීමට අපි කැප වී සිටිමු. පෞද්ගලිකත්වය මගින් පුද්ගලයන්ට තමාගේ සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීමට, අපගේ සේවාවන් මත බෙදාගන්නේ කෙසේ, කවර විටක ද යන්න තෝරා ගැනීමට සහ වඩා පහසුවෙන් සම්බන්ධ වීමට නිදහස ලබා දෙයි.
අභිමානය
අභිමානය සහ හිමිකම් සම්බන්ධයෙන් සියලු පුද්ගලයන් සමාන බව අපි විශ්වාස කරමු. පුද්ගලයන් අන් අයගේ අභිමානයට ගෞරව කිරීම මිස අන් අයට හිංසා කිරීම හෝ අවමන් කිරීම අපි අපේක්ෂා නොකරමු.
ප්‍රජා ප්‍රමිති
අපගේ ප්‍රජා ප්‍රමිති ලොව පුරා සිටින සෑම දෙනෙකුට ම සහ AI උත්පාදිත අන්තර්ගතය ඇතුළුව සියලු ම වර්ගවල අන්තර්ගතයන්ට අදාළ වේ.
අපගේ ප්‍රජා ප්‍රමිතිවල සෑම අංශයක්ම "ප්‍රතිපත්තිමය තාර්කිකත්වය" සමඟින් ආරම්භ වන අතර එය ප්‍රතිපත්තියේ අරමුණු විදහා දක්වන විශේෂිත ප්‍රතිපත්ති ඛණ්ඩ මඟින් දැක්වේ:
ඉඩ නොදෙන අන්තර්ගතය; සහ
බලාත්මක කිරීමට අමතර තොරතුරු හෝ සන්දර්භය අවශ්‍ය වන අන්තර්ගතය, අනතුරු ඇඟවීමේ තිරයක් සමග අවසර දී ඇති අන්තර්ගතය හෝ අවසර දී ඇති නමුත් බැලිය හැක්කේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් වන අන්තර්ගතය.