වැඩිහිටි නිරුවත සහ ලිංගික ක්‍රියාකාරකම

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අපි නිරුවත හෝ ලිංගික ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීම සීමා කරන්නෙමු, මක් නිසාද යත් අපගේ ප්‍රජාවේ ඇතැම් පුද්ගලයන්, විශේෂයෙන් සංස්කෘතික පසුබිම හෝ වයස හේතුවෙන්, මෙවැනි ආකාරයේ අන්තර්ගතයට සංවේදී විය හැකි බැවිනි.
විරෝධතාව දක්වන ආකාරයක් ලෙස, යම් කරුණක් පිළිබඳ දැනුවත් කිරීමට හෝ අධ්‍යාපනික හෝ වෛද්‍යමය හේතූන් වැනි විවිධාකාර හේතූන් මත නිරුවත බෙදා ගැනීමට ඉඩ ඇති බව අපි වටහා ගනිමු. උචිත සහ එවැනි අදහසක් ඇති බව පැහැදිලි අවස්ථාවන්හි දී අපි අන්තර්ගතය සඳහා ඉඩ ලබා දෙන්නෙමු. නිදසුන් ලෙස, අපි ස්ත්‍රී තනපුඩු ඇතුළත් පියයුරුවල ඇතැම් රූප සීමා කරන අතරතුර, විරෝධතා කටයුතු, සක්‍රීයව මව්කිරි දීමේ නිරතව සිටින කාන්තාවන් සහ ශල්‍යකර්මයකින් පියයුරු ඉවත් කිරීමෙන් පසුව ඇති වූ කැළල්වල ඡායාරූප (සමහර විට සංවේදී අනතුරු ඇඟවීමේ තිරයක් සහ වයස පදනම් කරගත් සීමාවන් සමඟ ලේබල් කර) නිරූපණය කරන රූප ඇතුළු වෙනත් රූපවලට ඉඩ දෙමු. සිතුවම්, මූර්ති ආදියෙහි ඡායාරූප වැනි නිරුවත නිරූපණය කරන සැබෑ කලාත්මක ප්‍රකාශන කලාවන්ට ද අපි ඉඩ දෙමු (ඇතැම් විට සංවේදී අනතුරු ඇඟවීමේ තිරයක් සහ වයස පදනම් කරගත් සීමාවන් සමඟ ලේබල් කර). එකඟතාවයෙන් තොර ලිංගික ක්‍රියා හෝ බාල වයස්කරුවන් සහිත අන්තර්ගතයන් හුවමාරු කිරීම වැළැක්වීම සඳහා අපි පෙරනිමියෙන් දෘශ්‍යමය ලිංගික තොරතුරු ඉවත් කරන්නෙමු.
මේ ප්‍රතිපත්තිය යටතේ, අපි නිරුවත සහ ලිංගික ක්‍රියාකාරකම්වල සැබෑ ඡායාරූප සහ වීඩියෝ ද ඡායාරූපයක් ලෙස පෙනෙන්නේ ද යන්න නොසලකා (එය සැබෑ පුද්ගලයකු ලෙස පෙනේ යන්න ආදී ලෙස) AI හෝ පරිගණක මගින් ජනනය කළ රූප සහ ඩිජිටල් දෘශ්‍යමය තොරතුරු ඉවත් කරන්නෙමු. ඉහතින් සඳහන් කර ඇති පරිදි, අපි සැබෑ කලාත්මක ප්‍රකාශන කලාවන් සහ නිශ්චිත වෛද්‍ය, අධ්‍යාපනික සහ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අන්තර්ගත සඳහා සැලකිලිමත් ඉඩ ලබා දීම් සිදු කරන අතර මේවා ප්‍රතිපත්තිය තුළ විස්තරාත්මකව පැහැදිලි කර තිබේ.
ළමා ලිංගික සූරාකෑම, අපයෝජනය සහ නිරුවත පිළිබඳ අපගේ ප්‍රජා ප්‍රමිතීන් තුළ ළමා නිරුවතට අදාළ අන්තර්ගතය සම්බන්ධයෙන් සඳහන් කර ඇත.
අපි සියලුම පරිශීලකයින් සඳහා පහත අන්තර්ගතයන් වෙත ඉඩ නොදෙමු:
වැඩිහිටි නිරුවත
  • පහත දෑ නිරූපණය කරයි නම්, වැඩිහිටි නිරුවත දැක්වෙන ඡායාරූප සාදෘශ/ඩිජිටල් දෘශ්‍ය රූප:
    • (යූනික රෝම හෝ ඩිජිටල් ආවරණ මගින් අඳුරු කර ඇති විට ඇතුළුව) දෘශ්‍යමාන ලිංගික අවයව
    • දෘශ්‍යමාන ගුද මාර්ග සහ/හෝ දෘශ්‍යමාන තට්ටම්වල සමීප රූප
    • මව්කිරි දීමේ දී හෝ විරෝධතාවක් දැක්වීමේ සන්දර්භයක දී හැර, දෘශ්‍යමාන ස්ත්‍රී තනපුඩු
  • සැබෑ ඡායාරූපයක් ලෙස දිස් වන පින්තූරයක /ඩිජිටල් වීඩියෝවල නිරූපණය කර ඇති පුද්ගලයා/පුද්ගලයින්ගේ දැනුවත්භාවයකින් තොරව ඔවුන් පිළිබඳව පටිගත කරන ලද ලිංගික ප්‍රදේශය, කාන්තා පියයුරු හෝ තට්ටම් කෙරෙහි අවධානය යොමු කරන ඡායාරූප හෝ වීඩියෝ
  • වෛද්‍ය හෝ සෞඛ්‍ය සන්දර්භ වැනි අමතර විශේෂ සන්දර්භයන් තුළ ඇතැම් සීමාවන් සහිතව වැඩිහිටි නිරුවත නිරූපණය කිරීමට අප විසින් ඉඩ දිය හැකි බව සලකන්න. මෙය වඩාත් විස්තරාත්මකව පහත කොටස්වලින් ආවරණය කෙරේ.
වැඩිහිටි ලිංගික ක්‍රියාකාරකම්
  • වැඩිහිටි ලිංගික ක්‍රියාකාරකම්වල පහත දේ ඇතුළු ඡායාරූප සාදෘශ/ඩිජිටල් දෘශ්‍ය රූප:
    • අශ්ලීල ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනය:
      • යටත් පිරිසෙයින් එක් පුද්ගලයකුගේ හෝ ලිංගික අවයව හෝ ගුදය දිස්ව තිබිය දී තවත් පුද්ගලයකුගේ මුඛය හෝ ලිංගික අවයව වෙනත් පුද්ගලයකුගේ ලිංගික අවයව හෝ ගුදය තුළට ඇතුළු කිරීම හෝ ස්පර්ශ කිරීම හෝ ලිංගික අවයව ලිංගික කෙළි බඩුවක් මත තැබීම හෝ ඊට ඇතුළු කිරීම මගින් දක්වන පරිදි පැහැදිලිව දිස් වන ලිංගික සංසර්ගය හෝ මුඛීය සංසර්ගය
      • පුද්ගලයකුගේ ලිංගික අවයව හෝ ගුද මාර්ගය පැහැදිලි ලෙස උත්තේජනය කිරිම හෝ ලිංගික ඉන්ද්‍රියන් හෝ ගුද මාර්ගය සමග සිදු වන ස්පර්ශය ඍජුව දිස් වන විට, උත්තේජනය මගින් දැක්වෙන පරිදි, පුද්ගලයකුගේ ලිංගික ඉන්ද්‍රිය හෝ ගුද මාර්ගය තුළට ලිංගික කෙළි බඩු ඇතුළු කිරීම
    • ව්‍යංග ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනය:
      • ලිංගික අවයව හෝ ගුදය හා/හෝ ඇතුළු කිරීම හෝ ස්පර්ශය ඍජුව දිස් නොවන විට, තවත් පුද්ගලයකුගේ මුඛය හෝ ලිංගික අවයව වෙනත් පුද්ගලයකුගේ ලිංගික අවයව හෝ ගුදය තුළට ඇතුළු කිරීම හෝ ස්පර්ශ කිරීම මගින් දක්වන පරිදි ව්‍යාංග ලෙස සිදු කරන ලිංගික සංසර්ගය හෝ මුඛීය සංසර්ගය
      • පුද්ගලයකුගේ ලිංගික අවයව හෝ ගුද මාර්ගය ව්‍යංග ලෙස උත්තේජනය කිරීම හෝ උත්තේජනය යන්නෙන් හැඟවෙන ආකාරයට, ලිංගික අවයව හෝ ගුද මාර්ගය, උත්තේජනය හෝ පිහිටුවීම ඍජුව දිස් නොවන විට ලිංගික කෙළිබඩුවක් මත තබා ඇති හෝ ඒ තුළට ඇතුළු කර ඇති ලිංගික අවයව හෝ පුද්ගලයකුගේ ලිංගික අවයව හෝ ගුද මාර්ගයට ඉහළින් ලිංගික කෙළිබඩු තැබීම හෝ ඒවා ලිංගික කෙළිබඩු තුළට ඇතුළු කිරීම
      • ඉරියව්වලින් හැඟවෙන ආකාරයට, පුද්ගලයකුගේ අත, මුඛය හෝ ලිංගික අවයව වෙනත් පුද්ගලයකුගේ ලිංගික අවයව හෝ ගුදය සමග ස්පර්ශ වීමට ආසන්න බවට හඟවන සිදු වීමට ආසන්නව ඇති ලිංගික ක්‍රියාකාරකම්.
    • වෙනත් ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනය:
      • ශිෂ්ණය ප්‍රාණවත් වීම්
      • ලිංගික ක්‍රියාකාරකම්වල අතුරුඵල දක්නට ලැබීම
      • මුඛය මත තබා ඇති හෝ මුඛයට ඇතුළු කර ඇති ලිංගික කෙළිබඩු
      • පිටතට ප්‍රදර්ශනය වන මිනිස් තනපුඩු උත්තේජනය
      • ග්‍රහණය කිරීමෙන් පියයුරුවල හැඩය පැහැදිලිව වෙනස් වීම සහ ඉන් ඇති වන සලකුණු යන දෙක ම පෙන්වන නැවූ ඇඟිලිවලින් සිදු කරන ග්‍රහණය කර ගැනීමේ චලනයක් ලෙස පියයුරු මිරිකීම අර්ථ දැක්වේ. මව්කිරි දීමේ සන්දර්භය තුළ පියයුරු මිරිකීම සඳහා අපි ඉඩ දෙමු.
    • පහත සඳහන් දෑ ඇතුළත් වන අර්චණ කාමය නිරූපණය කරන ඡායාරූපයක් ලෙස දිස්වන/ඩිජිටල් දෘශ්‍ය රූප හෝ සැබෑ කලාත්මක ප්‍රකාශන කලාවන්:
      • පුද්ගලයෙකුගේ හෝ සතෙකුගේ මරණයට මඟ පෑදීමට ඉඩ ඇති ක්‍රියා
      • ශරීර කොටස් වෙන් කිරීම
      • මිනී මස් කෑම
      • මළ, මුත්‍ර, කෙළ, සොටු, ඔසප් වීම හෝ වමනය
      • සතුන් සමග ලිංගික ක්‍රියාවල නිරත වීම
      • ව්‍යභිචාරය
      • ලිංගිකත්වය හඟවන දෑ ද තිබෙන විට පමණක් BDSM (බන්ධනය සහ විනය, ආධිපත්‍යය සහ යටත් වීම, පරපීඩක කාමුකත්වය සහ මැසොකිස්වාදය)
  • වෛද්‍ය හෝ සෞඛ්‍ය සන්දර්භයක් තුළ පැහැදිලි ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනය පිළිබඳ සැබෑ ඡායාරූපයක් ලෙස දිස් වන පින්තූරයක්
  • ලිංගික ක්‍රියාකාරකම්වල දීර්ඝ කළ ශ්‍රව්‍යාංග
  • වෛද්‍ය හෝ සෞඛ්‍ය සන්දර්භ වැනි අමතර විශේෂ සන්දර්භයන් තුළ ඇතැම් සීමාවන් සහිතව ලිංගික ක්‍රියාකාරකම් නිරූපණයට අප විසින් ඉඩ දිය හැකි බව සලකන්න. මෙය වඩාත් විස්තරාත්මකව පහත කොටස්වලින් ආවරණය කෙරේ.
පහත අන්තර්ගතය සඳහා, අපි අන්තර්ගතය නැරඹීමේ හැකියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පරිශීලකයින්ට සීමා කරන අතර අන්තර්ගතය සංවේදී විය හැකි බවට පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා ලේබලයක් ඇතුළත් කරමු:
  • වෛද්‍ය හෝ සෞඛ්‍ය සන්දර්භයක් තුළ පැහැදිලි ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනය පිළිබඳ ඩිජිටල් රූප සහ සැබෑ කලාත්මක ප්‍රකාශන කලාව
  • වෛද්‍ය හෝ සෞඛ්‍ය සන්දර්භයක් තුළ ව්‍යංග හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනය පිළිබඳ සැබෑ ඡායාරූපයක් ලෙස දිස් වන/ඩිජිටල් රූප සහ සැබෑ කලාත්මක ප්‍රකාශන කලාව
  • ලිංගික අනන්‍යතාව තහවුරු කිරීමේ සැත්කම් සන්දර්භය තුළ දෘශ්‍යමාන ලිංගික අවයව, දෘශ්‍ය ගුද මාර්ග, දෘශ්‍යමාන තට්ටම් හෝ දෘශ්‍යමාන කාන්තා තනපුඩුවල සමීප රූප පිළිබඳ සැබෑ ඡායාරූපයක් ලෙස දිස් වන /ඩිජිටල් රූප සහ සැබෑ කලාත්මක ප්‍රකාශන කලාව
  • වෛද්‍ය විද්‍යාත්මක හෝ සෞඛ්‍ය සන්දර්භයක් නොවන අවස්ථාවක රූපයෙන් නිරුවත විදහා දැක්වෙන දෘශ්‍යමාන ලිංගික අවයව (ඩිජිටල් ආවරණයකින් ‌හෝ බොඳ කිරීමෙන් ආවරණය කරන ලද ලිංගික අවයව හෝ යූනික රෝමවලින් පමණක් ආවරණය වූ ලිංගික අවයව ඇතුළුව), දෘශ්‍යමාන ගුදයන්, දෘශ්‍යමාන තට්ටම් හෝ කාන්තා තනපුඩුවල සමීප ඡායාරූපවල සැබෑ කලාත්මක ප්‍රකාශන කලාව
  • සාගතය, ජන සංහාරය, යුද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සන්දර්භය තුළ බෙදා ගන්නා විට, දෘශ්‍යමාන ලිංගික අවයවවල ඡායාරූප සාදෘශ/ඩිජිටල් දෘශ්‍ය රූප (ඩිජිටල් ලෙස ආවරණය කර ඇති හෝ නොපැහැදිලි කර ඇති ලිංගේන්ද්‍රිය සහ යූනික රෝමවලින් වැසී ඇති ලිංගේන්ද්‍රිය ඇතුළුව), දෘශ්‍යමාන තට්ටම්, දෘශ්‍යමාන ගුදයන් හෝ දෘශ්‍යමාන කාන්තා තනපුඩු වල සමීප රූප
පහත අන්තර්ගත සඳහා අපි අන්තර්ගතය බැලීමේ හැකියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා කරන්නෙමු:
  • ඩිජිටල් ආස්තරණයක් මගින් හෝ පාරදෘශ්‍ය වස්තුවකින් හෝ ආවරණය කර ඇති හෝ ඇතැම් අවස්ථාවල වස්ත්‍රවලින් ඇවුරුණු නිරුවත වැනි විනිවිද පෙනෙන ආසන්න නිර්වස්ත්‍රභාවය නිරූපණය කරන ඡායාරූප සාදෘශ/ඩිජිටල් දෘශ්‍ය රූප
  • රූපයෙන් ලිංගික ප්‍රදේශය, තට්ටම් ප්‍රදේශය හෝ ස්ත්‍රී පියයුරු එකක් හෝ දෙක ම හුවා දැක්වෙන පුද්ගලයින්ගේ ඡායාරූප සාදෘශ/ඩිජිටල් දෘශ්‍ය රූප
  • ශරීර හැඩතල හෝ බාහිර හැඩය පමණක් දෘශ්‍යමාන වන විට, පැහැදිලි, ව්‍යංග හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනයක් සහිත ඡායාරූප සාදෘශ/ඩිජිටල් දෘශ්‍ය රූප සහ සැබෑ කලාත්මක ප්‍රකාශන කලාව
  • සැබෑ කලාත්මක ප්‍රකාශන කලාව වන්නේ
    • වෛද්‍ය හෝ සෞඛ්‍ය සන්දර්භයක් තුළ පළ කරන විට හැර, රූප මගින් ව්‍යංග, පැහැදිලි හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනය නිරූපණය කරන දෘශ්‍ය රූප
    • මධ්‍යස්ථ ලෙස හෝ හෙළා දැකීමක් ලෙස බෙදාගෙන ඇත්නම් සහ එහි දී නිරූපණය කර ඇති මිනිසුන් හෝ සතුන් සැබෑ නොවන්නේ නම්, තිරිසන් සතුන් සමග ලිංගික ක්‍රියා නිරූපණය කරන රූප.
  • ව්‍යංග හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම් හෝ උත්තේජනය නිරූපණය කරන හඳුනාගත් ඡායාරූප සාදෘශ කල්පිත දෘශ්‍ය රූප
  • පහත දෑ නිරූපණය කරන ඡායාරූප සාදෘශ/ඩිජිටල් රූප සහ සැබෑ කලාත්මක ප්‍රකාශන කලාව:
    • දිව පෙනෙන ලෙස සිප ගැනීම සහ ලිංගික හෝ කාමුක නර්තනය වැනි ලිංගිකත්වය ආශ්‍රිත ක්‍රියාකාරකම්
    • ලිංගික ක්‍රියාකාරකම් අනුකරණය කරන පුද්ගලයින්
    • ලිංගික අවයව, ස්වයංවින්දනය, මුඛ ලිංගිකත්වය හෝ ලිංගික සංසර්ගය සංකේතවත් කරන අභිනයන්
    • දන්නා අසභ්‍ය වෙබ් අඩවිවල ලාංඡන, තිර රූ හෝ වීඩියෝ ක්ලිප
  • ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රව්‍යාංග අඩංගු අන්තර්ගතය
පහත සඳහන් අන්තර්ගත සඳහා, අන්තර්ගතය සංවේදී විය හැකි බවට පුද්ගලයන් දැනුවත් කරවන අනතුරු ඇඟවීමේ ලේබලයක් අපි ඇතුළත් කරමු:
  • ඡායාරූප සාදෘශ/ ඩිජිටල් රූප සහ සැබෑ කලාත්මක ප්‍රකාශන කලාව නිරූපණය කරන්නේ:
    • වෛද්‍ය විද්‍යාත්මක හෝ සෞඛ්‍ය සන්දර්භයක බෙදාගත් විට, රූපයෙන් නිරුවත විදහා දැක්වෙන දෘශ්‍යමාන ලිංගික අවයව (ඩිජිටල් ආවරණයකින් ‌හෝ බොඳ කිරීමෙන් ආවරණය කරන ලද ලිංගික අවයව හෝ යූනික රෝමවලින් ආවරණය වූ ලිංගික අවයව), දෘශ්‍යමාන තට්ටම් හෝ දෘශ්‍යමාන ගුදවල සමීප ඡායාරූපවල සැබෑ ලෝකයේ කලා කෘතීන්. මීට, උදාහරණ ලෙස පහත දෑ අයත් විය හැකි ය:
      • දරු උපතක් සිදු කිරීමේ හා උපතක් සිදු කිරීමෙන් පසු අවස්ථා
      • පිළිකා හෝ වෙනත් රෝග සඳහා ස්වයං-පරීක්ෂාව
  • වෛද්‍ය හෝ සෞඛ්‍ය සන්දර්භයක් තුළ බෙදා ගත් විට (පයෝධරහරණය හෝ පිළිකාවෙන් දිවි ගලවා ගත් අයගේ පච්ච කොටා ගැනීම ඇතුළුව) දෘශ්‍යමාන කාන්තා තන පුඩු
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
  • ඇතැම් අවස්ථාවල දී, අන්තර්ගතය උපහාසාත්මක බව තීරණය කළ කල්හි එය ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කළ ද, වයස අවුරුදු 18 සහ ඊට වැඩි අය සඳහා ලේබලයක් සහිතව එම අන්තර්ගතයට අපි ඉඩ දෙන්නෙමු. අන්තර්ගතයට ඉඩ දෙනු ලබන්නේ, අන්තර්ගතයේ ඇති උල්ලංඝනය කරනු ලබන කරුණු උපාහාසාත්මක හෝ, යමක් හෝ යමෙකු උපහාසයට හෝ විවේචනයට ලක් කිරීමේ අරමුණින් ඒවා වෙනත් යමකුට හෝ දෙයකට ආරෝපණය කරන්නේ නම් පමණි.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
දත්ත
නවතම ප්‍රජා ප්‍රමිතීන් බලාත්මක කිරීමේ වාර්තාව බලන්න
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
වැඩිහිටි නිරුවත සහ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න