දරුවන් ලිංගික වශයෙන් සූරාකෑම, අපයෝජනය, සහ නිරුවත

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අපි ළමුන් ලිංගිකව සූරාකන හෝ අනතුරට පත් කරන අන්තර්ගතයට හෝ ක්‍රියාකාරකම්වලට ඉඩ නොදෙමු. පැහැදිලිව විද්‍යාමාන වන ළමා ලිංගික සූරාකෑම පිළිබඳව අපි දැනුවත් වූ විට, අදාළ නීතියට අනුකූලව, අතුරුදන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය (NCMEC) වෙත අපි එය වාර්තා කරමු. ඇතැම් අවස්ථාවල දී, පුද්ගලයන් තම දරුවන්ගේ නිරුවත් රූප යහපත් චේතනාවෙන් යුතුව බෙදා ගන්නා බව අපි දනිමු; කෙසේ වෙතත්, වෙනත් අය විසින් අපයෝජනයට ලක් වීමට ඉඩ ඇති බැවින් සහ වෙනත් අය එම රූප නැවත භාවිත කිරීම හෝ අයුතු ලෙස දැක්වීම සඳහා ඇති හැකියාව වළක්වා ගැනීමට සාමාන්‍යයෙන් අපි මෙම රූප ඉවත් කරමු.
විශේෂයෙන් ළමුන් සම්බන්ධයෙන් වන ඔන්ලයින් ආරක්‍ෂණ ගැටලු බලාත්මක කිරීම සහ අපගේ ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීමට සහ සාකච්ඡා කිරීමට Meta ආරක්ෂණ උපදේශක මණ්ඩලය ඇතුළු, බාහිර විශේෂඥයින් සමග ද අපි කටයුතු කරමු. ළමා සූරාකෑමට එරෙහිව සටන් කිරීමට අප භාවිත කරන තාක්ෂණය පිළිබඳ වැඩිදුර දැන ගන්න.
පහත සඳහන් දේවල් පළ කිරීමෙන් වළකින්න:
ළමා ලිංගික සූරාකෑම
ළමයින් (සැබෑ බාල වයස්කරුවන්, සිඟිත්තන් හා අතදරුවන් හෝ චිත්‍ර, AI මගින් ජනනය කළ අන්තර්ගත, කල්පිත චරිත, බෝනික්කන් ආදිය වැනි පුද්ගලයින්ට සමාන සැබෑ නොවන නිරූපණයන් ඇතුළුව) ලිංගිකව සූරා කෑම සම්බන්ධව තර්ජනය කරන, නිරූපණය කරන, එය අගය කරන, ඊට අනුබල සපයන, ඒ සඳහා උපදෙස් ලබා දෙන, එසේ කිරීමේ චේතනාව පිළිබඳ ප්‍රකාශ සිදු කරන, එබන්දකට සහභාගි වූ බවට පිළිගන්නා හෝ ඒ හා සම්බන්ධ සබැඳි බෙදා ගන්නා අන්තර්ගත ක්‍රියාකාරකම් හෝ අනේ‍යොන්‍ය කටයුතු. මීට පහත දෑ ඇතුළු වන නමුත් ඒවාට සීමා නොවේ:
  • ලිංගික සංසර්ගය
    • යටත් පිරිසෙයින් එක් පුද්ගලයකුගේ හෝ ලිංගික අවයව හෝ ගුදය දිස්ව තිබිය දී තවත් පුද්ගලයකුගේ මුඛය හෝ ලිංගික අවයව වෙනත් පුද්ගලයකුගේ ලිංගික අවයව හෝ ගුදය තුළට ඇතුළු කිරීම හෝ ස්පර්ශ කිරීම ලෙස නිර්ණය කරන පැහැදිලිව දිස් වන ලිංගික සංසර්ගය හෝ මුඛීය සංසර්ගය.
    • අත්‍යාසන්නව හෝ කෙලින් ම නොපෙනෙන ලෙස ස්පර්ශ කිරීම ඇතුළුව සිදු වන ව්‍යංග ලිංගික සංසර්ගය හෝ මුඛ සංසර්ගය.
    • අත්‍යාසන්නව හෝ කෙලින් ම නොපෙනෙන ලෙස සිදු වන ක්‍රියාකාරකම් ඇතුළුව සිදු වන ලිංගික අවයව හෝ ගුදය උත්තේජනය කිරීම.
    • සතෙකු සම්බන්ධ කරගෙන සිදු වන ඉහත සඳහන් කිනම් හෝ කරුණක්.
  • පහත ඒවා ඇතුළුව ඒවාට පමණක් සීමා නොවූ ලිංගිකමය සන්දර්භයක සිටින ළමුන්:
    • ප්‍රතිබාධනයන්
    • ලිංගිකව උද්දීපනය වීමක ලකුණු
    • ලිංගික අවයව හෝ ගුදය ඉස්මතු කොට දක්වන
    • ලිංගිකව උද්දීපනය වූ වැඩිහිටියෙකු සිටීම
    • ලිංගික ක්‍රීඩා භාණ්ඩ තිබීම හෝ ලිංගික උද්දීපනය, තෘප්තිය හෝ ලිංගික අපයෝජනය උදෙසා කිනම් හෝ වස්තුවක් භාවිත කිරීම
    • ලිංගිකත්වය විදහා පාන ඇඳුම් ආයිත්තම්
    • ඇඳුම් ගළවා දැමීම
    • සැලසුම් කළ වටපිටාවක (නිදසුනක් ලෙස, ඇඳක් මත) හෝ වෘත්තීයමය ලෙස රූගත කළ දර්ශන (ගුණාත්මකභාවය/නාභිගත කිරීම/දර්ශන කෝණයන්)
    • මුඛය විවෘත කර සිප ගැනීම
    • මිනිස් තනපුඩු උත්තේජනය කිරීම හෝ කාන්තා පියයුරු මිරිකීම (මව්කිරි දීමේ සන්දර්භයක දී හැර)
    • ලිංගික ක්‍රියාකාරකම්වල අතුරුඵල දක්නට ලැබීම
  • අර්චණකාමී (විවිධ වස්තූන්ට අසාමාන්‍ය ලෙස ලොල් වී කරන ලිංගික ක්‍රියා) සන්දර්භයක ළමුන් සිටින අන්තර්ගතය
  • දරුවන් කෙරේ ඇති කාමුකත්වය පිළිබඳ සෞඛ්‍ය සන්දර්භයක් තුළ මධ්‍යස්ථව සාකච්ඡා කිරීම හැර, ඒවාට සහභාගී වීමට සහාය වන, ප්‍රවර්ධනය කරන, අනුබල දෙන හෝ එසේ කිරීම දිරිමත් කරන අන්තර්ගතය
  • ළමා ලිංගික සූරාකෑමට ලක් වූවන් ලෙස කියා පාන වින්දිතයන්ව නමෙන් හෝ රූපයෙන් හඳුනා ගන්නා හෝ සමච්චල් කරන අන්තර්ගතයන්
පෙළඹවීම
දරුවන් නිරූපණය කරන හෝ දරුවන් හා සම්බන්ධ වන ලිංගික අන්තර්ගත හෝ ක්‍රියාකාරකම් සඳහා පොළඹවනසුලු අන්තර්ගතය නිර්වචනය කරනුයේ:
  • ළමා ලිංගික අපහරණ ද්‍රව්‍ය (CSAM)
  • සැබෑ හෝ සැබෑ නොවන ළමුන්ගේ නිරුවත් රූප
  • සැබෑ හෝ සැබෑ නොවන ළමුන්ගේ කාමෝද්දීපක රූප
දරුවන් සමඟ සිදු කරන නොමනා අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම්
පහත සඳහන් ආකාරයෙන් දරුවන් සමඟ වන නොමනා අන්තර්ක්‍රියාවලින් සමන්විත හෝ ඒවාට පහසුකම් සලසන අන්තර්ගතය:
  • දරුවන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඉල්ලා සිටීම, සැලසුම් කිරීම හෝ ඒ සඳහා කටයුතු යෙදීම
  • ලිංගික සංවාද මඟින් ලිංගික ක්‍රියාකාරකම්වල නියැළීමට දරුවන් පොළඹවා ගැනීම හෝ අරමුණු සහගත ලෙස ලිංගික ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ තැබීම හරහා හෝ පුද්ගලික පණිවිඩ මඟින් ඒව‍ා ළමයින්ට පිරිනැමීම, ප්‍රදර්ශනය කිරීම හෝ ළමයින්ගෙන් ලබා ගැනීම හෝ ඉල්ලා සිටීම
  • දරුවන් සමග පුද්ගලික පණිවිඩ හරහා වක්‍රාකාරයෙන් ලිංගික සංවාද පැවැත්වීම
  • පුද්ගලික පණිවිඩවලින් දරුවන්ගෙන් ලිංගිකමය දෑ ලබා ගැනීම හෝ ඉල්ලා සිටීම
ලිංගිකමය සුරාකෑම පෙන්වන සමීප රූප සහ ලිංගික දර්ශන මුදාහරින බවට කරන තර්ජනය
පහත සඳහන් ආකාරයෙන් සැබෑ දරුවන් සූරාකෑමට උත්සාහ කරන අන්තර්ගතය:
  • සැබෑ හෝ සැබෑ නොවන රහස්‍ය තොරතුරු හෝ දෘශ්‍යමය තොරතුරු හෙළි කිරීමට තර්ජනය කරමින් මුදල්, සංග්‍රහයන්, හෝ රහස්‍ය දෘශ්‍යමය තොරතුරු බලහත්කාරයෙන් ලබා ගැනීම
  • පෞද්ගලික ලිංගික සංවාද හෝ සැබෑ හෝ සැබෑ නොවන සමීප රූප බෙදා ගැනීම, තර්ජනය කිරීම හෝ එසේ බෙදා ගැනීමට ඇති අභිප්‍රාය ප්‍රකාශයට පත් කිරීම
දරුවන්ට ලිංගිකත්වයක් ආරෝපණය කිරීම
  • සැබෑ හෝ සැබෑ නොවන දරුවන්ට ලිංගිකත්වයක් ආරෝපණය කර පෙන්වන අන්තර්ගත (ඡායාරූප, වීඩියෝ, සැබෑ ලෝකයේ කලා, ඩිජිටල් අන්තර්ගත සහ වාචික නිරූපණයන් ඇතුළුව)
  • සැබෑ හෝ සැබෑ නොවන ළමුන්ට ලිංගිකත්වයක් ආරෝපණය කිරීමට වෙන් වී ඇති සමූහ, පිටු හා ප්‍රොෆයිල
ළමා නිරුවත
පහත ආකාරයට නිරුවත යන්න අර්ථ දැක්වෙන සන්දර්භයක, සැබෑ හෝ සැබෑ නොවන ළමා නිරුවත ලෙස නිරූපණය වන අන්තර්ගත:
  • සැබෑ හෝ සැබෑ නොවන ළමුන්ගේ ලිංගික ප්‍රදේශවල සමීප ඡායාරූප
  • පහත දෑ පෙන්වන සැබෑ හෝ සැබෑ නොවන සිඟිත්තන්:
    • විනිවිද පෙනෙන ඇඳුම්වලින් අපැහැදිලිව පෙනෙන විට හෝ ආවරණය වූ විට පවා ලිංගේන්ද්‍රිය පෙනෙන
    • ගුදය සහ/හෝ සම්පූර්ණයෙන් නිරුවත් තට්ටම් සමීපව පෙනෙන
  • පහත දෑ පෙන්වන සැබෑ හෝ සැබෑ නොවන බාලවයස්කාර දරුවන්:
    • දෘශ්‍යමාන වන ලිංගේන්ද්‍රිය (යූනික රෝම හෝ විනිවිද පෙනෙන ඇඳුම්වලින් පමණක් අපැහැදිලිව පෙනෙන ලිංගේන්ද්‍රිය ඇතුළුව)
    • ගුදය සහ/හෝ සම්පූර්ණයෙන් නිරුවත් තට්ටම් සමීපව පෙනෙන
    • නිරාවරණය වූ ස්ත්‍රී තනපුඩු
    • බෙල්ලේ සිට දණහිස දක්වා ඇඳුම් නොමැති - ලිංගේන්ද්‍රිය හෝ ගැහැණු තනපුඩු නොපෙන්වන විට පවා
  • සැබෑ නොවන රූපමය තොරතුරු භාවිත කරන්නේ සෞඛ්‍ය අරමුණු හෝ සැබෑ ලෝකයේ කලාව තුළ දරුවකුගේ නිරුවත නිරූපණය කිරීම උදෙසා නොවන්නේ නම්
ලිංගිකමය නොවන ළමා අපයෝජනය
අදාළ රූපය කාටූන්, චිත්‍රපට හෝ වීඩියෝ ක්‍රීඩා වැනි සැබෑ ලෝකයේ කලාව සඳහා වන්නේ නම් විනා, බෙදාගැනීමේ චේතනාව කුමක් වුව ද ලිංගිකමය නොවන ළමා අපයෝජනය නිරූපණය කරන වීඩියෝ හෝ ඡායාරූප
ලිංගිකමය නොවන ළමා අපයෝජනයට ප්‍රශංසා කරන, සහාය දෙන, ඊට පක්ෂව ප්‍රසිද්ධියේ පෙනී සිටින, ඒ සඳහා උපදෙස් දෙන හෝ සහභාගීත්වය දිරිමත් කරන අන්තර්ගතය
අපගේ දරුවන්ව ලිංගික වශයෙන් සූරාකෑම, අපයෝජනය සහ නිරුවත පිළිබඳ ප්‍රතිපත්ති (CSEAN) උල්ලංඝනය කරන ගිණුම් ඉවත් කිරීමට අමතරව, අනවශ්‍ය හෝ අනාරක්ෂිත විය හැකි අන්‍යෝන්‍ය කටයුතු වැළැක්වීමට උපකාරී වීම පිණිස අපගේ සමාලෝචකයන් සහ ස්වයංක්‍රීය පද්ධති මඟින් පුළුල් පරාසයක සංඥා සැලකිල්ලට ගනු ලැබේ.
  • වැඩිහිටියන් අනෙක් ගිණුම් සමග සිදු කරන අන්‍යෝන්‍ය කටයුතු , උල්ලංඝනය කළ අන්තර්ගතය (උදා. කැමැත්ත දැක්වීම හෝ සුරැකීම) සඳහා සිදු කර ඇති සෙවීම් හෝ අන්තර්ක්‍රියා, හෝ අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉවත් කර ඇති ප්‍රජාවන්ගේ (උදා: සමූහ) සාමාජිකත්වය ආදී කරුණු පදනම් කරගෙන අප විසින් ඔවුන්ගේ ගිණුම් අබල කිරීමට හෝ නිෂ්පාදන සහ විශේෂාංග සඳහා ප්‍රවේශය (උදා. ඇතැම් ගිණුම් අනුගමනය කිරීමේ හැකියාව) සීමා කිරීමට ඉඩ ඇත.
පහත අන්තර්ගතය සඳහා, එකී අන්තර්ගතයෙන් සිත වික්ෂිප්ත විය හැකි බව පුද්ගලයන්ට දැන ගැනීමට සලස්වන අනතුරු ඇඟවීමේ තිරයක් අප ඇතුළත් කරන අතර එය බැලීමේ හැකියාව වයස අවුරුදු දහ අට සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා කරනු ලැබේ:
  • ලිංගිකමය නොවන ළමා අපයෝජනය සිදු කරන පොලිස් නිලධාරීන් හෝ හමුදා නිලධරයන් දක්වන විඩියෝ හෝ ඡායාරූප
  • දරුවෙකු නැවත ආරක්ෂා සහගත තත්ත්වයකට ගෙන ඒමේ අරමුණ අවධාරණය කිරීම පිණිස අන්තර්ගතය වේදිකාව මත තබාගත යුතු බවට නීතිය බලාත්මක කිරීමේ ආයතන, ළමා ආරක්ෂණ නියෝජිතායතන හෝ විශ්වසනීය ආරක්ෂණ හවුල්කරුවන් ඉල්ලා සිටින විට ලිංගික නොවන ළමා අපයෝජනයට ලක් වීමේ වීඩියෝ හෝ ඡායාරූප
අන්තර්ගතය ඇතැමුන් තුළ කම්පනයක් ඇති කළ හැකි බව පුද්ගලයන්ට දැන ගත හැකි පරිදි අපි පහත සඳහන් අන්තර්ගත සඳහා සංවේදිතා තිරයක් ඇතුළත් කරන්නෙමු:
  • ආගමික චාරිත්‍රයක් අනුගමනය කිරීමේ සන්දර්භය තුළ දරුවෙකු ප්‍රචණ්ඩ ලෙස ජලයේ ගිල්වීම පෙන්වන විඩියෝ හෝ ඡායාරූප
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
පහත සඳහන් අන්තර්ගතයන් සඳහා, අන්තර්ගතය සංවේදී විය හැකි බවට ජනතාව දැනුවත් කරවන අනතුරු ඇඟවීමේ ලේබලයක් අපි ඇතුළත් කරමු:
  • සාගතය, ජන සංහාරය, යුද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සන්දර්භය තුළ ළමා නිරුවත නිරූපණය කරන පුවත් නියෝජිතායතන විසින් පළ කරනු ලබන දෘෂ්‍යමය තොරතුරු, උල්ලංඝනය කිරීමේ සිරස්තලයක් යටතේ හෝ උල්ලංඝනය කිරීමේ සන්දර්භයක් තුළ බෙදා නොගන්නේ නම්, එම අවස්ථාවේ දී අන්තර්ගතය ඉවත් කරනු ලැබේ
පුවත් මාධ්‍ය හවුල්කරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් විශ්වසනීය ආරක්ෂණ හවුල්කරුවන් විසින් වාර්තා කළ විටෙක දී ලිංගිකමය නොවන ළමා අපයෝජනයේ ප්‍රතිඵල පෙන්වන රූප අප විසින් ඉවත් කරනු ලැබීමට ඉඩ ඇත.
අන්තර්ගතයට යම් පුද්ගලයකුගේ අනන්‍යතාව හෙළි කිරීමට ඉඩ ඇති තොරතුරු ඇතුළත් වන්නේ නම්, නම හෝ පින්තූර හැරුණු කොට වෙනත් ආකාරයකින් ළමා ලිංගික සූරාකෑමක වින්දිතයන් ලෙස සඳහන් කරන අය හඳුනාගන්නා අන්තර්ගත අප විසි ඉවත් කිරීමට ඉඩ ඇත.
නීතිය බලාත්මක කිරීමේ ආයතන, රජය, විශ්වාසදායී හවුල්කරුවකු විසින් ඉල්ලා සිටින විටක හෝ බාලවයස්කරුවා විසින් තමා ම හෝ බාලවයස්කරුවාගේ මාපිය/නීත්‍යනුකූල භාරකුරු විසින් අන්තර්ගතය පිළිබඳ පැමිණිලි කරන විටක, අප්‍රසිද්ධ බාලවයස්කරුවකු හඳුනා ගැනීමේ අරමුණින් තනා ඇති අන්තර්ගත අදාළ බාලවයස්කරුවාගේ ආරක්ෂාවට අවදානමක් ඇති කරන්නේ නම්, අප විසින් ඒවා ඉවත් කරනු ලැබීමට ඉඩ ඇත
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
දත්ත
නවතම ප්‍රජා ප්‍රමිතීන් බලාත්මක කිරීමේ වාර්තාව බලන්න
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
ළමා ලිංගික සූරාකෑම, අපයෝජනය සහ නිරුවත පිළිබඳව උදව් ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න