අයුතු බලපෑම් කිරීම සහ හිංසනය

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අයුතු බලපෑම් කිරීම සහ හිංසනය බොහෝ ස්ථානවල සිදු වන අතර තර්ජන කිරීම් සහ පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු මුදා හැරීමේ සිට තර්ජනාත්මක පණිවිඩ යැවීම සහ අනවශ්‍ය ද්වේෂ සහගත සබඳතා ඇති කර ගැනීම දක්වා විවිධ ආකාරවලින් පැමිණේ. මෙවැනි හැසිරීම් Facebook, Instagram සහ Threads තුළ පුද්ගලයන්ට ආරක්ෂිත සහ ගෞරවනීය හැඟීමක් ඇතිවීම වළක්වන බැවින් අපි ඒවා නොඉවසමු.
ප්‍රවෘත්තිවල දක්නට ලැබෙන හෝ විශාල මහජන ප්‍රේක්ෂක පිරිසක් සිටින පුද්ගලයන් පිළිබඳ නිරතුරුව විචාරාත්මක විවරණ ප්‍රකාශන ඇතුළත් සාකච්ඡාවට ඉඩ දීමට අපට අවශ්‍ය බැවින් අපි ප්‍රසිද්ධ චරිත සහ සාමාන්‍ය පුද්ගලයන් අතර වෙනස පැහැදිලිව වටහා ගනිමු. ප්‍රසිද්ධ චරිත සඳහා, බරපතළ මෙන් ම ප්‍රසිද්ධ චරිතය සෘජුව ම පෝස්ටුවේ හෝ අදහසේ ටැග් කර ඇති නිශ්චිත නිග්‍රහ කිරීම් අපි ඉවත් කරමු. අපි ප්‍රසිද්ධ චරිත රාජ්‍ය සහ ජාතික මට්ටමේ රජයේ නිලධාරීන්, එම කාර්යාල සඳහා දේශපාලන අපේක්ෂකයින්, මිලියනයකට අධික රසිකයන් හෝ සමාජ මාධ්‍යවල අනුගාමිකයින් සිටින පුද්ගලයින් සහ සැලකිය යුතු පුවත් ආවරණයක් ලබන පුද්ගලයින් ලෙස අපි නිර්වචනය කරමු.
සාමාන්‍ය පුද්ගලයන් සඳහා, අපගේ ආරක්ෂාව තවත් විහිදී යයි: නිදසුන් ලෙස, යමෙකුගේ ලිංගික ක්‍රියාකාරකම් වන බවට ශපථ කරන අන්තර්ගත ඇතුළුව, අවමන් කිරීමට හෝ ලැජ්ජාවට පත් කිරීමට අදහස් කරන අන්තර්ගතය අපි ඉවත් කරමු. අයුතු බලපෑම් කිරීම සහ හිංසනය බාල වයස්කරුවන්ට වඩාත් චිත්තවේගීය බලපෑමක් ඇති කළ හැකි බව අපි හඳුනා ගන්නා බැවින්, අපගේ ප්‍රතිපත්ති, පරිශීලක තත්ත්වය නොසලකා, වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයකු සඳහා අධික ආරක්ෂාවක් සපයයි.
සන්දර්භය සහ ආධ්‍යාෂය වැදගත් වන අතර, යමක් බෙදාගෙන ඇත්තේ අයුතු බලපෑම් කිරීම සහ පීඩාවට පත් කිරීම හෙළා දැකීමේ හෝ ඒ කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් බව පැහැදිලිව පෙනී යන්නේ නම්, අපි පුද්ගලයන්ට පළ කිරීම් හෝ බෙදා ගැනීම් සිදු කිරීමට ඉඩ ලබා දෙන්නෙමු. ඉලක්කගත පුද්ගලයකු තමා විසින් ම පැමිණිල්ලක් කිරීම එකී පුද්ගලයාට තමා අයුතු බලපෑමකට හෝ පීඩා කිරීමකට ලක් වූ බවට හැඟෙන බව වටහා ගැනීමට අපට උපකාරී වන බැවින් ඇතැම් අවස්ථාවන්හි දී, අපි තමා විසින් ම පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටිමු. එවැනි හැසිරීමක් සහ අන්තර්ගතයක් පැමිණිලි කිරීමට අමතරව, ඒවායෙන් ආරක්ෂා වීමට උදව් කිරීම සඳහා අපගේ වේදිකාවල තිබෙන මෙවලම් භාවිත කිරීමට අපි පුද්ගලයන් උනන්දු කරමු.
අයුතු බලපෑම් කිරීමට සහ අනෙකුත් අර්බුදයන් ආශ්‍රිත ගැටලු සඳහා සහාය සොයන නව යෞවන අය, දෙමව්පියන් සහ අධ්‍යාපනඥයින් සඳහා සම්පතක් වන, අයුතු බලපෑම් නිවාරණ මධ්‍යස්ථානයක් ද අප සතු වේ. එය අයුතු බලපෑම් කිරීම පිළිබඳ වැදගත් සංවාද අරඹන්නේ කෙසේ ද යන්න පිළිබඳ තොරතුරු ඇතුළුව, පියවරෙන් පියවර මඟ පෙන්වීම සපයයි. අයුතු බලපෑම් කිරීමෙන් සහ හිංසනයෙන් ජනතාව ආරක්ෂා කිරීමට අප සිදු කරන්නේ කුමක් ද යන්න පිළිබඳ මෙතනින් වැඩිදුර දැන ගන්න.
සටහන: මෙම ප්‍රතිපත්තිය භයානක සංවිධාන සහ පුද්ගලයන් පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ නම් කරන ලද සංවිධානවල කොටසක් වන පුද්ගලයින්ට හෝ 1900 ට පෙර මියගිය පුද්ගලයින්ට අදාළ නොවේ.
1 වැනි ස්ථරය: සියලු දෙනා සඳහා ම සාර්වත්‍ර ආරක්ෂණ:
  • සෑම කෙනෙකු ම මෙයින් ආරක්ෂා වේ:
    • පහත ආකාරයේ අනවශ්‍ය ඇමතුම්:
      • නැවත නැවතත් සිදු කරන හෝ
      • ලිංගික හිංසනයක් ඇති කරන හෝ
      • පූර්ව ඉල්ලීමක් නොමැතිව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් වෙත යොමු කරන.
    • නිශ්චිත පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයින් කණ්ඩායමක් විසින් තමාට ම අනතුරක් සිදු කර ගැනීම හෝ සිය දිවි නසා ගැනීමට මෙහෙයවන ප්‍රකාශ.
    • ලිංගික අතවර, ලිංගික සූරාකෑම, ලිංගික හිරිහැර, හෝ ගෘහස්ථ අපයෝජනය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් මත පදනම් වූ පහර ගැසීම්.
    • ලිංගික ක්‍රියාකාරකමක නිරත වීමේ හෝ ලිංගික ක්‍රියාකාරකමක නිරත වීමට අනුබල දීමේ අභිප්‍රායෙන් සිදු කරන ප්‍රකාශ.
    • දැඩි ලිංගිකත්වයක් ආරෝපණය කළ විවරණ.
    • ලිංගිකත්වයක් ආරෝපණය කළ පරිභවාත්මක ෆොටෝෂොප් හෝ චිත්‍ර
    • ලිංගික ක්‍රියාකාරකම්වලට අදාළ අවමන් සහගත යෙදුම් හරහා පහර ගැසීම් (උදාහරණයක් ලෙස: වෛශ්‍යාව, ගණිකාව).
    • ප්‍රචණ්ඩ ඛේදවාචකයක් සිදු නොවූ බවට සිදු කරන ප්‍රකාශ.
    • පහත සඳහන් ප්‍රකාශ ඇතුළුව, ප්‍රචණ්ඩ ඛේදවාචකයකට හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු වීම ගැන පුද්ගලයන් බොරු කියන බවට වන ප්‍රකාශ:
      • නිශ්චිත සිදුවීමක ගොදුරක් ලෙස රඟපෑම හෝ පෙනී සිටීම හෝ
      • අදාළ සිදුවීම සම්බන්ධව සිය භූමිකාව පිළිබඳ පුද්ගලයන් නොමග යැවීමට ගෙවීම් සිදු කරන හෝ රැකියාවේ යෙදවීම.
  • පුද්ගලයෙකුගේ පුද්ගලික දුරකථන අංකය, පදිංචි ලිපිනය, ඊමේල් ලිපිනය හෝ වෛද්‍ය වාර්තා මුදා හැරීමේ තර්ජන (පෞද්ගලිකත්ව උල්ලංඝන ප්‍රතිපත්තියේ අර්ථ දක්වා ඇති පරිදි).
  • හිරිහැර කිරීම සහ/හෝ හිරිහැර කිරීම සඳහා කටයුතු කිරීම හෝ අභිප්‍රාය ප්‍රකාශ කිරීම.
  • ඔසප් වීම, මුත්‍රා කිරීම, වමනය හෝ මලපහ කිරීම යන ක්‍රියාවලියේ නිරත හෝ එම ක්‍රියාවලියෙන් වහාම පසුව නිරූපිත පුද්ගලයන් කෙරෙහි පහත් කරන හෝ පිළිකුල ප්‍රකාශ කරන අන්තර්ගතය
  • සෑම කෙනෙකුම පහත සඳහන් දේවලින් ආරක්ෂා කෙරෙන නමුත් වැඩිහිටි ප්‍රසිද්ධ පුද්ගලයින් හිතාමතාම නිරාවරණය විය හැක්කේ:
    • මරණය තර්ජන සහ රෝගී තත්වයක් වැළඳීමට හෝ වර්ධනය වීමට පක්ෂව ප්‍රකාශ.
    • මරණය හෝ රෝගී තත්ත්වයක් සැමරීම හෝ ඒ පිළිබඳ සමච්චල් කිරීම.
    • ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදන පිළිබඳ ප්‍රකාශ.
    • ශාරීරික පෙනුම ගැන පහත් කොට සැලකීමේ ප්‍රකාශ.
2 වන ස්ථරය: සියලුම බාලවයස්කරුවන්, පුද්ගලික වැඩිහිටියන් සහ ප්‍රසිද්ධිය සීමිත විෂය පථයකට සීමා වන ප්‍රසිද්ධ පුද්ගලයින් සඳහා අමතර ආරක්ෂණ (උදාහරණයක් ලෙස, මූලික කීර්තිය සිය ක්‍රියාකාරීත්වයට, පුවත්පත් කලාවට හෝ ස්ව කැමැත්තෙන් තොරව ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයන්):
  • සෑම කෙනෙකු සඳහා ම සාර්වත්‍ර ආරක්ෂාවට අමතරව, සියලුම බාලවයස්කරුවන් (සාමාන්‍ය පුද්ගලයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්), පුද්ගලික වැඩිහිටියන් සහ ප්‍රසිද්ධිය සීමිත විෂය පථයකට සීමා වන පුද්ගලයින් පහත දෑවලින් ආරක්ෂා වේ:
    • වැඩිහිටියන්ට එරෙහි සාපරාධී චෝදනා සන්දර්භය හැර, ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රකාශ කිරීම (අනුමැතිය ලබා ගැනීමකින් තොරව සිදු කරන ලිංගික ස්පර්ශ).
    • තවත් වැඩිහිටියෙකු සම්බන්ධයෙන් ලිංගිකත්වය ආරෝපණය කරන අන්තර්ගතය (බාල වයස්කරුවන් සම්බන්ධයෙන් ලිංගිකත්වය අරෝපණය කිරීම ළමා ලිංගික සූරාකෑම, අපයෝජනය සහ නිරුවත පිළිබඳ ප්‍රතිපත්තිය තුළ ආවරණය කෙරේ).
  • සියලුම බාලවයස්කරුවන් (සාමාන්‍ය පුද්ගලයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්), පුද්ගලික වැඩිහිටියන් සහ ප්‍රසිද්ධිය සීමිත විෂය පථයකට සීමා වන පුද්ගලයින්) පහත සඳහන් දේවලින් ආරක්ෂා වන, නමුත් බාලවයස්කාර ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් වන විට, ඔවුන්ව චේතනාන්විතව නිරාවරණය කළ යුතු ය:
    • මනුෂ්‍ය නොවන දේට සන්දන්දනය කිරීම (ලිඛිත හෝ දෘශ්‍ය ආකාරයෙන්):
      • සංස්කෘතිකමය වශයෙන් පහත් ලෙස සැලකෙන උපමානුෂික ජීවීන් ඇතුළු සතුන් සහ කෘමීන්.
      • බැක්ටීරියා, වෛරස්, ක්ෂුද්ර ජීවීන් සහ රෝග.
      • කුණු, අපවිත්‍ර දෑ, අසූචි ඇතුළු අජීවී වස්තු.
  • විශේෂිත කායික ලක්ෂණ (නාසය, කන් යනාදිය) වෙත අවධානය යොමු කිරීමට, රවුම් කිරීමට හෝ වෙනත් ආකාරයකින් සෘණාත්මකව අවධානය යොමු කිරීමට හසුරුවන ලද අන්තර්ගතය.
  • කායික පෙනුම හෝ චරිත ලක්ෂණ මත පදනම්ව ඔවුන්ව ශ්‍රේණිගත කරන අන්තර්ගතය.
  • ශාරීරිකව හිරිහැරයට ලක්වන බවට නිරූපිත පුද්ගලයන් පහත් කරන අන්තර්ගතය (සටන්-ක්‍රීඩා සන්දර්භය තුළ හැර).
3 වැනි ස්ථරය: පුද්ගලික බාලවයස්කරුවන්, පුද්ගලික වැඩිහිටියන්, සහ බාලවයස්කාර ස්ව කැමැත්තෙන් තොරව ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින් සඳහා අමතර ආරක්ෂණ:
  • ඉහත ලැයිස්තුගත කර ඇති සියලුම ආරක්‍ෂාවන්ට අමතරව, සියලුම පුද්ගලික බාලවයස්කරුවන්, පුද්ගලික වැඩිහිටියන් (ස්වයං-වාර්තා කළ යුතු) සහ සුළු ස්ව කැමැත්තෙන් තොරව ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින්ගෙන් ආරක්ෂා වන්නේ:
    • ඉලක්කගත අවලාද.
    • ආදර සම්බන්ධයකට යොමු වීම, ලිංගික නැඹුරුව හෝ ලිංගික අනන්‍යතාවය පිළිබඳ කියා පෑම්.
    • බැහැර කිරීම වෙනුවෙන් පෙනී සිටින හෝ සහාය දෙන පෙළඹවීම්, අභිප්‍රාය ප්‍රකාශ කිරීම්, අභිලාෂී හෝ කොන්දේසි සහිත ප්‍රකාශ.
    • වැඩිහිටියන්ට එරෙහි සාපරාධී චෝදනා කිරීමේ හෝ ව්‍යාපාරික සමාලෝචන සන්දර්භයක දී හැර, අයහපත් චරිතය හෝ හැකියාව පිළිබඳ කියා පෑම්.
    • අවඥා සහගත හෝ පිළිකුළ දක්වන ප්‍රකාශ හෝ වැඩිහිටියන්ට එරෙහි සාපරාධී චෝදනා සන්දර්භය තුළ හැර, පුද්ගලයෙකුගේ පැවැත්ම ප්‍රතික්‍ෂේප කරන ප්‍රකාශ.
  • තමා විසින් ම පැමිණිලි කළ විට, පුද්ගලික බාල වයස්කරුවන්, පුද්ගලික වැඩිහිටියන් සහ බාලවයස්කාර ස්ව කැමැත්තෙන් තොරව ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයන් පහත ඒවාගෙන් ආරක්ෂා වේ:
    • උත්තම පුරුෂයෙන් කෙරෙන හිරිහැර කිරීම්.
    • අනවශ්‍ය ලෙස හසුරුවන ලදී රූප.
    • කායික පෙනුම මත පදනම්ව වෙනත් ප්‍රසිද්ධ, මනඃකල්පිත හෝ සාමාන්‍ය පුද්ගලයන් සමග සංසන්දනය කිරීම.
    • ආගමික අනන්‍යතාවය හෝ දේවාපහාසය පිළිබඳ කියා පෑම්
    • සංස්කෘතිකමය වශයෙන් බුද්ධිමය හෝ ශාරීරිකව පහත් කොට නොසලකන සතුන් හෝ කෘමීන් ("ව්‍යාඝ්‍රයා" "සිංහයා") සමග කරන සැසඳීම්.
    • උදාසීන හෝ යහපත් ශාරීරික විස්තර.
    • අයහපත් නොවන චරිතය හෝ හැකියාව පිළිබඳ කියා පෑම්.
    • ලිංගික ක්‍රියාකාරකම්වල අඩුපාඩු ආශ්‍රිත පරිභවාත්මක වචන හරහා නිග්‍රහ කිරීම.
4 වැනි ස්ථරය: පුද්ගලික බාල වයස්කරුවන් සඳහා පමණක් අමතර ආරක්ෂණ:
  • අපගේ ප්‍රතිපත්තිය යටතේ බාල වයස්කරුවන්ට උපරිම ආරක්ෂාව ලැබේ. ඉහත ලැයිස්තුගත කර ඇති සියලුම ආරක්ෂණවලට අමතරව, පුද්ගලික බාලවයස්කරුවන් ද ආරක්ෂා කර ඇත:
    • සාපරාධී හෝ නීති විරෝධී හැසිරීම් පිළිබඳ චෝදනා.
    • ඕනෑම සන්දර්භයක බෙදාගන්නා ලද බාල වයස්කරුවන් ශාරීරිකව අයුතු බලපෑමට ලක් කිරීමේ දර්ශන සහිත වීඩියෝ.
    • ස්ත්‍රී ලිංගිකත්වයට අපහාස වන පරුෂ වචන ආශ්‍රිත පරිභවාත්මක යෙදුම්.
පිටු, සමූහ, සිදුවීම් සහ පණිවිඩ ඔස්සේ අයුතු බලපෑම් කිරීම සහ පීඩාවට පත් කිරීම
  • 1 සිට 4 දක්වා ස්ථරවල ආරක්ෂාව පිටු, සමූහ, සිදුවීම් සහ පණිවිඩ මත ද බලාත්මක කර ඇත.
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
පහත සඳහන් දේවල් කිරීමෙන් වළකින්න:
  • අනවශ්‍ය පිටු, සමූහ සහ විශේෂ අවස්ථා ඔස්සේ සාමාන්‍ය පුද්ගලයන් ඉලක්ක කරගත් අන්තර්ගතයන් පළ කිරීම. මෙම අන්තර්ගතය පිළිබඳ ඉලක්කගත පුද්ගලයා හෝ ඉලක්කගත පුද්ගලයාගේ බලය ලත් නියෝජිතයකු විසින් පැමිණිලි කළ විට අපි එය ඉවත් කරන්නෙමු.
  • වෙනත් ආකාරයකින් ඉලක්කගත පුද්ගලයාට අන්තර්ගතයන් ගැන පැමිණිලි කිරීමට සිදු වන හෝ පළ කරන්නා ඍජුව ම ඉලක්කගත පුද්ගලයා අරමුණු කරන බවට අන්තර්ගතයෙන් හැඟවෙන අවස්ථාවන්හි දී (උදාහරණ ලෙස: ඉලක්කගත පුද්ගලයා පෝස්ටුවේ හෝ අදහස් දැක්වීමක ටැග් කර ඇති) ඉහතින් විස්තර කර ඇති අන්තර්ගත පළ කිරීම. අන්තර්ගතයන් අනවශ්‍ය බව ඉලක්කගත පුද්ගලයාගෙන් හෝ ඉලක්කගත පුද්ගලයාගේ (ජීවත්ව සිටින හෝ මියගිය) බලයලත් නියෝජිතයෙකුගෙන් තහවුරු කිරීමක් ඇත්නම් අපි මෙම අන්තර්ගතයන් ඉවත් කරන්නෙමු.
  • අපගේ ප්‍රතිපත්ති යටතේ අයුතු බලපෑම් කිරීම් සහ හිංසන ලෙස සුදුසුකම් ලබන හැසිරීම් සඳහා කැඳවමින් හෝ ඒවායේ නිරත වීමේ චේතනාවක් ප්‍රකාශ කරමින් අන්තර්ගතයන් පළ කිරීම. අන්තර්ගතයන් අනවශ්‍ය බව ඉලක්කගත පුද්ගලයා හෝ ඉලක්කගත පුද්ගලයාගේ බලයලත් නියෝජිතයෙකු විසින් තහවුරු කර ඇති විට අපි මෙම අන්තර්ගතයන් ඉවත් කරන්නෙමු.
  • ප්‍රසිද්ධ පුද්ගලයෙකුට ලිංගිකත්වයක් ආරෝපණයට කරන පළ කිරීම් සිදු කිරීම. අන්තර්ගතයන් අනවශ්‍ය බව ඉලක්කගත පුද්ගලයා හෝ ඉලක්කගත පුද්ගලයාගේ බලයලත් නියෝජිතයෙකු විසින් තහවුරු කර ඇති විට අපි මෙම අන්තර්ගතයන් ඉවත් කරන්නෙමු.
  • ලබන්නා ලිංගික හිංසනයකට ලක් කරන සම්බන්ධයකට මුල පිරීම. සබඳතාව අනවශ්‍ය බවට ලබන්නා හෝ ලබන්නාගේ නියෝජිතයකු විසින් තහවුරු කරන විට අනවශ්‍ය සන්දර්භයක දී බෙදා ගන්නා ලද අන්තර්ගත අපි ඉවත් කරන්නෙමු.
  • පහත අවස්ථාවන්හි දී ඉලක්කගත පොදු හිංසනයන් ඉවත් කිරීම:
    • ඕනෑම විටෙක පහත අයුරින් නිර්වචනය වන ‘මාර්ගගත නොවන හානිය සඳහා ඉහළ අවදානමක් ඇති පුද්ගලයන්’ ඉලක්ක ගත කරන විට:
      • මානව හිමිකම් ආරක්ෂා කරන්නන්
      • බාල වයස්කරුවන්
      • ප්‍රචණ්ඩ අවස්ථා/ඛේදාන්තවල වින්දිතයින්
      • මැතිවරණ කාලවල අවදානම් සහගත රටවල විපක්ෂයේ චරිත
      • මැතිවරණ නිලධාරීන්
      • තම විරුද්ධ මතධාරී තත්ත්වය මත පදනම්ව ඉලක්ක කෙරෙන රජයට විරුද්ධ මතධාරීන්
      • ගැටුම් සහිත කලාපවල ජනවාර්ගික සහ ආගමික සුළුතරයන්
      • අවදානමට පත්ව ඇති ලෙස හඳුනාගන්නා සහ නම් කරන කණ්ඩායමක සාමාජිකයෙකු
    • ලැබෙන පණිවිඩ හෝ පැතිකඩ වැනි පුද්ගලික ඉඩ හරහා පහත දේ මගින් ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කිරීම:
      • සාමාන්‍ය පුද්ගලයන් සඳහා අයුතු බලපෑම් කිරීමේ සහ හිංසන ප්‍රතිපත්ති උල්ලංඝනය වන අන්තර්ගතයන් හෝ,
      • නීතියෙන් ආරක්ෂිත ලක්ෂණ (PCs) මත පදනම් වන පිළිකුල් සහගත අන්තර්ගතය
  • පහත සඳහන් එකක කොටසක් ලෙස පොදු හිංසනයේ යෙදෙන ගිණුම් අබල කිරීම
    • ඕනෑම තලයක් හරහා ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කරන රාජ්‍ය හෝ රජයට අනුබද්ධ ජාල.
    • පහත දේ මගින් ඕනෑම තලයක් හරහා ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කරන විරෝධාකල්ප ජාල:
      • සාමාන්‍ය පුද්ගලයන් සඳහා අයුතු බලපෑම් කිරීමේ සහ හිංසන ප්‍රතිපත්ති උල්ලංඝනය වන අන්තර්ගතයන් හෝ,
      • නීතියෙන් ආරක්ෂිත ලක්ෂණ (PCs) මත පදනම්ව ඔවුන් ඉලක්ක කරන අන්තර්ගතය, හෝ,
      • දේශීය සන්දර්භය තුළ ප්‍රතිරෝධාත්මක ලෙස සැලකිය හැකි අන්තර්ගතය
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
දත්ත
නවතම ප්‍රජා ප්‍රමිතීන් බලාත්මක කිරීමේ වාර්තාව බලන්න
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
අයුතු බලපෑම් කිරීම සහ හිංසනය පිළිබඳව උදව් ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න