ප්‍රතිපත්ති තාර්කිකත්වය
යම් කෙනෙකු අභාවප්‍රාප්ත වූ විට, මිතුරන්ට සහ පවුලේ අයට ඒ අයගේ ගිණුම ගුණානුස්මරණ ගිණුමක් බවට පත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි ය. ගුණානුස්මරණ ගිණුමක් බවට පත් කිරීමෙන් පසු, දැන් ගිණුම ගුණානුස්මරණ අඩවියක් බවට පත් වන පරිදි පුද්ගලයාගේ ප්‍රොෆයිලයෙහි නමට ඉහළින් "ගුණානුස්මරණ" යන වචනය දිස් වේ. ගිණුම් ගුණානුස්මරණය කිරීම ආදරණීයයන් සිහිපත් කිරීම සඳහා අවකාශයක් තැනීමටත් පිවිසීමට උත්සාහ කිරිම් සහ ප්‍රෝඩාකාරී ක්‍රියකාරකම්වලට එරෙහිව ආරක්ෂා කිරීමටත් උපකාරී වේ. යම් කෙනෙකු ජීවත්ව සිටිය දී ගත් තේරීම්වලට ගරු කිරීමට, ඔවුන් අභාවප්‍රාප්ත වූ පසු ඔවුන්ගේ ගිණුම වෙනස් කිරීම්වලින් තොරව ආරක්ෂා කර ගැනීම අපගේ අරමුණ වේ.Facebook මත, තමන් අභාවප්‍රාප්ත වූ පසුව ගිණුම රැක බලා ගැනීම සඳහා උරුම සබඳතාවයක් නියම කිරීමට හැකියාව ද අප විසින් ජනතාවට ලබා දී ඇත. වියෝ දුකින් පෙළෙන අයට සහාය දැක්වීම සඳහා, සමහර අවස්ථාවල දී උරුමකරු සබඳතාව හෝ පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටින විට අප විසින් යම් යම් අන්තර්ගතයන් ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට ඉඩ ඇත.
මිය ගිය පරිශීලකයන්ට අයත් Facebook හෝ Instagram ගිණුම් ගුණානුස්මරණ ගිණුම් බවට පත් කිරීමේ ඉල්ලීම් අවශ්‍ය තොරතුරු ද සහිතව ඉල්ලීම් කිරීමේ හැකියාව පහත පුද්ගලයන් සතු වේ:
Facebook මිතුරන්
Instagram අනුගාමිකයින්
නිවැරදි ලේඛන සතු පවුලේ සාමාජිකයන්
මිනීමැරුම්වලට ගොදුරු වූවන් සහ සියදිවි නසාගැනීම්වලට ලක් වූවන් සඳහා, Facebook සහ Instagram මත ඇති පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන් මියගිය පුද්ගලයාගේ ප්‍රොෆයිල ඡායාරූපය, කවරයේ ඡායාරූපය හෝ මෑත කාලීන කාලරේඛා පෝස්ටු අතර තිබේ නම්, මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයෙකු විසින් ඉල්ලා සිටිනු ලැබූ විට අපි ඒවා ඉවත් කරන්නෙමු. තව ද Facebook උරුමකරු සබඳතාව විසින් ඉල්ලා සිටිනු ලැබූ විටක දී අප විසින් Facebook මත ඇති මෙම අන්තර්ගතය ඉවත් කරනු ලැබීමට ඉඩ ඇත:
මියගිය පුද්ගලයාගේ මරණයට අදාළ අන්තර්ගතය
මියගිය පුද්ගලයාගේ මරණය, රෝග හෝ මියගිය පුද්ගලයාට සිදු වූ හානිය සඳහා ප්‍රශංසා කිරීම් හෝ සහාය දැක්වීම්
මියගිය පුද්ගලයාගේ මරණයට භාවිත කරන ලද වස්තුවේ දෘශ්‍ය නිරූපණය.
මියගිය පුද්ගලයාගේ මරණයට වරදකරු වූ හෝ චෝදනාවට ලක් වූ මිනීමරුවාගේ දෘෂ්‍යමය තොරතුරු.
මිය ගිය පුද්ගලයාගේ මරණයට නීතියෙන් වරදකරු වූ හෝ චෝදනාවට ලක් වූ මිනීමරුවාගේ සබඳතා තත්ත්වයන් හෝ මිතුරු තත්ත්වයන්
පහත ප්‍රජා ප්‍රමිතීන් සඳහා, මිය ගිය තැනැත්තාගේ අවසර ලත් නියෝජිතයකු විසින් ඉල්ලා සිටිනු ලැබූ විටක දී, Facebook මත පමණක් උරුමකරු සබඳතාව විසින් පහත වෙනස්කම් සිදු කිරීමට අපි අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භයන් ඉල්ලා සිටින්නෙමු:
ගුණානුස්මරණ ප්‍රොෆයිලයක් සම්බන්ධයෙන් දක්වා ඇති උල්ලංඝනීය අදහස් දැක්වීම් ඉවත් කිරීම, මේ සඳහා සාමාන්‍යයෙන් ඒවා අනවශ්‍ය බව අපට දැනගත හැකි වන පරිදි අදාළ පුද්ගලයා තමා විසින් ම පැමිණිලි කළ යුතු ය.
ප්‍රොෆයිලයෙහි හානිකර අන්තර්ගතයන් ඇති විට පමණක් මියගිය පුද්ගලයාගේ පෞද්ගලිකත්ව සැකසුම් සියල්ලන්ට විවෘත සිට මිතුරන් අතර පමණි දක්වා වෙනස් කිරීම
ප්‍රොෆයිලයේ නම අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන්නේ නම්, අපගේ සත්‍ය නාම ප්‍රතිපත්තිය හා අනුකූලව ප්‍රොෆයිලයේ නම වෙනස් කිරීම
පුද්ගලයා මිය යෑමත් සමඟ මිතුරන් හෝ අනුගාමිකයන් ඉවත් වූයේ නම්, ඔවුන් නැවත එක් කිරීම