මිනිසුන් සූරාකෑම

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
හානිය කඩාකප්පල් කිරීමට සහ වැළැක්වීමට දරන උත්සාහයක් ලෙස, මිනිස් ජාවාරම ඇතුළුව පුද්ගලයන් සූරාකෑමට ලක් වීම සඳහා පහසුකම් සපයන හෝ සම්බන්ධීකරණය කරන අන්තර්ගතයන් අපි ඉවත් කරමු. ලාභය සඳහා යමෙකුට නිදහස අහිමි කිරීමේ ව්‍යාපාරයක් ලෙස අපි මිනිස් ජාවාරම අර්ථ දක්වමු. මිනිසුන් වාණිජ ලිංගික ක්‍රියාකාරකම්, ශ්‍රමය හෝ සිය කැමැත්තට එරෙහිව වෙනත් ක්‍රියාකාරකම්වල යෙදවීමට බල කරනු පිණිස මිනිසුන් සූරාකෑමයි. එය ආර්ථික වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන් අන් අයට ප්‍රතිලාභ ලබා දෙන අතරතුර මිනිසුන්ගේ නිදහස ඔවුන්ට අහිමි කිරීමෙන් ඔවුන්ව රැවටීම, බලය යෙදීම සහ බලහත්කාරය සහ අවමන් කිරීම මත රඳා පවතී.
මිනිස් ජාවාරම විවිධ පැතිකඩ සහිත වන අතර ගෝලීයව පවතී; එය වයස, සමාජ ආර්ථික පසුබිම, ජනවාර්ගිකත්වය, ලිංගික අනන්‍යතාවය හෝ ස්ථානය නොසලකා ඕනෑම කෙනෙකුට බලපෑ හැකි ය. එය විවිධ ස්වරූපයන් ගන්නා අතර ඕනෑම ජාවාරම් තත්ත්වයක් සංවර්ධනයේ විවිධ අවධි හා සම්බන්ධ විය හැකි ය. මෙම අපයෝජනයේ ඇති බලහත්කාර ස්වරූපය හේතුවෙන්, වින්දිතයන්ට ඊට සහමතිය පළ කළ නොහැකි ය.
මිනිස් ජාවාරාම සහ නීතිවිරෝධී ප්‍රවාහනය එකිනෙක පටලවා නොගැනීමට අප සැලකිලිමත් විය යුතු අතර, ඒවා එකිනෙක සම්බන්ධ වීමට හා එකක් අනෙක හා ගැටීමට ඉඩ ඇත. ජාත්‍යන්තර දේශ සීමා හරහා රාජ්‍යයකට නීති විරෝධී ලෙස ඇතුළු වීමට ප්‍රතිසම්පාදනය හෝ පහසුකම් සැපයීම එක්සත් ජාතීන්ගේ සංවිධානය නීති විරෝධී ප්‍රවාහනය ලෙස අර්ථ දක්වයි. බල කිරීමේ හෝ බලහත්කාරයේ අවශ්‍යතාවයකින් තොරව, බොහෝ විට වඩාත් හොඳ ජීවිතයක් සඳහා තමන් උපන් රට හැර යාමට උත්සාහ කරන අවදානමට ලක් විය හැකි පුද්ගලයන් සූරාකෑමට ලක් වීමට එය හේතු විය හැකි ය. ස්ථානයක් වෙතින් තවත් ස්ථානයට ගෙනය‍ාමේ බලාපොරොත්තුවෙන්, පුද්ගලයන් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම රජයකට එරෙහිව සිදු කරන අපරාධයක් වන අතර සූරා කෑම බලාපොරොත්තුවෙන් මිනිස් ජාවාරමක් සිදු කිරීම පුද්ගලයකුට එරෙහිව සිදු කරන අපරාධයකි.
මිනිස් ජාවාරම හෝ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් ප්‍රවාහනය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් හෙළා දකින, දැනුවත්භාවය ඇති කරන අන්තර්ගතය හෝ ප්‍රවෘත්ති වාර්තාකරණයට අමතරව, පුද්ගලික ආරක්ෂාව සහ දේශසීමා තරණය කිරීම, සරණාගතභාවය ලබා ගැනීම හෝ රටක් හැර යන ආකාරය පිළිබඳ තොරතුරු විමසන හෝ එකී තොරතුරු බෙදාගන්නා අන්තර්ගතයට අපි ඉඩ දෙමු.
පහත සඳහන් දේවල් පළ කිරීමෙන් වළකින්න:
පහත සඳහන් ඕනෑම ආකාරයක මිනිස් ජාවාරමක් සඳහා පුද්ගලයින් බඳවා ගන්නා, පහසුකම් සපයන හෝ සූරාකෑමේ අන්තර්ගත, ක්‍රියාකාරකම් හෝ අන්තර්ක්‍රියා:
  • ලිංගක ජාවාරම (බාල වයස්කරුවකු සමග කිනම් හෝ වාණිජ ලිංගික ක්‍රියාකාරකමක් හෝ බලය, ප්‍රයෝග හෝ බලාත්කාරය භාවිත කරමින් වැඩිහිටියකු සමග සිදු කරන කිනම් හෝ වාණිජ ලිංගික ක්‍රියාකාරකමක්)
  • නීති විරෝධීව දරුකමට හදා ගැනීම හෝ ළමුන් විකිණීම
  • අනාථ නිවාස ජාවාරම සහ අනාථ නිවාස සංචාරක ස්වේච්ඡා ව්‍යාපාරය
  • (ළමා විවාහ ඇතුළුව) බලහත්කාරයෙන් සිදු කරන විවාහයන්
  • (බැඳුම්කර ශ්‍රමය ඇතුළුව) ශ්‍රමය සූරාකෑමට ලක් වීම
  • ගෘහස්ථ වහල්භාවය
  • ඉන්ද්‍රිය ඉවත් කිරීම, පරිත්‍යාගය හෝ සූරාකෑමක් නොවන ඉන්ද්‍රිය පරිත්‍යාග කිරීමේ සන්දර්භයක අවයව බද්ධ කිරීම ඇතුළත් නොවන පුනර්ජනනීය නොවන අවයව ජාවාරම
  • බලහත්කාරයෙන් සිදු කරන අපරාධ ක්‍රියාකාරකම් (නිද., බලහත්කාරයෙන් හිඟමනේ යෙදවීම, බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදවීම)
  • ළමා සොල්දාදුවන් බඳවා ගැනීම
වාණිජ ලිංගික ක්‍රියාකාරකම්වලින් තෙවැනි පාර්ශ්වීය ක්‍රියා කරන්නෙක් බඳවා ගන්නා ඔවුන්ට පහසුකම් සපයන හෝ ප්‍රතිලාභ ලබන (මූල්‍ය හෝ වෙනත් ආකාරයකින්) අන්තර්ගතය
මිනිස් ජාවාරම පිරිනමන හෝ ඒ සඳහා පහසුකම් සලසන අන්තර්ගතය
පුද්ගලයන් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමේ සේවා ඉල්ලා සිටින අන්තර්ගතය
මෙම ප්‍රතිපත්තිය යටතේ වෙනත් ආකාරයකින් ආවරණය වන අන්තර්ගත ඒවා හෙළා දැකීමේ, අධ්‍යාපනික, දැනුවත්භාවය ඇති කිරීමේ හෝ ප්‍රවෘත්ති වාර්තා කිරීමේ සන්දර්භයක පළ කර ඇති අවස්ථාවන්හි අපි ඒවාට ඉඩ දෙමු.
මිනිසුන් සූරාකෑම පිළිබඳ අපගේ ප්‍රතිපත්ති යටතේ, අපගේ සමාලෝචකයන් සහ ස්වයංක්‍රීය පද්ධති, උල්ලංඝනය කරන ගිණුම් හඳුනා ගැනීමට සහ පියවර ගැනීමට උපකාරී වන විවිධ හැසිරීම් සංඥා රැසක් ද සලකා බලනු ඇත.
  • උල්ලංඝනය කිරීම් සිදු කරන අනෙකුත් ගිණුම් සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා, අන්තර්ගත උල්ලංඝනය කිරීම් සමඟ අන්තර්ක්‍රියා සිදු කිරීම හෝ සෙවීම් සිදු කිරීම, හෝ අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉවත් කර ඇති ප්‍රජාවන්ගේ (උදා: සමූහ) සාමාජිකත්වය ලබා තිබීම පදනම් කර ගනිමින් අප විසින් ගිණුම් ඉවත් කරනු ලැබිය හැකි ය.
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
නීතිය බලාත්මක කිරීම, ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් විශ්වාසදායී හවුල්කරුවන් විසින් තහවුරු කරන අවස්ථාවක ශ්‍රමය සූරාකෑමේ ඉහළ අවදානමක් සහිත ස්ථානවල රැකියාවක් ලබා දෙන බව පවසන අන්තර්ගතයන් අප විසින් ඉවත් කරනු ලැබීමට ඉඩ ඇත
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
මිනිසුන් සූරාකෑම සම්බන්ධයෙන් උපකාර ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න