සිය දිවි නසා ගැනීම, තමාට ම අනතුරු කර ගැනීම සහ අයහපත් ආහාර පුරුදු

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අපගේ යෙදුම් භාවිත කරන පුද්ගලයන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ අපි ඉතා දැඩි සැලකිල්ලක් දක්වමු. අපගේ ප්‍රතිපත්ති සහ බලාත්මක කිරීම් පිළිබඳ දැනුවත් කිරීමට උපකාරී වීම පිණිස අපි නිරන්තරයෙන් සිය දිවි නසා ගැනීම, තමන්ට සිදු කර ගන්නා අනතුර හා අයහපත් ආහාර පුරුදු සම්බන්ධ විශ‍ේෂඥ‍යන්ගේ උපදෙස් විමසන අතර ආතතියෙන් පෙළ‍ෙන පුද්ගලයන්ට ආධාර සැපයීම සඳහා ලොව පුරා සංවිධාන සමග එක් වී කටයුතු කරන්නෙමු.
අප පුද්ගලයන්ට චේතනාන්විතව හෝ අචේතනාන්විතව සිය දිවි නසා ගැනීම, තමන්ට සිදු කර ගන්නා අනතුර හෝ අයහපත් ආහාර පුරුදු අභිවන්දනය කිරීම හෝ ප්‍රවර්ධනය කිරීමට ඉඩ නොදෙන නමුත්, අපේ සේවා පුද්ගලයන්ට සිය අත්දැකීම් බෙදාහදා ගත හැකි, මෙබඳු ගැටලු පිළිබඳ දැනුවත්භාවය ඇති කළ හැකි සහ එකිනෙකා වෙතින් සහාය සෙවිය හැකි ස්ථානයක් බවට පත් කිරීමට අපට අවශ්‍ය බැවින් අපි පුද්ගලයන්ට මේවා ගැන සාකච්ඡා කිරීමට ඉඩ ලබා දෙන්නෙමු. අප විසින් මෙම අන්තර්ගතය නැරඹීමේ හැකියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා කරනු ලැබිය හැකි ය.
මීම් හෝ චිත්‍ර හෝ නොමනා ආකාරයේ කිනම් හෝ තමන්ට සිදු කර ගන්නා අනතුර සම්බන්ධ අන්තර්ගතයක් වැනි කල්පිත අන්තර්ගත ද ඇතුළුව, සිය දිවි නසා ගැනීම, තමන්ට සිදු කර ගන්නා අනතුර හෝ අයහපත් ආහාර පුරුදු සඳහා අනුබල දෙන කිනම් හෝ අන්තර්ගතයක්, ඊට අදාළ සන්දර්භය නොසලකා, අපි ඉවත් කරමු. අධික බර අඩු කර ගැනීමේ හැසිරීම් සඳහා උපදෙස් අඩංගු අන්තර්ගතය අපි ඉවත් කරමු. තව ද අපි, සිය දිවි නසා ගැනීම, තමන්ට සිදු කර ගන්නා අනතුර හෝ අයහපත් ආහාර පුරුදුවල වින්දිතයන් හෝ ඒවායෙන් ගැළවුණු පුද්ගලයන් සමච්චලයට ලක් කරන අන්තර්ගත මෙන් ම සිය දිවි නසා ගැනීමේ හෝ තමාට ම අනතුරු කර ගැනීමේ තත්කාලීන නිරූපණයන් ද ඉවත් කරන්නෙමු. ඉඩ දී ඇති සිය දිවි නසා ගැනීමෙන්, තමන්ට සිදු කර ගන්නා අනතුරුවලින් හෝ අයහපත් ආහාර පුරුදුවලින් අත්මිඳීම හා සම්බන්ධ අන්තර්ගතවල (සුව වූ තුවාල කැළලක් වැනි) සිත කැළඹීමට පත් කළ හැකි රූප අඩංගු විය හැකි නම්, ඒවා සංවේදීතා තිරයකින් ආවරණය කර දිස් කරනු ලැබ ඇති අතර අපි අන්තර්ගතය නැරඹීමේ හැකියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා කරන්නෙමු.
පුද්ගලයන් සිය දිවි නසා ගැනීම, තමාට ම අනතුරු කර ගැනීම හෝ අයහපත් ආහාර පුරුදු සම්බන්ධයෙන් පෝස්ටු පළ කරන විට හෝ සෙවීම් සිදු කරන විට අපි ඔවුන්ව සහාය සැපයිය හැකි දේශීය සංවිධාන වෙත යොමු කරන අතර අපගේ ප්‍රජා මෙහෙයුම් කණ්ඩායමට අත්‍යාසන්න අනතුරක් පිළිබඳව හැඟුණහොත් උදව් ලබා දීම සඳහා අපි දේශීය හදිසි අවස්ථා සේවාවන් අමතන්නෙමු. වැඩි විස්තර දැන ගැනීමට Meta ආරක්ෂක මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න.
සජීවී අන්තර්ගතයන් සම්බන්ධයෙන් වන කල, යමකු සජීවී ප්‍රවාහයක දී තමා සිය දිවි නසා ගැනීමට අදහස් කරන බව පවසනවා නම්, එකී තැනැත්තා කැමරාවක් ඉදිරියේ ගත කරන කාලය වැඩි වන තරමට ඒ අයගේ මිතුරකුට හෝ පවුලේ සාමාජිකයකුට හදිසි අවස්ථා සේවාවන්ට කථා කිරීමට වැඩි ඉඩක් ඇති බැවින් එකී අන්තර්ගතය හැකි උපරිම කාලයක් දිස් වන ලෙස තිබීමට ඉඩ හැරිය යුතු බව වි‍ශ‍ේෂඥයන් විසින් අපට පවසා ඇත. කෙසේ වුවත්, මෙකී අන්තර්ගතය දැකීමෙන් අන් අයට ඍණාත්මක බලපෑමක් ඇති වීම වැළැක්වීම උදෙසා, එකී තර්ජනය ප්‍රයත්නයක් වන අවස්ථාවේ දී අපි සජීවී ප්‍රවාහය නතර කරන්නෙමු. ඉහත සඳහන් කළ පරිදි, ඕනෑම අවස්ථාවක, යම් කෙනෙකු තමන්ට ම හානි කර ගැනීමේ ක්ෂණික අවදානමක සිටින බව හඳුනා ගතහොත් අපි හදිසි සේවාවන් අමතන්නෙමු.
අපි පහත දෑට ඉඩ නොදෙමු:
  • සිය දිවි නසා ගැනීම, තමාට ම අනතුරු කර ගැනීම හෝ අයහපත් ආහාර පුරුදු ප්‍රවර්ධනය කරන, ඒවා දිරි ගන්වන, ඒවාට කටයුතු සලස්වන හෝ ඒ සඳහා උපදෙස් සපයන අන්තර්ගත.
  • අප්‍රසන්නකාරී හෝ බිහිසුණු සිය දිවි නසා ගැනීම්, තමාට ම හානි කර ගැනීම් හෝ අයහපත් ආහාර පුරුදු නිරූපණය කරන දෘශ්‍යමය රූප
  • සිය දිවි නසා ගැනීමේ උත්සාහයක හෝ සිය දිවි නසා ගැනීමෙන් මරණයට පත් වූ පුද්ගලයෙකු නිරූපණය කරන අන්තර්ගතය
  • අයහපත් ආහාර පුරුදු හා සම්බන්ධ වදන් සමඟ බෙදා ගන්නා විට පුද්ගලයින්ගේ රූප
  • ඉළ ඇට, උරහිස් ඇට, කෙසඟ කලවා, උකුළ, ඇතුළට නෙරා ගිය උදරය හෝ ඉල්පී පෙනෙන කොඳු ඇට පෙළ, උරහිස් ඇට, අත් හෝ පාදවල පිටතට පෙනෙන ඇට හෝ ඇතුළට නෙරා ගිය කම්මුල් නිරූපණය විදහා දක්වන අන්තර්ගත අයහපත් ආහාර පුරුදු ආශ්‍රිත වදන් සමග එක්ව බෙදා ගන්නා විට
  • අධික බර අඩු කර ගැනීමේ හැසිරීම් සඳහා උපදෙස් අඩංගු අන්තර්ගතය
  • අයහපත් ආහාර පුරුදු ආශ්‍රිත වදන් සමඟ බෙදාගත් විට අධික බර අඩු කර ගැනීමේ හැසිරීමක් පිළිගන්නා අන්තර්ගතය
  • අයහපත් ආහාර පුරුදු ආශ්‍රිත වදන් සමග බෙදා ගන්නා විට සීමා පැනවූ ආහාර පාලනය සඳහා දෙන උපදෙස් අඩංගු අන්තර්ගතය
  • සිය දිවි නසා ගැනීම හෝ තමාට ම අනතුරු කර ගැනීම හෝ අයහපත් ආහාර පුරුදු අත්විඳ ඇති හෝ අත් විඳ ඇති බවට ප්‍රසිද්ධ වී ඇති හෝ ප්‍රකාශ වී ඇති සිය දිවි නසා ගැනීමේ, තමාට ම අනතුරු සිදු කර ගැනීමේ හෝ අයහපත් ආහාර පුරුදුවල වින්දිතයන් හෝ ඒවායෙන් ගැළවුණු පුද්ගලයන් සමච්චලයට ලක් කරන අන්තර්ගතය
  • සිය දිවි නසා ගැනීමේ හෝ තමාට ම අනතුරු කර ගැනීමේ සන්දර්භයක බෙදාගනු ලැබූ විට ශරීරය වෙනස් කිරීමේ (උදා: ටැටූ, සිදුරු කිරීම්, බිලි දීම්, තමාට ම කස පහර ගසා ගැනීම ආදිය) සිදුවීම් දැක්වෙන රූප
පහත සඳහන් අන්තර්ගතයන් සඳහා, අන්තර්ගතය සංවේදී විය හැකි බවට ජනතාව දැනුවත් කරවන අනතුරු ඇඟවීමේ තිරයක් අපි ඇතුළත් කරමු. තව ද අපි, පහත සඳහන් කරුණු ඇතුළත් අන්තර්ගතය බැලීමේ හැකියාව ද වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා කරමු:
  • ස‍ෞඛ්‍ය තත්ත්වයන් ආශ්‍රිත පසුබිමක් තුළ සුඛිතානායාස මරණයකට/සිය දිවි නසා ගැනීමට සහාය වූ පුද්ගලයෙකු නිරූපණය කරන ඡායාරූප හෝ වීඩියෝ.
  • ස්වපීඩනයේ, සිය දිවි නසා ගැනීමේ හෝ ඉන් යථා තත්ත්වයට පත් වීමේ සන්දර්භයක සුව වූ කැපුම් තුවාල හෝ වෙනත් අනුචිත නොවන තමන්ට සිදු කර ගන්නා අනතුරුවල දෘශ්‍යමය තොරතුරු වැනි පැරණි ස්වපීඩන අවස්ථා දක්වන අන්තර්ගත
  • යථා තත්ත්වයට පත් වීමේ සන්දර්භයක ඉළ ඇට, උරහිස් ඇට, කෙසඟ කලවා, උකුළ, ඇතුළට නෙරා ගිය උදරය හෝ ඉල්පී පෙනෙන කොඳු ඇට පෙළ, උරහිස් ඇට, අත්වල, පාදවල පිටතට පෙනෙන ඇට හෝ ඇතුළට නෙරා ගිය කම්මුල් දක්වන අන්තර්ගතය
පහත අන්තර්ගතය සඳහා, අපි පුද්ගලයින්ට සම්පත් සපයන අතර අන්තර්ගතය බැලීමේ හැකියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට සීමා කරන්නෙමු:
  • සියදිවි නසාගැනීම්, තමන්ට ම අනතුරු කර ගැනීම් හෝ අයහපත් ආහාර පුරුදු ලිඛිතව හෝ වාචිකව පිළිගැනීම.
  • සියදිවි නසාගැනීමක් හෝ තමන්ට ම අනතුරු සිදු කර ගැනීමේ සන්දර්භයක් තුළ නොපැහැදිලි, සියදිවි නසා ගැනීමට හේතු විය හැකි ප්‍රකාශ හෝ සඳහන් කිරීම් (දුක්බර මනස, මානසික කම්පනය, මරණය දුෂ්කරතාවලින් මිදීමේ මාර්ගයක් ලෙස දැක්වීම, හෝ ජනප්‍රිය සංස්කෘතියෙන් ලබාගත් අඳුරු, මානසික අවපීඩන සිතුවිලි අවධාරණය කරන අන්තර්ගතය ඇතුළත්ව) අඩංගු වීම.
පහත අන්තර්ගත සඳහා අපි අන්තර්ගතය බැලීමේ හැකියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට සීමා කරන්නෙමු:
  • සියදිවි නසාගැනීම්, තමන්ට ම අනතුරු කර ගැනීම හෝ අයහපත් ආහාර පුරුදු යන සංකල්ප සමච්චලයට ලක් කිරීම් හෝ බැහැර කිරීම්
  • සිය දිවි නසා ගැනීමේ ක්‍රියාව හෝ එහි ප්‍රතිවිපාකය හුදු නම් කිරීමෙන් හෝ සඳහන් කිරීමෙන් ඔබ්බට ගිය විස්තරයක් අඩංගු සිය දිවි නසා ගැනීම පිළිබඳ විස්තර කිරීම්
  • අධික බර අඩු කර ගැනීමේ හැසිරීම් ඇති බවට එකඟ වීම
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
  • සිය දිවි නසා ගැනීමක හෝ සිය දිවි නසා ගැනීමේ උත්සාහයත තහවුරු කිරීමක් ඇති විට අපි සිය දිවි නසා ගැනීම් සටහන් ඉවත් කිරීමට ඉඩ ඇත. අපි පහත ඒවා ද ඇතුළුව එහෙත් ඒවාට සීමා නොවන සාධක කිහිපයක් භාවිතයෙන් සිය දිවි නසා ගැනීමේ ලිපි හඳුනා ගැනීමට උත්සාහ කරමු:
    • පවුලේ හෝ නීති නියෝජිතයන්ගේ ඉල්ලීම්,
    • මාධ්‍ය, නීතිය බලාත්මක කිරීම හෝ වෙනත් තෙවැනි පාර්ශ්වීය මූලාශ්‍රයන්ගෙන් (උදා: රජයේ නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන) ලැබෙන වාර්තා හෝ සිය දිවි නසා ගැනීමේ අන්තර්ගත සබඳතා ආකෘති පත්‍රය හෝ Instagram සබඳතා ආකෘති පත්‍රය.
    • Meta වේදිකාවන්හි පළ කරන ලද නිශ්චිත අන්තර්ගත මඟින් අන් අයට අවදානමක් ඇති කළ හැකි ද යන්න තක්සේරු කිරීම සඳහා, සියදිවි නසාගැනීම, තමාට ම හානිකර ගැනීම, අයහපත් ආහාර පුරුදු හෝ බර අතිශයින් අඩු කර ගැනීමේ හැසිරීම් පිළිබඳ අපගේ වේදිකාවෙන් බැහැරව සිදු කරන ප්‍රකාශ හෝ ප්‍රවර්ධනය කිරීම් සම්බන්ධයෙන් අප සැලකිලිමත් විය හැකි ය.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
දත්ත
නවතම ප්‍රජා ප්‍රමිතීන් බලාත්මක කිරීමේ වාර්තාව බලන්න
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
සිය දිවි නසා ගැනීම, තමාට ම අනතුරු කර ගැනීම සහ අයහපත් ආහාර පුරුදු සඳහා උපකාර ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න