ප්‍රචණ්ඩකාරී සහ බිහිසුණු අන්තර්ගතය සහිත අන්තර්ගතය

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අප්‍රසන්නකාරී සහ ප්‍රචණ්ඩකාරී දර්ශන සහිත රූප සම්බන්ධයෙන් ජනතාවට විවිධාකාරයේ සංවේදීතා ඇති බව අපට වැටහේ. එබඳු අන්තර්ගතවලින් පරිශීලකයන් ආරක්ෂා කර ගැනීම සඳහා අප බොහෝ බිහිසුණු අන්තර්ගතය සහිත අන්තර්ගත ඉවත් කරන අතර, වෙනත් ආකාරයේ අන්තර්ගත සඳහා ඒවා ක්ලික් කිරීමට පෙර ඒවා සංවේදී විය හැකි බව මිනිසුන්ට දැනගත හැකි වන පරිදි අනතුරු ඇඟවීමේ ලේබල එක් කරන්නෙමු. අපි තරුණ පරිශීලකයින් සඳහා ඔවුන්ට නොගැළපෙන හෝ ඔවුන්ගේ වයසට සුදුසු නොවන අන්තර්ගතය බැලීමේ හැකියාව සීමා කරන්නෙමු. එසේ කිරීමෙන්, අපි අපගේ පරිශීලකයන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දෙමින්, වඩා යෝග්‍ය පරිශීලක අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරමු.
මානව හිමිකම් අපයෝජනය හෝ සන්නද්ධ අරගල වැනි ක්‍රියාවන් පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම හෝ ඒවා හෙළා දැකීම සඳහා පරිශීලකයන් විසින් අන්තර්ගත බෙදා ගැනීමට ඉඩ ඇති බව අපි හඳුනා ගන්නෙමු. අපගේ ප්‍රතිපත්ති මඟින් අන්තර්ගතය මේ සන්දර්භය තුළ බෙදා ගන්නේ කවර විටක ද යන්න සලකා බලා ඒ අනුව සාකච්ඡාව සහ දැනුවත්භාවය වර්ධනය වීම සඳහා කතිකාවකට ඉඩ හසර සලසා දෙයි.
ගෙවන ලද වෙළඳ ප්‍රචාරණය සඳහා අපි අමතර ආරක්ෂාව සපයන්නෙමු. උදාහරණයක් ලෙස, සංවේදී ලෙසට සලකනු ලබන අන්තර්ගත වෙළඳ දැන්වීම් තුළ ප්‍රචාරය කිරීමට සුදුසුකම් නොලබයි. අපි වෙළඳ දැන්වීම්වල සිත් කම්පා කරවන, පිළිකුල් සහගත හෝ බියජනක හෝ වෙනත් ආකාරයකින් උද්වේගකර පින්තූර සහ වීඩියෝ ඇතුළත් කිරීම ද තහනම් කරන්නෙමු. වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර අපගේ වෙළඳ ප්‍රචාරණ ප්‍රමිති බලන්න.
පහත සඳහන් දේවල් පළ කිරීමෙන් වළකින්න:
මිනිසුන්ගේ දෘශ්‍යමය තොරතුරු
ජීවත්ව සිටින හෝ මිය ගිය, වෛද්‍යමය නොවන සන්දර්භයක් තුළ පහත දෑ නිරූපණය කරන, පුද්ගලයන්ගේ වීඩියෝ:
  • ශරීර කොටස් වෙන් කිරීම.
  • පිටතට නිරාවරණය වූ අවයව, අස්ථි හෝ මාංශ පේෂී පටක වැනි ජීවත් වන හෝ මිය ගිය පුද්ගලයන්ගේ අභ්‍යන්තර අවයව;
  • දැවෙන හෝ පිළිස්සෙන මිනිසුන්; හෝ
  • උගුරු දණ්ඩ කපා දැමීම.
නීතියෙන් මරණ දඬුවම ලබා දීම දක්වන සජීවී ප්‍රවාහයන්.
පරපීඩාකාමී අදහස් දැක්වීම්
පරපීඩාකාමී අදහස් දැක්වීම් යනු - සිරස්තල හෝ අදහස් දැක්වීම් වැනි - පුද්ගලයන් හෝ මිනිසුන් වේදනා විඳීම හෝ අවමානයට පත් වීම සම්බන්ධයෙන් සතුට හෝ වින්දනය ප්‍රකාශ කරන අදහස් විස්තර කිරීම් වේ.
පහත සඳහන් ආකාරයේ දේවල් අපි ඉවත් කරමු
  • මේ ප්‍රතිපත්තිය යටතේ වෙනත් ආකාරයකින් අන්තර්ගතය සංවේදී විය හැකි බවට මිනිසුන්ට දන්වන අනතුරු ඇඟවීමේ තිරයක් ලැබෙන දෘශ්‍යමය තොරතුරු (වීඩියෝ සහ නිශ්චල ඡායාරූප යන දෙවර්ගය ම) සම්බන්ධයෙන් සිදු කරන පරපීඩාකාමී අදහස් දැක්වීම්; එකී දෘශ්‍යමය තොරතුරුවලින් ආත්මාරක්ෂාව සඳහා ගන්නා ක්‍රියා මාර්ග (උදා: අවි ගත් මිනිසුන් සිදු කරන මංකොල්ලයක දී යමකු තමාගේ ආරක්ෂාව සලසා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්) දැක්වෙන්නේ නම් හෝ එය වෛද්‍යමය සන්දර්භයක් තුළ සිදු වන එකක් (උදා: වෛද්‍ය වෘත්තිකයකු සැත්කමක් සිදු කරන ආකාරය දැක්වෙන ඡායාරූප) නිරූපණය කරන්නේ නම් මෙය අදාළ නොවේ.
  • දෘශ්‍යමය තොරතුරුවල නිරූපණය වන සතුන්ගේ වේදනා විඳීම සම්බන්ධයෙන් සිදු කරන සාහසික පරපීඩාකාමී අදහස් දැක්වීම් සහ ජීවත්ව සිටින සතුන් මිය යාම දැක්වෙන දෘශ්‍යමය තොරතුරු.
  • පරපීඩාකාමී ප්‍රකාශයන් සහිතව තිබෙන විට, මෙම ප්‍රතිපත්තිය යටතේ මකා දැමූ හෝ අනතුරු ඇඟවීමේ තිරයක් ලැබෙන දෘශ්‍යමය තොරතුරු පිරිනැමීම හෝ ඉල්ලීම.
පහත සඳහන් අන්තර්ගතයන් සඳහා, අන්තර්ගතය සංවේදී විය හැකි බවට ජනතාව දැනුවත් කරවන අනතුරු ඇඟවීමේ තිරයක් අපි ඇතුළත් කරමු. තව ද අපි, පහත සඳහන් කරුණු ඇතුළත් අන්තර්ගතය බැලීමේ හැකියාව ද වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා කරමු:
මිනිසුන්ගේ දෘශ්‍යමය තොරතුරු
ජීවත්ව සිටින හෝ මිය ගිය, වෛද්‍යම‍ෙ සන්දර්භයක් තුළ පහත දෑ නිරූපණය කරන, පුද්ගලයන්ගේ වීඩියෝ:
  • ශරීර කොටස් වෙන් කිරීම.
  • පිටතට නිරාවරණය වූ අවයව, අස්ථි හෝ මාංශ පේෂී පටක වැනි ජීවත් වන හෝ මිය ගිය පුද්ගලයන්ගේ අභ්‍යන්තර අවයව;
  • ආදාහනය කිරීමේ සන්දර්භයන් ඇතුළුව පුද්ගලයන් ගිනි තැබීම හෝ පිළිස්සීම; හෝ
  • උගුරු දණ්ඩ කපා දැමීම.
පහත දෑ නිරූපණය කරන ජීවත්ව සිටින හෝ මිය ගිය පුද්ගලයන්ගේ නිශ්චල රූප:
  • ශරීර කොටස් වෙන් කිරීම.
  • පිටතට නිරාවරණය වූ අවයව, අස්ථි හෝ මාංශ පේෂී පටක වැනි ජීවත් වන හෝ මිය ගිය පුද්ගලයන්ගේ අභ්‍යන්තර අවයව;
  • දැවෙන හෝ පිළිස්සෙන මිනිසුන්; හෝ
  • උගුරු දණ්ඩ කපා දැමීම.
පුද්ගලයකුගේ සාහසික මරණය (වීඩියෝ හා නිශ්චල රූප යන දෙවර්ගයේ ම) (ඔවුනගේ මරණ මොහොත සහ ඉන් පසු සිදු වන දෑ ඇතුළත්ව) හෝ පුද්ගලයකු ජීවිත අවදානමක් ඇති කරන සිද්ධියකට මුහුණ දෙන අවස්ථාවක් (මෝටර් රථයක ගැටීම, ඉතා උස් ස්ථානයකින් ඇද වැටීම, හෝ වෙනත් මාරාන්තික විය හැකි ශාරීරික ආබාධයකට ලක් වීම) නිරූපණය කරන දෘශ්‍යමය තොරතුරු.
පුද්ගලයකුට මරණ දඬුවම ලබා දීම නිරූපණය කරන දෘශ්‍යමය තොරතුරු (සජීවී ප්‍රවාහ හැර).
පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට එරෙහිව සිදු කරන කෘෘර ක්‍රියා දැක්වෙන දෘශ්‍යමය තොරතුරු (උදා: බලයෙන් රඳවා ගත්තවුන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා හෝ මරණ තර්ජන).
පුද්ගලයකුගේ සම විනිවිද යන, වෛද්‍යමය නොවන බාහිර වස්තු (උදා: පිහි, ඇණ හෝ වෙනත් ලෝහමය වස්තු) දැක්වෙන දෘශ්‍යමය තොරතුරු.
රුධිර වහනයක් දක්නට ලැබෙන පුද්ගලයකුගේ කැඩුණු, රුධිරය වහනය වන හෝ ඉවත් කරන ලද දත් දැක්වෙන දෘශ්‍යමය තොරතුරු; නැතහොත් දත් හෝ විදුරුමස් තුළට බාහිර වස්තු ඇතුළු කිරීම දැක්වෙන දෘශ්‍යමය තොරතුරු.
පින්තූරයේ වෙනත් පුද්ගලයකු දක්නට නොලැබෙන්නේ නම්, ගර්භාෂයෙන් පිටතට ගත් මිය ගිය කළලවල හෝ මිය ගිය ළදරුවන් දැක්වෙන දෘශ්‍යමය තොරතුරු.
සතුන්ගේ දෘශ්‍යමය තොරතුරු
ශරීර කොටස් වෙන් කිරීම, අභ්‍යන්තර අවයව දිස් වීම, ගිනි තැබීම හෝ පිළිස්සීම හෝ පණ පිටින් තැම්බීම දැක්වෙන තව ම ජීවත් වන හෝ මිය යන සතකුගේ දෘශ්‍යමය තොරතුරු.
පණ ඇතිව සිටි සතුන් මිය යන ආකාරයේ රූප.
ජීවමාන සතුන්ට ම්ලේච්ඡ ක්‍රියාවන් කරන මිනිසුන්ගේ දෘශ්‍යමය තොරතුරු (උදා: පයින් ගැසීම, දියේ ගිල්වීම, පිහාටු උදුරා දැමීම).
අපි පහත අන්තර්ගත බැලීමේ හැකියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා කරන්නෙමු:
මිනිසුන්ගේ දෘශ්‍යමය තොරතුරු
ප්‍රචණ්ඩකාරී මරණයක් හඟවන තොරතුරු කිසිවක් දක්නට නොතිබුණ ද, අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම ආවරණය නොකෙරුණු මිය ගිය පුද්ගලයින් පෙන්වන දෘශ්‍යමය තොරතුරු.
පින්තූරයේ වෙනත් පුද්ගලයකු දක්නට ලැබෙන විට, මිය ගිය කළලවල හෝ ගර්භාෂයෙන් පිටතට ගත් මිය ගිය ළදරුවන් දැක්වෙන දෘශ්‍යමය තොරතුරු.
එන්නත් කිරීමක දී, කටු චිකිත්සාවේ දී හෝ වියළි කටු උත්තේජනය කිරීම්වල දී හෝ පච්ච කෙටීමේ හෝ විදීමේ ප්‍රස්ථාවන් හැරුණු කොට මිනිසකුගේ සම සිදුරු කරන කටු නිරූපණය කරන දෘශ්‍යමය තොරතුරු.
වේදනාවෙන් හෝ ආතතියෙන්, තැලීම් සිරීම් සහිතව හෝ මුහුණේ හා/හෝ අත්වල වෛද්‍ය ප්‍රතිකාර සඳහා සවි කළ බට සහිතව සිටින බවට පෙනෙන තුවාල ලැබූ පුද්ගලයන් නිරූපණය කරන දෘශ්‍යමය තොරතුරු.
මිනිස් අපද්‍රව්‍ය සහ ශරීර තරලයන් නිරූපණය කරන දෘශ්‍යමය තොරතුරු (උදා: මල, මූත්‍ර, වමනය, කම්පලා, සෙම, චර්ම ස්‍රාවයන්ගේ අතුරු ඵල හෝ රුධිරය වැනි).
ගිනි ගෙන දැවෙන හෝ පුපුරා යන වාහන නිරූපණය කරන දෘශ්‍යමය තොරතුරු හෝ වාහනය මාර්ගයෙන් ඉවතට පනින හා/හෝ වාහනයේ රියැදුරු හා මගී අසුන් ඇති ප්‍රදේශවලට දැඩි ලෙස හානි සිදු වන වේගයෙන් ධාවනය වන වාහන අන් වස්තූන් සමග ගැටීමෙන් පසු ඇති වන ප්‍රතිඵලය නිරූපණ්ය කරන දෘශ්‍යමය තොරතුරු.
සතුන්ගේ දෘශ්‍යමය තොරතුරු
රුධිරය දෘශ්‍යමානව පවතින, ජීවත්ව සිටින හෝ මියගිය සතුන් නිරූපණය කරන රූප.
ප්‍රසූත කිරීමේ සන්දර්භයක සතුන් නිරූපණය කරන දෘශ්‍යමය තොරතුරු (උදා: රුධිරය හෝ ශරීරයේ අභ්‍යන්තර අවයව දිස් වීම).
කෘමීන් (උදා: පණුවන් හෝ ඉහඳ පණුවන්) සිරුරෙන් පිටතට එන ආකාරය දැකගත හැකි ජීවත්ව සිටින හෝ මියගිය සතුන් නිරූපණය කරන රූප.
තුවාල ලැබූ සතුන් දුක් විඳින ආකාරය නිරූපණය කරන රූප.
කල්පිත රූප
පහත සන්දර්භයන් යටතේ කල්පිත පුද්ගලයින් නිරූපණය කරන රූප:
  • ශරීර කොටස් වෙන් කිරීම;
  • පිටතට නිරාවරණය වූ අවයව, අස්ථි හෝ මාංශ පේෂි වැනි පිටතට දිස් වන සිරුරේ අභ්‍යන්තර කොටස්;
  • දැවෙන හෝ පිළිස්සෙන මිනිසුන්;
  • උගුරු දණ්ඩ කපා දැමීම; හෝ
  • සාහසික මරණය හෝ ජීවිත අවදානමක් ඇති කරන අවස්ථාවක්.
පහත අවස්ථා යටතේ, ඡායාරූප සාදෘශ (සැබෑ මිනිසකුගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් ලෙස පෙනෙන හෝ එබඳු පුද්ගලයකුගේ ඡායාරූපයකට හෝ වීඩියෝවකට අතිශයින් සමාන වන) කල්පිත පුද්ගලයන් නිරූපණය කරන රූප:
  • සම විනිවිද යන, වෛද්‍යමය නොවන බාහිර වස්තු (උදා: පිහි, ඇණ හෝ වෙනත් ලෝහමය වස්තු);
  • රුධිරය හැර, මිනිස් අපද්‍රව්‍ය හෝ ශරීර තරලයන් (උදා: මල, මූත්‍ර, වමනය, කම්පලා, සෙම හෝ චර්ම ස්‍රාවයන්ගේ අතුරු ඵල);
  • ගර්භාෂයෙන් පිටත සිටින මිය ගිය ළදරුවන් හෝ කළල;
පහත සන්දර්භයන් යටතේ කල්පිත, නමුත් ඡායාරූපයක් ලෙස දිස් වන සතුන් නිරූපණය කරන රූප:
  • ශරීර කොටස් වෙන් කිරීම;
  • පිටතට නිරාවරණය වූ අවයව, අස්ථි හෝ මාංශ පේෂි වැනි පිටතට දිස් වන සිරුරේ අභ්‍යන්තර කොටස්;
  • දැවෙන හෝ පිළිස්සෙන සතුන්;
  • පණ පිටින් තම්බන සතුන්;
  • රුධිරය තිබීම;
  • පණ ඇතිව සිටි සතුන් මිය යන ආකාරය;
  • සජීවී සතුන්ට කෲර ක්‍රියා (උදා: පයින් ගැසීම, දියේ ගිල්වීම, පිහාටු උදුරා දැමීම) සිදු කරන පුද්ගලයන්;
  • වේදනාවෙන් පෙළෙන තුවාල ලැබූ සතුන්
  • සිරුරෙන් පිටතට කෘමීන් ඇදී (උදා: පණුවන් හෝ ඉහඳ පණුවන්) එන සතුන්.
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
අපි පහත දෑට ඉඩ නොදෙමු:
යම් පුද්ගලයකුගේ මරණය නීතිය බලාත්මක කිරීමේ වාර්තාවකින්, මරණ සහතිකයකින්, විශ්වාසදායී හවුල්කරුවකුගේ වාර්තාවකින් හෝ මාධ්‍ය වාර්තාවකින් තහවුරු කර ඇති විට, මිය ගිය අයගේ පවුලේ සාමාජිකයකු විසින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින පුද්ගලයකුගේ බිහිසුණු මරණයක දෘශ්‍යමය තොරතුරු හෝ හඬ පට.
විරෝධතාව දැක්වීමක් ලෙස තමා විසින් ම සිරුරට ගිනි තබා ගන්නා සන්දර්භයක මිනිසුන්ගේ පිළිස්සී ගිය හෝ ගිනි ගෙන දැවෙන සිරුරු පෙන්වන වීඩියෝව.
අප විසින් ඉඩ දෙනු ලැබිය හැකි දෑ:
නිරූපණය අහඹු සිදුවීමක් වන විට, පුද්ගලයෙකුගේ ප්‍රචණ්ඩකාරී මරණයක් හෝ ජීවිතයට තර්ජනයක් වන සිදුවීමක් පිළිබඳ නිරූපණයක්
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
දත්ත
නවතම ප්‍රජා ප්‍රමිතීන් බලාත්මක කිරීමේ වාර්තාව බලන්න
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
ප්‍රචණ්ඩ සහ බිහිසුණු දර්ශන සහිත අන්තර්ගතය පිළිබඳව උදව් ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න