තෙවන පාර්ශ්වීය බුද්ධිමය දේපළ උල්ලංඝනය කිරීම්

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
Meta විසින් බුද්ධිමය දේපළ හිමිකම් සම්බන්ධයෙන් ඉතා බැරෑරැම් ලෙස සලකන අතර ප්‍රජා විශ්වාසය මත ගොඩ නැඟුණු අවකාශයක් තුළ අදහස් ප්‍රකාශ කිරීම, නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන අතරේ මේ හිමිකම් ආරක්ෂා කිරීමට කැප වී සිටී.
මේ හේතුව නිසා, ප්‍රකාශන හිමකම්, වෙළඳ ලකුණු හෝ වෙනත් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඇතුළු වෙනත් අයකුගේ බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය කරන අන්තර්ගත පළ කිරීමට එරෙහිව ප්‍රතිපත්තියක් අපි බලාත්මක කරන්නෙමු. අපගේ බුද්ධිමය දේපළ විනිවිදභාවය පිළිබඳ වාර්තාවෙන් අපට ලැබෙන බුද්ධිමය දේපළ පැමිණිලි පිළිබඳ තොරතුරු අපි ප්‍රකාශයට පත් කරන්නෙමු.
ඔබේ බුද්ධිමය දේපළ හිමිකම් කඩ කරන්නේ යැයි හැඟෙන අන්තර්ගත පිළිබඳ පැමිණිලි කිරීම සඳහා කරුණාකර අපගේ බුද්ධිමය දේපළ සහාය මධ්‍යස්ථානය වෙත, ව්‍යාපාර රැකවරණ පිටුව වෙත පැමිණ‍ෙන්න, නො එසේ නම් වෙළඳ සන්නම් හිමිකම් ආරක්ෂාව සඳහා අයැදුම් කිරීම ගැන සලකා බලන්න.
හිමිකම් දරන්නකුගෙන් හෝ බලයලත් නියෝජිතයෙකුගෙන් පැමිණිල්ලක් ලැබීමෙන් පසුව, අපි පහත ක්‍රියාකාරකම්වල නියැලෙන අන්තර්ගතය ඉවත් කිරීමට හෝ සීමා කිරීමට කටයුතු කරන්නෙමු:
  • ප්‍රකාශන හිමිකම කඩ කිරීම.
  • වෙළඳ ලකුණ කඩ කිරීම.
  • ව්‍යාජානුකරණ අලෙවිය හෝ ප්‍රවර්ධනය
  • වෙළඳ සන්නම්/වෙළඳ සන්නම සමඟ ව්‍යාජ සම්බන්ධතා
  • බුද්ධිමය දේපළ හිමිකම් හෝ වෙනත් හිමිකාරීත්ව අයිතීන් හා බැඳුණු වෙනත් කිනම් හෝ කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක්
තව ද අපි පහත ආකාරයේ අන්තර්ගත ද ඉවත් කරන්නෙමු:
  • අන්තර්ගතයෙන් සන්නම්ගත භාණ්ඩවල ව්‍යාජානුකරණ විකුණන හෝ ප්‍රවර්ධනය කරන බවට හඟවන සංඥා අඩංගු වීම
  • ව්‍යාජානුකරණ බවට සැක කරන භාණ්ඩ අලෙවිය හෝ ප්‍රවර්ධනය සඳහා වෙන් වුණු වෙබ් අඩවි වෙත වේදිකාවෙන් බැහැර සබැඳි අඩංගු වීම
  • හිමිකම් දරන්නකු විසින් ව්‍යාජානුකරණයක් බවට මින් පෙර පැමිණිලි කර ඇති අන්තර්ගතයකට සර්වසම හෝ ඉතා දැඩි ලෙස සමාන වන ව්‍යාජානුකරණ බවට සැක කරන භාණ්ඩ විකිණීම හෝ ප්‍රවර්ධනය
  • ප්‍රකාශන හිමිකම් කඩ කිරීමක් ලෙස සැක කරන දෑ බෙදා ගැනීම, ප්‍රවර්ධනය හෝ ඒවාට පහසුකම් සැලසීම
අපි පහත ආකාරයේ ගිණුම් ඉවත් කරන්නෙමු:
  • මේ ප්‍රතිපත්තිය නැවත නැවතත් උල්ලංඝනය කිරීමේ යෙදීම.
හිමිකම් දරන්නා විසින් අවසර දී ඇති සහ ස්ථාපිත සාධාරණ භාවිතයේ මූලධර්ම අනුගමනය කරන අන්තර්ගතවලට අපි ඉඩ දෙන්නෙමු
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
තෙවන පාර්ශ්වීය බුද්ධිමය දේපළ උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න