අනතුරුදායක සංවිධාන සහ පුද්ගලයන්

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
සැබෑ ලෝකය තුළ සිදු වන හානිය අවුරාලීමේ ප්‍රයත්නයක් ලෙස, ප්‍රචණ්ඩකාරී මෙහෙයුමක් පිළිබඳව නිල ප්‍රකාශයක් කර ඇති හෝ ප්‍රචණ්ඩකාරී හැසිරීම්වල නිරතව සිටින සංවිධාන හෝ පුද්ගලයන්ට අපගේ වේදිකාවල පෙනී සිටීමට අපි ඉඩ නොදෙමු. මෙම අස්ථිත්වයන්ගේ ඔන්ලයින් සහ ඕෆ්ලයින් හැසිරීම් පාදක කර ගනිමින් ඒවා සැලකිය යුතු ලෙස ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ බවට අපි තක්සේරු කර ඇත්තෙමු. මෙම ප්‍රතිපත්තිය යටතේ, අපි පුද්ගලයන්, සංවිධාන සහ පුද්ගල ජාලයන් නම් කරමු. මෙම නම් කිරීම්, අන්තර්ගතය බලාත්මක කිරීමේ මට්ටම පෙන්වන ස්තර දෙකකට බෙදා දැක්වේ, 1 වැනි ස්තරය, වඩාත්ම වැඩි බලාත්මක කිරීම ලෙස සලකනු ලබන්නේ එම අස්ථිත්වයන් වැඩි වශයෙන්ම ඕෆ්ලයින් හානිවලට සම්බන්ධතා දක්වන බව අප විශ්වාස කරන බැවිනි.
1 වැනි ස්තරය සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියා සංවිධානය කිරීම හෝ ඒවාට අනුබල සැපයීමේ, ආරක්ෂිත ලක්ෂණ මත පදනම්ව නැවත නැවතත් මිනිසුන්ට එරෙහිව හානි කිරීමට අනුබල සැපයීමේ හෝ ක්‍රමානුකූල සාපරාධී මෙහෙයුම්වල නියැළි බරපතළ අන්තර්ජාලයෙන් පරිබාහිර හානිවල නිරතව සිටින අස්ථිත්වයන් කෙරෙහි අවධානය යොමු කරයි. 1 වැනි ස්තරයට අයත් වන්නේ එක්සත් ජනපද රජයෙන් අන්තරායකර මත්ද්‍රව්‍ය ජාවාරම් රජුන් (SDNTK) ලෙස විශ‍ේෂ‍යෙන් නම් කරන ලද්දවුන් ඇතුළත් සාපරාධී සංවිධාන; එක්සත් ජනපද රජයෙන් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන (FTO) හෝ විශ‍ේෂ‍ෙෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදීන් (SDGTs) ලෙස නම් කරන ලද අස්ථිත්වයන් හා පුද්ගලයන් ඇතුළුව ත්‍රස්තවාදී සංවිධාන වේ. අපි 1 වැනි ස්තරයේ අස්ථිත්වයන්, ඒවායේ නායකයන්, නිර්මාතෘවරුන් හෝ ප්‍රමුඛ සාමාජිකයන් මෙන් ම ඔවුන්ට නොපැහැදිලි සම්බන්ධයක් ඇති සඳහන් කිරීම් සම්බන්ධයෙන් ද උත්කර්ෂයට නැඟීම, සහාය සහ නියෝජනය කිරීම් ඉවත් කරමු.
මීට අමතරව, ත්‍රස්තවාදී ප්‍රහාර, ද්වේෂය මුල් කරගත් සිදුවීම්, වින්දිතයන් ගණනාවකට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වය හෝ වින්දිතයන් ගණනාවකට එරෙහිව සිදු කිරීමට යත්න දැරූ ප්‍රචණ්ඩත්වය, මිනිස් ඝාතන මාලා හෝ ද්වේෂ සහගත අපරාධ ඇතුළුව Meta විසින් උල්ලංඝනීය ප්‍රචණ්ඩකාරී සිදුවීම් ලෙස නම් කරන සිදුවීම් උත්කර්ෂයට නැංවීම, ඒවාට සහාය දැක්වීම හෝ ඒවා නියෝජනය කිරීම සඳහා අපි ඉඩ නොදෙමු. එමෙන් ම එවැනි ප්‍රහාර සිදු කරන අපරාධකරුවන් (1) උත්කර්ෂයට නැංවීම, ඔවුන්ට සහාය සැපයීම හෝ ඔවුන්ව නියෝජනය කිරීම සඳහා ද; (2) එවැනි ප්‍රහාරවලට අදාළව අපරාධකරු විසින් ජනනය කරන ලද අන්තර්ගතය; හෝ (3) දෘශ්‍යමාන වින්දිතයන්ට එවැනි ප්‍රහාර එල්ල වන මොහොත නිරූපණය කරන තෙවන පාර්ශ්වීය රූප සඳහා ද අපි ඉඩ නොදෙමු. නාසිවාදය හා සුදු ජාතිකයන්ගේ ආධිපත්‍යය වැනි වෛරය ප්‍රවර්ධනය කරන දෘෂ්ටිවාදයන් උත්කර්ෂයට නංවන, ඒවාට අනුබල සපයන හෝ ඒවා නියෝජනය කරන අන්තර්ගතයන් ද අපි ඉවත් කරමු. එකී නම් කරන ලද සිද්ධීන්ට හෝ දෘෂ්ටිවාදීන්ට සිදු කරන නොපැහැදිලි සඳහන් කිරීම් ද අපි ඉවත් කරමු.
2 වන ස්තරයට සන්නද්ධ අරගලයක දී රාජ්‍ය හෝ හමුදා ක්‍රියාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී හැසිරීම්වල නිරත වන නමුත් චේතනාන්විතව සිවිල් වැසියන් ඉලක්ක කර නොගන්නා ප්‍රචණ්ඩකාරී රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් අයත් වේ. තව ද මීට, මෙතෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරතව නැති නමුත්, අනාගත ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සඳහා සූදානම් වීමක හෝ අනුබල සැපයීමක නිරතව සිටින ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන අස්ථිත්වයන් ද ඇතුළත් වේ. තව ද වේදිකාව මත හෝ ඉන් පරිබාහිරව අපගේ ද්වේෂ සහගත හැසිරීම හෝ අනතුරුදායක සංවිධාන සහ පුද්ගලයන් සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමේ නැවත නැවතත් නිරත විය හැකි අස්ථිත්වයන් ද සිටී. අපි මෙම අස්ථිත්වයන්, ඒවායේ නායකයන්, නිර්මාතෘවරුන් හෝ ප්‍රමුඛ සාමාජිකයන් උත්කර්ෂයට නැඟීම්, ඔවුන්ට ද්‍රව්‍යමය ආධාර ලබා දීම් සහ ඔවුන්ව නියෝජනය කිරීම් ඉවත් කරමු.
පරිශීලකයන් විසින් සමාජ හා දේශපාලන කතිකාමය සන්දර්භයක දී නම් කළ අනතුරුදායක සංවිදාන හෝ පුද්ගලයන් පිළිබඳ සිදු කරන සඳහන් කිරීම් ඇතුළත් වන අන්තර්ගත බෙදාගැනීමට ඉඩ ඇති බව අපි හඳුනා ගනිමු. මීට අනතුරුදායක සංවිධාන හා පුද්ගලයන් හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කරන, ඒවා පිළිබඳව මධ්‍යස්ථව සාකච්ඡා කරන හෝ ඒවා හෙළා දකින අන්තර්ගත අයත් වේ.
ප්‍රවෘත්ති වාර්තාකරණයට නම් කළ අනතුරුදායක සංවිධාන සහ පුද්ගලයන් සම්බන්ධ වන දේශීය හා ගෝලීය සිදුවීම් පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම පිණිස බෙදාගන්නා තොරතුරු අයත් වේ.
  • උදා. “උණුසුම් පුවත්: සෝමාලියාවේ සිදු වූ ප්‍රහාරයේ වගකීම අල්-ෂාබ් සංවිධානය භාර ගනී”
  • උදා. “කාල රේඛාව හා වි‍ශ‍ේෂඥ විශ්ලේෂණය: බෆලෝ සුපිරි වෙළඳසැලේ සිදු වූ වෙඩි තැබීම සිදු වූ ආකාරය සහ ප්‍රහාරකයා උසාවියේ දී පැවසූ දෑ”
මධ්‍යස්ථ සාකච්ඡාවලට නම් කළ අනතුරුදායක සංවිධාන හෝ පුද්ගලයන් හා ඔවුන්ගේ හැසිරීම පිළිබඳ ධනාත්මක මතයක් නොදරන කරුණු පාදක කරගත් ප්‍රකාශ, වාර්තා වැඩසටහන්, ප්‍රශ්න හා වෙනත් තොරතුරු ඇතුළත් වේ.
  • උදා. “නායකත්වයේ හා මූල්‍ය තත්ත්වය අතින් පවතින අඩුපාඩු නිසා අල් කයිඩා සංවිධානයෙන් ඇති තර්ජනය ISIS සංවිධානයෙන් ඇති තර්ජනය තරම් ප්‍රබල එකක් නොවෙයි”
  • උදා. “ඇන්ඩර්ස් බ්‍රෙල්වික් යනු රැඩිකල්වාදී ක්‍රියාවලියක් කෙතරම් සංකීර්ණ ද යන්නට එක් උදාහරණයකි”
හෙළා දැකීමට යම් නම් කළ අනතුරුදායක සංවිධානයක් හෝ පුද්ගලයකු හා ඔවුන්ගේ හැසිරීම අනුමත නොකිරීම, පිළිකුල් කිරීම, ප්‍රතික්‍ෂ‍ේප කිරීම, වි‍වේචනය කිරීම, සමච්චලයට ලක් කිරීම සහ වෙනත් ඍණාත්මක ප්‍රකාශයන් අයත් වේ.
  • උදා. “සැල්වදෝර් රේමස්ගේ අපරාධය ඉතා පිළිකුල් සහගතයි. නඩුකාරයාගේ කතාව මට සෑහෙන්න දැනුණා. ඔහුට අධිකරණයෙන් කිසිම සමාවක් නොලැබිය යුතු යි”
  • උදා. “හිට්ල්ගේ අපරාධ කවදාවත් අමතක වෙන එකක් නෑ. මේවා ඉතිහාසයේ අඳුරුම අවස්ථා කිහිපයක්”
අපගේ ප්‍රතිපත්ති සැලසුම් කර ඇත්තේ මෙම ආකාරයේ සාකච්ඡා සඳහා ඉඩ ලබා දෙන අතරම විභව අපගත හානියේ අවදානම් සීමා කිරීම සඳහා ය. එබැවින් එවැනි අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී හෝ බෙදා ගැනීමේදී ඔවුන්ගේ අභිප්‍රාය පැහැදිලිව දැක්වීමට අපි පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිමු. පරිශීලකයාගේ අභිප්‍රාය අපැහැදිලි හෝ අපැහැදිලි නම්, අපි අන්තර්ගතය ඉවත් කිරීමට පෙරනිමි කරන්නෙමු.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සමගාමීව, අන්තර්ගතයට ප්‍රචණ්ඩත්වය උසි ගැන්වීම වැනි නම් කළ අස්ථිත්වයන් වෙනත් ආකාරයකින් උත්කර්ෂයට නැංවීම, ඒවාට සහාය දැක්වීම හෝ ඒවා නියෝජනය කිරීම හෝ වෙනත් ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම් අයත් වන්නේ නම් විනා, අපගේ ප්‍රතිපත්ති මගින් නම් කළ පුද්ගලයන්ගේ හෝ නම් කල අනතුරුදායක අස්ථිත්වයන්ගේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡාවලට ඉඩ දෙයි.
ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් සඳහා වන අපගේ කැපවීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර අපගේ ආයතනික මානව හිමිකම් ප්‍රතිපත්තිය බලන්න.
අපි පහත දේ ඉවත් කරන්නෙමු:
අපි විවිධ අනතුරුදායක සංවිධාන සහ පුද්ගලයන් උත්කර්ෂයට නැංවීම, ඒවාට සහාය දැක්වීම හා ඒවා නියෝජනය කිරීම ඉවත් කරමු. මෙම සංකල්ප සංවිධානවලට, ඒවායේ ක්‍රියාකාරීත්වයන්ට සහ ඒවායේ සාමාජිකයන්ට අදාළ වේ. මෙම සංකල්ප මගින් යම් යම් නිශ්චිත දේශපාලන ප්‍රතිඵල ලබා ගැනීම පිණිස සාමකාමීව යමක් වෙනුවෙන් පෙනී සිටීම තහනම් නොකෙරේ.
පහත කිසියම් හෝ ලෙසකින් නිර්වචනය කර ඇති දෙයක් උත්කර්ෂයට නැංවීම :
  • නම් කරන ලද අස්ථිත්වයක ප්‍රචණ්ඩකාරී හෝ ද්වේෂ සහගත ක්‍රියාවන්ට ඒවා පිළිගත හැකි හෝ සාධාරණීකරණය කරන ආධ්‍යාත්මික, දේශපාලනික, නෛතික හෝ වෙනත් අන්දමක සාධාරණත්වයක් ඇති බව කියා පාමින් එකී ක්‍රියාවන් නීතිගත කිරීම හෝ ඒවාට ආරක්ෂාව සැලසීම.
    • උදා. “හිට්ලර් කිසිදු වරදක් නොකළේ ය.”
  • නම් කළ අස්ථිත්වයක ප්‍රචණ්ඩකාරී ක්‍රියා හෝ වෛරය ජයග්‍රහණයක් හෝ කාර්ය සපුරාලීමක් ලෙස වර්ග කිරීම හෝ උත්කර්ෂයට නැඟීම;
    • උදා. “නිදහස් හා ස්වාධීන කාෂ්මීරයක් සඳහා හිස්බුල් මුජහිඩීන් යුද්ධය ජයග්‍රහණය කරයි”
  • උල්ලංඝනීය භීෂණකාරී සිදුවීමක සාමාජිකත්වය පිළිබඳ අභිලාෂීත්වයෙන් යුත් ප්‍රකාශයක් හෝ නම් කළ ආයතනයක් හෝ අපරාධකරුවකු වීමට ඔබ කැමති බව දක්වන ප්‍රකාශයක්.
    • උදා. “මට ISIS එකට එකතු වෙලා ඛිලාෆාවේ කොටස් කරුවෙකු වෙන්න තිබුණ නම්”
අපි 1 වැනි සහ 2 වැනි අස්ථිත්වයන්ගේ මෙන් ම නම් කළ සිදුවීම්වල ද උත්කර්ෂයට නැංවීම් ඉවත් කරමු.
1 වැනි ස්තරය සහ නම් කළ සිදුවීම් සඳහා, පරිශීලකයාගේ ආධ්‍යාශය පැහැදිලිව දක්වා නොමැති නම්, අප විසින් නොපැහැදිලි හෝ සන්දර්භයක් රහිත සඳහන් කිරීම් ද ඉවත් කරමු. මීට නොපැහැදිලි හාස්‍යය හා නම් කළ අස්ථිත්වයේ ප්‍රචණ්ඩත්වය හෝ වෛරීභාවය උත්කර්ෂයට නොනඟන සිරැසි රහිත හෝ ධනාත්මක සඳහන් කිරීම් ද අයත් වේ.
පහත කිසියම් හෝ ලෙසකින් නිර්වචනය කර ඇති සහාය :
  • ද්‍රව්‍යමය සහාය
    • නම් කළ අස්ථිත්වයක් වෙතට හෝ ඉන් ඉවතට මුදල් ගෙන්වීම වැනි නම් කළ අස්ථිත්වයක මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කරන කිනම් හෝ ක්‍රියාවක්;
      • උදා., “KKK වෙත පරිත්‍යාග කරන්න!”
    • නම් කළ අස්ථිත්වයක් හෝ සිදුවීමක් වෙත ද්‍රව්‍යමය ආධාර සපයන ඕනෑම ක්‍රියාවක්;
      • උදා., “ඔබට සිනලෝවා කාර්ටලයට රැකවරණ පැකේජ යැවීමට අවශ්‍ය නම්, මෙම ලිපිනය භාවිත කරන්න.”
    • නම් කළ අස්ථිත්වයක් හෝ සිදුවීමක් වෙනුවෙන් බඳවාගැනීම් සිදු කිරිම;
      • උදා., “ඔබට කැලිෆේට් වෙනුවෙන් සටන් කිරීමට අවශ්‍ය නම්, මට ඍජු පණිවිඩයක් එවන්න”
  • වෙනත් සහාය
    • නම් කළ අස්ථිත්වයක් හෝ සිදුවීමක් වෙනුවෙන් නිල සන්නිවේදනයන් ඇතුළුව තොරතුරු හෝ සම්පත් යොමු කිරීම
      • උදා., නම් කළ අස්ථිත්වයක් හෙළා දකින, ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථව සාකච්ඡා කරන සිරස්තලයකින් තොරව හෝ ප්‍රවෘත්ති වාර්තාකරණයක කොටසක් ලෙස නොවී නම් කළ අස්ථිත්වයක් ඍජුව උපුටා දැක්වීම.
    • නම් කළ අස්ථිත්වයක් හෝ සිදුවීමක් වෙනුවෙන් ක්‍රියාකිරීමට උපදෙස් ලබා දීම;
      • උදා. “අටුම්වෆන් අංශය අමතන්න-(XXX) XXX-XXXX”
අපි 1 වැනි ස්තරයෙහි සියලු ම සහායන් සහ 2 වැනි ස්තරයෙහි සැනකිය යුතු සහායන් ඉවත් කරන්නෙමු.
පහත කිසියම් හෝ ලෙසකින් නිර්වචනය කර ඇති නියෝජනය කිරීමක් :
  • ඔබ නිමිත අස්ථිත්වයක සාමාජිකයෙකු බව හෝ නිමිත අස්ථිත්වයක් බව ප්‍රකාශ කිරීම;
    • උදා., “මම KKK හි ග්‍රෑන්ඩ් ඩ්‍රැගන් වෙමි.”
  • නිමිත අස්ථිත්වයක් විසින් හිමිකම් කියනු ලබන හෝ එසේ වීමට අරමුණු කරන හෝ ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන හෝ එසේ කිරීමට අරමුණු කරන පිටුවක්, පැතිකඩක්, විශේෂ අවස්ථාවක් හෝ වෙනත් Facebook අස්ථිත්වයක් නිර්මාණය කිරීම.
    • නිද., “ඇමෙරිකානු නාසි පක්ෂය” නම් වූ පිටුවක්.
අපි 1 වැනි හා 2 වැනි ස්තරවල නම් කළ සංවිධාන හා නම් කළ සිදුවීම්වල නියෝජනය කිරීම් ඉවත් කරමු.
අනතුරුදායක සංවිධාන වර්ග හා ඒවායේ ස්තර
1 වන ස්තරය: ත්‍රස්තවාදය, සංවිධානගත වෛරය, මහා පරිමාණ සාපරාධී ක්‍රියාකාරීත්වය, වින්දිතයන් ගණනාවක් ඇති කරන ප්‍රචණ්ඩත්වය දියත් කිරීමේ උත්සාහයන්, වින්දිතයන් ගණනාවක් සිටින ප්‍රචණ්ඩත්වය, දාම ඝාතන සහ උල්ලංඝනීය ප්‍රචණ්ඩකාරී සිදුවීම්
එක්සත් ජනපද රජය විසින් විශේෂයෙන් නම් කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම් රජුන් (SDNTK) ලෙස නම් කර ඇති අය; හෝ වෛරය; හෝ ත්‍රස්තවාදය ඇතුළු එක්සත් ජනපද රජය විසින් විදේශ ත්‍රස්තවාදී සංවිධාන (FTO) හෝ විශේෂයෙන් නම් කර ඇති ගෝලීය ත්‍රස්තවාදීන් (SDGT) ලෙස නම් කරන ලද අස්ථිත්වයන් ඇතුළු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට හෝ සංවිධානවලට වේදිකාව මත පැවතීමට අපි ඉඩ නොදෙමු. එමෙන්ම අනෙක් පුද්ගලයන්ට මෙම අස්ථිත්වයන් නියෝජනය කිරීමට ද අපි ඉඩ නොදෙමු. මෙකී සංවිධානවල නායකයන්ට හෝ ප්‍රමුඛ සාමාජිකයන්ට වේදිකාවේ සිටීමට, ඔවුන් නියෝජනය කරන සංකේත වේදිකාව තුළ භාවිත කිරීමට හෝ ඔවුන් පිළිබඳ නොපැහැදිලි සඳහන් කිරීම් ඇතුළුව, ඔවුන්ව උත්කර්ෂයට නඟන අන්තර්ගත සඳහා අපි ඉඩ නොදෙන්නෙමු. මීට අමතරව, මෙකී පුද්ගලයන් සහ සංවිධාන සඳහා කිනම් හෝ සහායක් අපි ඉවත් කරමු.
Meta විසින් ත්‍රස්තවාදී ප්‍රහාර, ද්වේෂය මුල් කරගත් සිදුවීම්, වින්දිතයන් ගණනාවකට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වය හෝ වින්දිතයන් ගණනාවකට එරෙහිව සිදු කිරීමට යත්න දැරූ ප්‍රචණ්ඩත්වය, මිනිස් ඝාතන මාලා හෝ ද්වේෂ සහගත අපරාධ හෝ උල්ලංඝනීය ප්‍රචණ්ඩකාරී සිදුවීම් ලෙස නම් කරන සිදුවීම් උත්කර්ෂයට නැංවීම, ඒවාට සහාය දැක්වීම හෝ ඒවා නියෝජනය කිරීම සඳහා අපි ඉඩ නොදෙමු. එමෙන් ම එවැනි ප්‍රහාර සිදු කරන අපරාධකරුවන් (1) උත්කර්ෂයට නංවන, ඔවුන්ට සහාය දක්වන හෝ ඔවුන්ව නියෝජනය කරන අන්තර්ගත සඳහා ද; (2) එවැනි ප්‍රහාරවලට අදාළව අපරාධකරු විසින් ජනනය කරන ලද අන්තර්ගතය; හෝ (3) දෘශ්‍යමාන වින්දිතයන්ට එවැනි ප්‍රහාර එල්ල වන මොහොත නිරූපණය කරන තෙවන පාර්ශ්වීය රූප සඳහා ද අපි ඉඩ නොදෙමු.
අපි නම් කරන ලද ද්වේෂසහගත මතවාදයන් උත්කර්ෂයට නැංවීමට, ඒවාට සහාය දැක්වීමට හෝ ඒවා නියෝජනය කිරීමට මෙන්ම ඒවා පිළිබඳව සිදු කරන නොපැහැදිලි සඳහන් කිරීම්වලට ඉඩ නොදෙමු.
පහත ආකාරයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන ක්‍රියාකරුවකු ලෙස අර්ථ දක්වා ඇති ත්‍රස්තවාදී සංවිධාන සහ පුද්ගලයන්:
  • අරමුණු සහිතව සහ සැලසුම් සහගතව ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වෙමින්, පක්ෂව කථා කරමින් හෝ කරුණුමය ආධාර සපයමින්,
  • සිවිල් වැසියන් හෝ සන්නද්ධ ගැටුමක දී සටන්වලට ඍජුව සහභාගී නොවන වෙනත් ඕනෑම පුද්ගලයෙකු මරණයට පත් කිරීමට, ඔවුන්ට පීඩා කිරීමට හෝ බරපතළ හානි කිරීමට සහ/හෝ සිවිල් වැසියන් මරණයට පත් කිරීමට, බරපතළ පීඩා කිරීමට හෝ බරපතළ හානිවලට ලක් කිරීමට සම්බන්ධ දේපළවලට සැලකිය යුතු හානියක් සිදු කිරීමට ගන්නා උත්සාහයන් හෝ හේතු වන
  • බලහත්කාරකම් කිරීමට, තර්ජනයෙන් බිය ගැන්වීමට සහ/හෝ සිවිල් ජනගහනයකට, රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට බලපෑම් කිරීමේ අභිප්‍රාය ඇතිව
  • දේශපාලන, ආගමික හෝ මතවාදී ඉලක්කයක් සපුරා ගැනීම සඳහා කටයුතු කරන්නන් වේ.
ද්වේශ සහගත ආයතනය, ඔවුන්ගේ ආරක්ෂිත ලක්ෂණ මත පදනම්ව අන් අයට එරෙහිව වෛරය පතුරුවන සහ දිරිමත් කරන සංවිධානයක් හෝ පුද්ගලයෙක් ලෙස අර්ථ දැක්වේ. ආයතනයේ ක්‍රියාකාරකම් අවම වශයෙන් පහත දැක්වෙන හැසිරීම් වලින් සංලක්ෂිත වේ:
  • ප්‍රචණ්ඩත්වය, තර්ජනාත්මක වාචාල කතා, හෝ ඔවුන්ගේ ආරක්ෂිත ගුණාංග මත පදනම්ව පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් භයානක හිංසනය කිරීම්;
  • ද්වේෂ සහගත කථාව නැවත නැවත භාවිත කිරීම;
  • ද්වේෂ සහගත දෘෂ්ටිවාදීන් හෝ වෙනත් නම් කරන ලද ද්වේෂ සහගත අස්ථිත්වයන් නියෝජනය කිරීම, සහ/හෝ
  • නම් කරන ලද ද්වේෂ සහගත අස්ථිත්වයන් හෝ ද්වේෂ සහගත දෘෂ්ටිවාදීන් උත්කර්ෂයට නැංවීම හෝ ඒවාට සහාය දැක්වීම.
පුද්ගලයන් තිදෙනෙකු හෝ වැඩි ගණනක් සහිත සංගමයක් ලෙස අර්ථ නිරූපණය කළ සාපරාධී සංවිධාන:
  • නමක්, වර්ණ(යක්), හස්ත සංඥා(වක්) හෝ පිළිගත් සලකුණක් ඇති; සහ
  • ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම හෝ පැහැර ගැනීම් වැනි සාපරාධී කටයුතුවල නිරත වන හෝ නිරත වන බවට තර්ජනය කරන සංගමයක් ලෙස නිර්වචනය කෙරේ.
වින්දිත ප්‍රචණ්ඩත්වය සහ ඝාතන මාලාව
  • යම් තනි සිදුවීමක දී, මරණ හෝ බරපතල හානි ලෙස හැඳින්විය හැකි තුවාලකරුවන් තුන් දෙනෙකු හෝ වැඩි ගණනක් තිබේ නම් අපි එය බහු වින්දිත ප්‍රචණ්ඩත්වයක් හෝ බහු වින්දිත ප්‍රචණ්ඩත්වයක් සඳහා උත්සාහ දැරීමක් ලෙස සලකන්නෙමු. එවැනි ප්‍රහාරයක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු බහු වින්දිත අපරාධකරුවෙකු හෝ ඒ සඳහා උත්සාහ කළ අපරාධකරුවෙකු ලෙස සැලකේ.
  • විවිධ සිදුවීම් හෝ ස්ථානවල මිනීමැරුම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති පුද්ගලයෙකු දාම ඝාතකයෙකු ලෙස අපි සලකමු.
ද්වේෂ සහගත මතවාද
  • අපගේ සංවිධානවල තනතුරු සහ පුද්ගලයන් හැසිරීම් කෙරෙහි අවධානය යොමු කරන අතර තමන් අවට සිටින පුද්ගලයන්ගේ ආරක්ෂිත ලක්ෂණ මත පදනම් වෙමින් ඔවුන් ප්‍රචණ්ඩත්වය හෝ අන් අය බැහැර කිරීමකට කැඳවීම් කිරීමට උත්සාහ දරන සහ ප්‍රචණ්ඩත්වය හා නෛසර්ගිකව බැඳී පවතින මතවාදයන් සහ විශ්වාසයන් ඇති බව ද අපි හඳුනා ගනිමු. මෙවන් අවස්ථාවන්හි දී, අප එම මතවාදයම නිමිත කරන අතර එම මතවාදයට සහාය දක්වන අන්තර්ගතය අපගේ වේදිකාවෙන් ඉවත් කරමු. මෙම මතවාදයන්ට පහත ඒවා ද අයත් වේ:
    • නාසිවාදය
    • සුදු අධිපතිවාදය
    • සුදු ජාතිකවාදය
    • සුදු ජාතික බෙදුම්වාදය
  • අපි මෙම දෘෂ්ටිවාදයන් ප්‍රකාශිතව උත්කර්ෂයට නැංවීම, ඒවාට සහාය දැක්වීම සහ නියෝජනය කිරීම ඉවත් කරන අතර මෙකී ද්වේෂ සහගත දෘෂ්ටිවාදීන් එකකට හෝ වැඩි ගණනකට සම්බන්ධ වන පුද්ගලයන් හෝ සංවිධාන ඉවත් කරමු.
2 වන ස්තරය: ප්‍රචණ්ඩකාරී රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් සහ ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන අස්ථිත්වයන්
Meta විසින් ප්‍රචණ්ඩකාරී රාජ්‍ය නොවන ක්‍රියාකරුවන්ට හෝ ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන අස්ථිත්වයන් ලෙස නම් කරන ලද සංවිධානවලට සහ පුද්ගලයන්ට අපගේ වේදිකාවල පෙනී සිටීමට හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් අය විසින් පවත්වාගෙන යන පෙනී සිටීමක් දැරීමට අවසර නොදේ. මෙකී ප්‍රජාවන් සන්නද්ධ අරගලවල දී රජයට හෝ හමුදා ක්‍රියාකරුවන්ට එරෙහිව (ප්‍රචණ්ඩකාරී රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් ලෙස) ක්‍රියාකාරී ලෙස ප්‍රචණ්ඩත්වයෙහි නිරතව හෝ අනාගත ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා සූදානම් වෙමින් හෝ අනුබල සපයමින් හෝ තත්ත්වයන් සකස් කරමින් සිටින බැවින් (ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන අස්ථිත්වයන්) මේ අස්ථිත්වයන්ට ද්‍රව්‍යමය සහාය ලබා දීමට අවසර නොදේ. අපි මෙම අස්ථිත්වයන් උත්කර්ෂයට නැංවීම් ද ඉවත් කරන්නෙමු.
පහත ආකාරයේ රාජ්‍ය නොවන ක්‍රියාකරුවකු ලෙස අර්ථ නිරූපණය කර ඇති ප්‍රචණ්ඩ රාජ්‍ය නොවන ක්‍රියාකරුවන්:
  • සන්නද්ධ අරගලයක් පවතින තත්ත්වයක දී, සතුරු ක්‍රියාකාරකම්වලට ඍජුව ම සහභාගි වෙමින් රජය, හමුදාව හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ඉලක්කගත හා සැලසුම් කළ ඉතා දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියා පැවතුමක ම නියැ‍ළ‍ෙමින්, චේතනාන්විතව හා ප්‍රකාශිතව සිවිල් වැසියන්ව ඉතා දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ඉලක්ක නොකරන; සහ/හෝ
  • ප්‍රජාවන්ට තීරණාත්මක යටිතල පහසුකම් හෝ ස්වභාවික සම්පත් වෙත ප්‍රවේශය අහිමි කරන; සහ/හෝ
  • ජීවිත හානි, බරපතළ ආබාධ හෝ සිවිල් වැසියන්ට සිදු වන බරපතළ හානිවලට සම්බන්ධ නොවන යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානි කිරීමේ අරමුණින් සිදු කරන ප්‍රහාර රටාවක නියැළීම.
පහත ආකාරයට අර්ථ නිරූපණය කර ඇති ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන අස්ථිත්වයන්:
ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන අස්ථිත්වයක් (පොදු) යනු පහත ආකාරයෙන් ක්‍රියා කරන රාජ්‍ය නොවන ක්‍රියාකරුවෙකි:
  • ප්‍රචණ්ඩත්වය හරහා, රජයට අමතරව හෝ රජය වෙනුවට අනුමත නොකළ රාජ්‍ය බලාත්මක කිරීමේ කාර්යයක් (උදාහරණ ලෙස පොලිස්, මිලිටරි හෝ ආගමන විගමන කටයුතු වැනි) සැපයීම හෝ ප්‍රචණ්ඩත්වය හරහා රජයේ බලාත්මක කිරීමේ කාර්යයකට බාධා පැමිණවීම තම ප්‍රකාශිත ඉලක්කය හෝ අපේක්ෂිත කාර්යය කරගත්;
  • Meta වේදිකාවල මෙම ප්‍රකාශිත ඉලක්කය කරා සැලකිය යුතු පියවරක නියැළී සිටින අතර
  • අධික ලෙස බරපතළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමට තර්ජනය කිරීමේ හෝ පොළඹවනු ලැබීමේ (අන්තර්ජාලය ඔස්සේ හෝ අන්තර්ජාලයෙන් පරිබාහිරව) සිද්ධි කිහිපයක නිරත වී ඇති;
තහනම් කළ ද්වේෂ සහගත අස්ථිත්වයක් යනු පහත ආකාරයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන ක්‍රියාකරුවෙකි:
  • ප්‍රචණ්ඩත්වය සඳහා ප්‍රකාශිතව ම ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති හෝ ප්‍රචණ්ඩත්වයෙහි නියැළී නොමැති නිසා හෝ පෙර නම් කළ සංවිධාන හෝ පුද්ගලයන් සමඟ ප්‍රමාණවත් සම්බන්ධතා නොමැති නිසා හෝ 1 වන ස්තරයේ මට්ටමට පැමිණ නොමැති නමුත් නැවත නැවතත් ද්වේෂ සහගත හැසිරීම් හෝ කථාවන්වල නියැළීම.
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
  • සමහර අවස්ථාවල දී, අන්තර්ගතය උපහාසාත්මක බව තීරණය කළ කල්හි ප්‍රජා ප්‍රමිති අන් හෙයකින් උල්ලංඝනය කරන අන්තර්ගතයට අපි ඉඩ දෙන්නෙමු. අන්තර්ගතයට ඉඩ දෙනු ලබන්නේ, අන්තර්ගතයේ ඇති උල්ලංඝනය කරනු ලබන කරුණු උපාහාසාත්මක වන්නේ නම් හෝ, යමක් හෝ යමෙකු උපහාසයට හෝ විවේචනයට ලක් කිරීමේ අරමුණින් ඒවා වෙනත් දෙයකට ආරෝපණය කරන්නේ නම් හෝ පමණි.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
දත්ත
නවතම ප්‍රජා ප්‍රමිතීන් බලාත්මක කිරීමේ වාර්තාව බලන්න
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
අනතුරුදායක පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න