සයිබර් ආරක්ෂණය

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අපගේ පරිශීලකයන්ගේ පුද්ගලික තොරතුරු, ගිණුම්, ප්‍රොෆයිල සහ ඔවුන් විසින් කළමනාකරණය කිරීමට ඉඩ ඇති වෙනත් Meta සත්තාවන් මෙන් ම අපගේ නිෂ්පාදන සහ සේවාවන් ඇතුළුව අපගේ පරිශීලකයන්ගේ ආරක්ෂාව අපි වඩාත් පුළුල්ව හඳුනා ගනිමු. සංවේදී පුද්ගලික තොරතුරු එක් රැස් කිරීමට උත්සාහ කිරීම හෝ කූට හෝ ආක්‍රමණශීලී ක්‍රම මගින් අනවසරයෙන් ප්‍රවේශයේ නිරත වීම අපට නඟා සිටුවීමට අවශ්‍ය අව්‍යාජ, විවෘත සහ ආරක්ෂිත වාතාවරණයට හානිකර වේ.
අපි පහත දෑට ඉඩ නොදෙමු:
පහත ඒවා ඇතුළුව, අනවසර ක්‍රමවලින් ගිණුම් අනතුරේ හෙළීමට හෝ ඒවා වෙත ප්‍රවේශ වීමට ප්‍රයත්න දැරීම:
  • තමාගේ ම හැර ගිණුම්, ප්‍රොෆයිල හෝ වෙනත් Meta ආයතනවලට ප්‍රයෝගකාරී ක්‍රමවලින් හෝ ගිණුමෙන්, ප්‍රොෆයිලයෙන් හෝ ආයතනයක හිමිකරුවකුගෙන් ප්‍රකාශිතව ලබාගත් කැමැත්තෙන් තොරව ප්‍රවේශ වීම.
  • පහත උපක්‍රම ඇතුළුව, අනවසරයෙන් ප්‍රවේශ වීමේ අරමුණු උදෙසා වෙනත් පරිශීලකයකුගේ පිවිසුම් තොරතුරු, පුද්ගලික තොරතුරු හෝ වෙනත් සංවේදී පරිශීලක තොරතුරු ලබා ගැනීම, අත්පත් කර ගැනීම හෝ ඉල්ලා සිටීම:
    • ප්‍රෝඩාකාරී ලෙස සංවේදී පරිශීලක තොරතුරු අත්පත් කර ගැනීමේ අරමුණ උදෙසා, වඩාත් විශ්වසනීය හෝ පිළිගැනීමක් සහිත ආකාරයට පෙනෙන අන්දමින් සකස් කර ඇති සන්නිවේදන හෝ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ පිළිවෙත ලෙස අර්ථ නිරූපණය කර ඇති තතු බෑම.
    • පොදු ගිණුමට හෝ මුරපද ප්‍රතිසාධනය කිරීමේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට හෝ අත්පත් කර ගැනීමට නැවත නැවතත් හෝ අඛණ්ඩව සිදු කරන ප්‍රයත්නයන් වැනි, අනීතික චර්යා නියාමන තාක්ෂණය.
    • අනිෂ්ට මෘදුකාංග, ඉටු-අනිටු මෘදුකාංග, ඔත්තු බැලීමේ මෘදුකාංග හෝ පහතින් විස්තර කර ඇති පරිදි වෙනත් අනිෂ්ට කේත.
පහත ඒවා ඇතුළුව අනිෂ්ට හෝ හානිකර කේත බෙදාගැනීම, සංවර්ධනය කිරීම හෝ ඒවාට සත්කාරකත්වය සැලසීම හෝ බෙදා හැරීම:
  • පහත ඒවාට සීමා නොවී ඒවා ද ඇතුළුව, පරිශීලකයෙකුගේ ඔන්ලයින් හෝ දත්ත ආරක්ෂණයට බාධා කරන ගොනු, යෙදුම් හෝ වැඩසටහන් බාගන්නා ලෙස හෝ ක්‍රියාත්මක කරන ලෙස පරිශීලකයන් දිරිමත් කිරීම හෝ මුළා කිරීම:
    • පද්ධතිවල හානි කිරීමට හෝ අනවසර ප්‍රවේශය ලබා ගැනීමට සැලසුම් කර ඇති කේත හෝ මෘදුකාංග ලෙස අර්ථ නිරූපණය කරන අනිෂ්ට මෘදුකාංග. මීට පරිගණක පද්ධතිවලට හානි කිරීමට සැලසුම් කර ඇති ක්‍රමලේඛ මෙන් ම කප්පම් ලබා ගැනීමේ මෘදුකාංග වැනි වින්දිතයන්ගෙන් මුදල් ලබා ගැනීමට සැලසුම් කර ඇති මෘදුකාංග ද අයත් වේ.
    • පරිශීලකයාගේ දැනුවත් කැමැත්ත රහිතව පරිශීලකයන් පිළිබඳ දත්ත රැස් කර ඒවා තෙවැනි පාර්ශ්වයන් වෙත යවන හෝ එකී දත්ත නීතිවිරෝධී අරමුණු (උදා: ලිංගික දර්ශන මුදාහරින බවට තර්ජනය කිරීම්, දුර්වලතාවක් අනාවරණ කරන බව පවසමින් කරන තර්ජන, පද්ධතිවලට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම) කේත හෝ මෘදුකාංග ලෙස අර්ථ කථනය කරන ඔත්තු බැලීමේ මෘදුකාංග.
    • දෘඨාංග හෝ මෘදුකාංග භාවිතයෙන් වළක්වන පරිගණක පද්ධතියකින් හෝ ජාලයකින් ඉවත් කර ගැනීම දුෂ්කර වියහැකි ලෙස අර්ථ කථනය කරන ඉටු-අනිටු මෘදුකාංග.
  • අපගේ පරිශීලකයින් හෝ නිෂ්පාදන සහ සේවා අවදානමට ලක් කරන වේදිකාව මත හෝ ඉන් පිටත බ්‍රවුසර දිගු සහ මොබයිල් යෙදුම් ඇතුළු අනිෂ්ට මෘදුකාංග තැනීම, බෙදා ගැනීම හෝ සත්කාරකත්වය සැපයීම.
  • මෘදුකාංග හෝ අක්තපත්‍ර අපහරණය සඳහා දිරි ගන්වන මෘදුකාංග ඇතුළුව මිනිසුන්ට ආරක්ෂක පද්ධති මග හැර යාමට හැකියාව ලබා දෙන මෘදුකාංග, පාඨමාලා හෝ නිෂ්පාදන බෙදා ගැනීම හෝ ඒවා පිළිබඳ වෙළඳ ප්‍රචාරණයේ යෙදීම ඇතුළු ක්‍රමවලින් අපහරණය කරන බවට තර්ජනය කිරීම, එසේ කළ බවට පිළිගැනීම හෝ ඒ සඳහා හැකියාව ලබා දීම
  • අපගේ සේවා මත ඇති අපයෝජනාත්මක සබැඳිවලින් බහුතරය ප්‍රජා ප්‍රමිතිවල ස්පෑම් හෝ සයිබර් ආරක්ෂාව පිළිබඳ කොටස් උල්ලංඝනය කරන පරිදි අපයෝජනාත්මක සබැඳි ක්‍රියාත්මක කරන වෙබ් සත්කාරක සේවා, ඩොමේන නාම පද්ධති සර්වර සහ වෙළඳ දැන්වීම් ජාල ඇතුළු අන්තර්ජාලීය යටිතල පහසුකම් සැපයීම.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න