ව්‍යාජ හැසිරීම

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
ව්‍යාජ හැසිරීම යන්නෙන් Meta හෝ අපගේ ප්‍රජාව රැවටීමට ලක් කිරීමේ හෝ ප්‍රජා ප්‍රමිතීන් යටතේ නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් මඟ හැරීමේ අරමුණින් හෝ එක ම පුද්ගලයා හෝ පුද්ගලයන් සමූහයක් විසින් පාලනය කරනු ලබන ව්‍යාජ වත්කම් ජාලයක් මඟින් සිදු කරන විවිධ ආකාරයේ සංකීර්ණ ප්‍රයෝග අදහස් ක‍ෙරේ.
ප්‍රතිවාදී තර්ජන ක්‍රියාකාරීන් අසත්‍ය අනන්‍යතා භාවිත කරමින් අනවශ්‍ය ආකාරයේ ව්‍යාජ හැසිරීම්වල නියැලෙන විට, ඔවුහු අප විසින් අර්ථ දක්වා ඇති සමායෝජිත ව්‍යාජ හැසිරීම්වල නියැලෙති.
මෙම බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සහ ප්‍රමිතීන් අන්තර්ගතයේ හෝ දෘෂ්ටිවාදයේ ස්වභාවය නොසලකා අදාළ වන අතර මිනිසුන්ට තමන් අන්තර්ක්‍රියා කරන පුද්ගලයන් සහ ප්‍රජාවන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි අවකාශයක් නිර්මාණය කිරීම සඳහා සකසා ඇත.
අප මෙම ජාලයන් හඳුනාගත් විට, මෙම මෙහෙයුමට ඍජුවම සම්බන්ධ ව්‍යාජ ගිණුම්, පිටු, සමූහ, හෝ වෙනත් Meta සම්පත් අපි ඉවත් කරමු. මෙම පුද්ගලයන් විසින් උල්ලංඝනය කිරීමේ හැසිරීම්වලට සම්බන්ධ නොවන අව්‍යාජ සත්තාවන් නියෝජනය කරන පිටු, සමූහ හෝ ප්‍රජාවන් නිර්මාණය කරන, කළමනාකරණය කරන, අත්පත් කරගන්නා, ඉලක්ක කරන හෝ පාලනය කරන අවස්ථාවල දී, අප විසින් උල්ලංඝනය කිරීම් සිදු කරන පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගත හැකි නමුත් ඊට සම්බන්ධ නොවූ පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට අපගේ සේවාවන්හි රැඳී සිටීමට ඉඩදෙමු.
හැකි සෑම අවස්ථාවක දී ම, අපි CIB ජාලයන් පිළිබඳව අපගේ සොයාගැනීම්, මෙතැනින් සොයා ගත හැකි අපගේ ප්‍රතිකූලක තර්ජන වාර්තා තුළින් බෙදාගනිමු. මේ වාර්තා ව්‍යාජ හැසිරීම් ප්‍රතිපත්තිය යටතේ සමස්ත බලාත්මක කිරීම් සියල්ල ම ආවරණය කිරීම සඳහා අදහස් කර නොමැති නමුත්, මේ අවකාශය තුළ අප මුහුණ දෙන පරිණාමීය ස්වරූපයක් ගන්නා තර්ජන පිළිබඳ අපගේ ප්‍රජාවේ අවබෝධය වටහා දීමට උපකාරී වේ.
අපි පහත දෑ සඳහා ඉඩ නොදෙමු:
පහත කාරණා සඳහා ව්‍යාජ Meta වත්කම් (ගිණුම්, පිටු, සමූහ ආදී) නිර්මාණය, භාවිතය හෝ භාවිත කරන බවට කියාපෑම්:
  • යම් ප්‍රේක්ෂක පිරිසක හෝ තමා නියෝජනය කරන සත්තාවක අනන්‍යතාව හෝ සම්භවය පිළිබඳව Meta හෝ අපගේ පරිශීලකයන් රැවටීම
  • ප්‍රජා ප්‍රමිති යටතේ බලාත්මක කිරීම මග හැරීමට.
  • අන් අය හිංසාවට ලක් කිරීමට, බිය වැද්දීමට හෝ නිහඬ කිරීමට Meta පැමිණිලි කිරීමේ පද්ධති අවභාවිතය.
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
අපි පහත දෑ සඳහා ඉඩ නොදෙමු:
  • මෙහෙයුමට ව්‍යාජ අනන්‍යතාව වැදගත් වන අවස්ථාවල දී, සත්තාවන් විසින් වි‍ශ‍ේෂයෙන්ම සූක්ෂම ආකාරයේ වූ ව්‍යාජ හැසිරීම් ලෙස අර්ථ නිරූපණය කර ඇති සමායෝත ව්‍යාජ හැසිරීමක නියැලීම හෝ නියැලී සිටින බව කියා පෑම සහ ක්‍රියාකරුවන් විසින් අනාවරණය වීම මග හරවා ගැනීමට හෝ නිර්ව්‍යාජ ලෙස පෙනී සිටීමට ප්‍රතිකූලක ක්‍රම භාවිත කිරීම සහ
  • සත්තාවන් විසින් ජාල ක්‍රියාකරුවන් මෙහෙයුමෙන් ඉලක්ක කරන ප්‍රේක්ෂකයන් සිටින රටේ ම නොසිටින අවස්ථාවල දී, සමායෝත ව්‍යාජ හැසිරීම ලෙස අර්ථ නිරූපණය කරන,විදේශ මැදිහත්වීමේ නියැලීම හෝ එසේ නියැලෙන බවට කියාපෑම
  • (4) එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් වෙනත් රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට එරෙහි ප්‍රහාරයක සන්දර්භය තුළ බලය හෝ ප්‍රචණ්ඩකාරී සිදුවීම් යොදා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔවුන්ගේ නිල දෙපාර්තමේන්තු, ආයතන සහ තානාපති කාර්යාල භාවිත කිරීමට තිරසාර සමාජ මාධ්‍ය අවහිර කිරීම් ආරම්භ කර ඇති රජයන්.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
ව්‍යාජ හැසිරීම සම්බන්ධයෙන් උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න