සීමා පැනවූ භාණ්ඩ සහ සේවා
ප්‍රතිපත්ති තොරතුරු
වෙනස් කරන ලොගය
අද දින
2025 ජූලි 22
2025 මැයි 14
2025 පෙබ 27
2025 පෙබ 26
2024 ජූනි 26
2023 නොවැ 30
2023 ජූලි 27
2023 අප්‍රේ 27
2022 දෙසැ 22
2022 ඔක් 27
2021 දෙසැ 23
2021 නොවැ 24
2021 සැප් 30
2021 අගෝ 26
2021 ජූලි 29
2021 ජන 28
2020 සැප් 24
2020 ජූලි 30
2020 ජූනි 22
2020 අප්‍රේ 30
2019 නොවැ 30
2019 ඔක් 10
2019 සැප් 24
2019 සැප් 3
2019 ජූලි 30
2019 ජූලි 24
2019 ජූලි 1
2019 අප්‍රේ 26
2019 මාර් 20
2018 නොවැ 30
2018 අගෝ 31
ප්‍රතිපත්ති තාර්කිකත්වය
ආරක්ෂාව දිරිමත් කිරීම සහ හානිකර විය හැකි ක්‍රියාකාරකම් වැළැක්වීම පිණිස, අපගේ වේදිකාවේ ඇතැම් භාණ්ඩ සහ සේවා මිල දී ගැනීමට, විකිණීමට, දිනුම් ඇදීමට, තෑගි කිරීමට, මාරු කිරීමට හෝ වෙළඳාම් කිරීමට පුද්ගලයන්, නිෂ්පාදකයන් සහ සිල්ලර වෙළෙන්දන් විසින් දරන උත්සාහයන් අපි තහනම් කරමු. පහත දැක්වෙන අපගේ ප්‍රතිපත්ති යටතේ ආවරණය වන මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට හේතු විය හැකි ඕනෑම ඖෂධයක් හුවමාරු කිරීම හෝ විකිණීම අපි නොඉවසමු. Brick-and-mortar සහ ඔන්ලයින් සිල්ලර වෙළෙන්දෝ ගිනි අවි, මද්‍යසාර සහ දුම්කොළ භාණ්ඩ අපගේ සේවාවලින් විකිණීමට ප්‍රවර්ධනය කළ හැකි ය; කෙසේ වෙතත්, අපි බාලවයස්කරුවන් සඳහා මෙම අන්තර්ගතයේ දෘශ්‍යතාව සීමා කරමු. වෙළඳසැල්වල හෝ ඔන්ලයින් සිල්ලර වෙළෙන්දන් විසින් මෙම භාණ්ඩ විකිණීම, මෙම ප්‍රතිපත්තියේ ආවරණය වන භාණ්ඩ හා සේවා රෙගුලාසිවල වෙනස්කම් සඳහා පෙනී සිටීම සහ කායික හෝ මානසික අතුරු ආබාධ පිළිබඳ සාකච්ඡාව ඇතුළුව, වෛද්‍ය ප්‍රතිකාර සන්දර්භය තුළ බෙහෙත් ඖෂධ භාවිතය වෙනුවෙන් හෝ ඒ සම්බන්ධයෙන් පෙනී සිටීම පිළිබඳව සාකච්ඡා කිරීමට අපි ඉඩ දෙමු.
සීමා පැනවූ භාණ්ඩ සහ සේවා පහත සඳහන් කාණ්ඩවලින් සමන්විත වේ:
- ඖෂධ හා ඖෂධ නිෂ්පාදන
- අවි ආයුධ, පතොරම් හෝ පුපුරන ද්‍රව්‍ය
- දුම්කොළ සහ ආශ්‍රිත නිෂ්පාදන
- මද්‍යසාර
- සෞඛ්‍යය සහ සුවතාව
- ඔන්ලයින් සූදුව හා ක්‍රීඩා
- අවදානමට ලක්ව ඇති සහ ආරක්ෂා කරන විශේෂයන් (වන ජීවින් සහ පැළෑටි)
- පෞරාණික කෞතුක භාණ්ඩ
- අන්තරායකර භාණ්ඩ සහ ද්‍රව්‍ය
- ශරීර කොටස් සහ තරල
සෑම කාණ්ඩයක් ම පහතින් විස්තර කර ඇත.
ඖෂධ හා ඖෂධ නිෂ්පාදන
අපි පහත දෑට ඉඩ නොදෙමු:
අධි අවදානම් ඖෂධ (අවභාවිතාව, ඇබ්බැහි වීම සඳහා ඉහළ ඉඩක් ඇති හෝ අධි මාත්‍රාවක් ගැනීම ඇතුළුව බරපතළ සෞඛ්‍ය අවදානම් හා බැඳුණු ඖෂධ; උදා: කොකේන්, ෆෙන්ටනීල්, හෙරොයින්).
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- අධි අවදානම් ඖෂධ මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාම සම්බන්ධීකරණය කිරීමට, ප්‍රදානය කිරීමට, ත්‍යාග කිරීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගත.
- අන්තර්ගතය පළ කරන්නා විසින්ම හෝ වෙනත් අය හරහා අධි අවදානම් ඖෂධ මිල දී ගැනීමට හෝ වෙළඳාම් කිරීමට හෝ වෙළඳාම සම්බන්ධීකරණය කිරීමට පිළි ගන්නා අන්තර්ගත.
- සුව වීමක්, ප්‍රතිකාරයක් හෝ පාවිච්චි කිරීම සාධාරණීකරණය කිරීමට ආධාරක වන වෙනත් හේතුවක් දැනුම් දීමෙන් හෝ ඒ පිළිබඳ සඳහන් කිරීමෙන් තොරව පුද්ගලිකව භාවිත කරන බව පිළිගන්නා අන්තර්ගත. මෙම අන්තර්ගතය විසින් අධි අවදානම් ඖෂධ පිළිබඳව ධනාත්මකව කතා කිරීම, ඒවා නිපදවීමට හෝ භාවිත කිරීම සඳහා කටයුතු සැලසීම හෝ උපදෙස් සැපයීම සිදු නොකරනු ඇත.
- අධි අවදානම් ඖෂධ සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය හෝ ප්‍රවර්ධනය (එනම්, අධි අවදානම් ඖෂධ පිළිබඳව ධනාත්මකව කතා කිරීම, ඒවා නිපදවීමට හෝ භාවිත කිරීම සඳහා කටයුතු සැලසීම හෝ උපදෙස් සැපයීම).
- සටහන: අධි අවදානම් සහිත ඖෂධවල නීත්‍යානුකූලභාවය හෝ විද්‍යාත්මක හෝ වෛද්‍යමය වාසි සාකච්ඡා කිරීමට හෝ විවාද කිරීමට ඉඩ දේ. මෙයට ප්‍රවෘත්ති සහ රාජ්‍ය සේවා නිවේදන ඇතුළත් වේ.
වෛද්‍ය නොවන ඖෂධ (අපේක්‍ෂිත වෛද්‍යමය අරමුණු සඳහා භාවිත නොකරන ඖෂධ හෝ ද්‍රව්‍ය හෝ මත් වීම සඳහා භාවිත කරනු ලබන ඖෂධ - මෙයට වෙනත් සංයෝගයක් නිපදවන රසායනික ප්‍රතික්‍රියාවකට පූර්වගාමී රසායනික ද්‍රව්‍ය හෝ මෙම ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍ය ඇතුළත් වේ.)
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාම සම්බන්ධීකරණය කිරීමට, ප්‍රදානය කිරීමට, ත්‍යාග කිරීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතයන්.
- අන්තර්ගතය පළ කරන්නා විසින්ම හෝ වෙනත් අය හරහා මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට හෝ වෙළඳාම් කිරීමට හෝ වෙළඳාම සම්බන්ධීකරණය කිරීමට පිළිගැනීමේ අන්තර්ගතයන්.
- සුව වීමක්, ප්‍රතිකාරයක් හෝ පාවිච්චි කිරීම සාධාරණීකරණය කිරීමට ආධාරක වන වෙනත් හේතුවක් දැනුම් දීමෙන් හෝ ඒ පිළිබඳ සඳහන් කිරීමෙන් තොරව පුද්ගලිකව භාවිත කරන බව පිළිගන්නා අන්තර්ගත. මෙම අන්තර්ගතය මත්ද්‍රව්‍ය නිපදවීමට හෝ භාවිතා කිරීමට අදාළ වන උපදෙස් පිළිබඳව ධනාත්මකව කතා කිරීම, භාවිතය දිරි ගැන්වීම, සම්බන්ධීකරණය කිරීම හෝ උපදෙස් දීම සිදු නොකරනු ඇත.
- මත්ද්‍රව්‍ය සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය හෝ ප්‍රවර්ධනය කිරීම් (මත්ද්‍රව්‍ය නිපදවීමට හෝ භාවිතා කිරීමට අදාළ වන උපදෙස් පිළිබඳව ධනාත්මකව කතා කිරීම, භාවිතය දිරි ගැන්වීම, සම්බන්ධීකරණය කිරීම හෝ උපදෙස් දීම).
- වෛද්‍ය නොවන ඖෂධ මෙවලම් විකිණීමට හෝ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කිරීම.
- වෛද්‍ය නොවන ඖෂධ නිරූපණය කරන වෙළඳ භාණ්ඩ අඩංගු වේ.
වෛද්‍ය නිර්දේශයෙන් ලබා දෙන ඖෂධ (භාවිත කිරීම සඳහා අනුමැතිය පිණිස වෛද්‍ය නිර්දේශයක් හෝ වෛද්‍ය වෘත්තිකයන් අවශ්‍ය ඖෂධ)
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- පහත සඳහන් අවස්ථාවල දී හැර වෛද්‍ය නිර්දේශයෙන් ලබා දෙන ඖෂධ මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට ප්‍රයත්න දැරීම්:
- වයස අවුරුදු 18 හෝ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා වූ විට ප්‍රකාශිත අධ්‍යාපන හෝ සාකච්ඡාමය සන්දර්භයක් තුළ එන්නත්වල මිල ගණන් ලැයිස්තුගත කිරීම.
- වයස අවුරුදු 18 හෝ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් සීමා වී ඇති විට, නිත්‍යනුකූල සෞඛ්‍යාරක්ෂණ ඉ-වාණිජ්‍ය ව්‍යාපාරයක් විසින් පළ කරන ලද විටක බෙදා හැරීමේ සීමා පිරිනැමීම. බලපත්‍රලාභී සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට හෝ වලංගු වෛද්‍ය නිර්දේශයක් ලබා ගැනීමට මෙම අන්තර්ගතයට වගකීම් අත් හැරීමේ ප්‍රකාශයක් ද ඇතුළත් විය යුතු ය.
- ආර්ථික, සෞඛ්‍ය, සමාජයීය හෝ ස්වභාවික ආපදා අර්බුද තත්ත්වයක දී හැර, වෛද්‍ය නිර්දේශයෙන් ලබා දෙන ඖෂධ පරිත්‍යාග කිරීමට හෝ තෑගි කිරීමට දරන ප්‍රයත්නයන්.
- වෛද්‍යමය සන්දර්භයක් තුළ වෛද්‍ය නිර්දේශයෙන් ලබා දෙන ඖෂධවල දැරිය හැකි මිල ගණන්, ප්‍රවේශ්‍යතාවය හෝ සඵලත්වය සාකච්ඡා කරන සන්දර්භයක දී හැර වෛද්‍ය නිර්දේශයෙන් ලබා දෙන ඖෂධ ඉල්ලා සිටීම.
- සටහන: වෛද්‍ය නිර්දේශයක් සහිත ඖෂධවල නීත්‍යානුකූලභාවය හෝ විද්‍යාත්මක හෝ වෛද්‍යමය වාසි සාකච්ඡා කිරීමට හෝ විවාද කිරීමට ඉඩ දේ. මෙයට ප්‍රවෘත්ති සහ රාජ්‍ය සේවා නිවේදන ඇතුළත් වේ.
එන්තියෝජන
- එන්තියෝජන මිල දී ගැනීමට, විකිණීමට, ගනුදෙනු කිරීමට, පරිත්‍යාග කිරීමට, තෑගි දීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතය.
- සටහන: එන්තියෝජනවල නීත්‍යානුකූලභාවය හෝ විද්‍යාත්මක හෝ වෛද්‍යමය වාසි සාකච්ඡා කිරීමට හෝ විවාද කිරීමට ඉඩ දේ.
කංසා හා කංසාවලින් නිපදවන නිෂ්පාදන
- මරිජුවානා හා THC හෝ ඒ හා බැඳුණු මනෝ ක්‍රියාකාරී සංරචක අඩංගු නිෂ්පාදන මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාමේ යෙදීමට, පරිත්‍යාග කිරීමට, තෑගි දීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතය.
පහත සඳහන් අන්තර්ගතය දිස් වීම, වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් සීමා කරන්නෙමු:
එන්තියෝජන
- පුද්ගලික භාවිතය, සම්බන්ධීකරණය කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම (එයින් අප අදහස් කරන්නේ සුබවාදීව කතා කිරීම) හෝ එන්තියෝජන භාවිතය දිරිමත් කරන බව පෙන්වන අන්තර්ගතය.
- ඉහත සඳහන් ඒවා ප්‍රබන්ධමය හෝ වාර්තා වැඩසටහන්මය සන්දර්භයක් තුළ සිදු වන අවස්ථාවල දී හැර.
කංසා හා කංසාවලින් නිපදවන නිෂ්පාදන
- මරිජුවානා සහ THC හෝ ඒ හා බැඳුණු මනෝ ක්‍රියාකාරී සංරචක අඩංගු නිෂ්පාදන සඳහා කටයුතු සම්බන්ධීකරණය කරන හෝ ඒවා ප්‍රවර්ධනය කරන (එනම්, ඒ පිළිබඳව ධනාත්මක ලෙස කතා කරන, ඒවා භාවිතය දිරි ගන්වන හෝ ඒවා භාවිතයට හෝ සෑදීමට උපදෙස් සපයන) අන්තර්ගතය.
- මරිජුවානා සහ THC හෝ ඒ ආශ්‍රිත මනෝ ක්‍රියාකාරී සංරචක අඩංගු නිෂ්පාදන මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට කිසිදු උත්සාහයක් නොකරන මරිජුවානා බෙහෙත් ශාලා මගින් පළ කරන ලද ව්‍යාපාර ආශ්‍රිත අන්තර්ගතය.
- පානය කළ හැකි කැනබිඩියොල් (CBD) හෝ ඒ හා සමාන කංසා රසායනයන් සහිත නිෂ්පාදන මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාමේ යෙදීමට, පරිත්‍යාග කිරීමට, තෑගි දීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතය.
- පානය කළ නොහැකි කැනබිඩියොල් (CBD) හෝ ඒ හා සමාන කැනබිඩියොල් නිෂ්පාදන මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාමේ යෙදීමට, පරිත්‍යාග කිරීමට, තෑගි දීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතය.
- පානය කළ නොහැකි කැනබිඩියෝල් (CBD) හෝ ඒ හා සමාන කැනබිනොයිඩ් නිෂ්පාදන සම්බන්ධයෙන් රෝග ඇති කරන බවට ප්‍රකාශ කරන අන්තර්ගතය.
- මරිජුවානා මෙවලම් නිරූපණය කරන අන්තර්ගතය.
වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය වන ඖෂධ
- නීත්‍යානුකූල සෞඛ්‍ය සේවා ඉ-වාණිජ්‍ය ව්‍යාපාර විසින් පළ කරන විට ඇතුළුව, ඕනෑම සන්දර්භයක් තුළ නිර්දේශයක් අවශ්‍ය වන ඖෂධ මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට උත්සාහ කරන අන්තර්ගතය.
- කවුන්ටරයෙන් ලබා ගත හැකි ඖෂධ මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාම් කිරීමට, පරිත්‍යාග කිරීමට, තෑගි කිරීමට හෝ ඉල්ලීමට උත්සාහ කරන අන්තර්ගතය.
- වෛද්‍ය නිර්දේශය යටතේ ලබා දෙන ඖෂධ ඇතුළත් කිරීම හෝ පරිභෝජනය අයත් වන අන්තර්ගත
අවි ආයුධ, පතොරම් හෝ පුපුරන ද්‍රව්‍ය
අපි පහත දෑට ඉඩ නොදෙමු:
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- පහත අවස්ථාවල දී හැර ගිනි අවි, ගිනි අවි කොටස්, පතොරම්, පුපුරන ද්‍රව්‍ය හෝ මාරාන්තික වැඩිදියුණු කිරීම් මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාමේ යෙදීමට කරන ප්‍රයත්නයන්:
- සිල්ලර ව්‍යාපාර, වෙබ් අඩවි, වෙළඳ සන්නම් හෝ රජයේ නියෝජිතායතන (උදා: පොලිස් දෙපාර්තමේන්තුව, ගිනි නිවීමේ අංශය) හෝ නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව වෙනුවෙන් පුද්ගලයෙකු විසින් බෙදා ගනු ලබන අන්තර්ගතය ඇතුළු නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව නියෝජනය කරන පිටුවක්, සමූහයක් හෝ Instagram ප්‍රොෆයිලයක් මගින් සිදු කළ පළ කිරීම්; සහ දෘශ්‍යතාව වයස අවුරුදු 21 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා වේ.
- පහත සඳහන් සන්දර්භවල පළ කරන විට හැර ගිනි අවි, ගිනි අවි කොටස්, පතොරම්, පුපුරන ද්‍රව්‍ය හෝ මාරාන්තික වැඩිදියුණු කිරීම් පරිත්‍යාග කිරීමට හෝ තෑගි කිරීමට දරන ප්‍රයත්නයන්:
- සිල්ලර ව්‍යාපාර, වෙබ් අඩවි, වෙළඳ සන්නම් හෝ රජයේ නියෝජිතායතන හෝ නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව වෙනුවෙන් පුද්ගලයෙකු විසින් බෙදා ගනු ලබන අන්තර්ගතය ඇතුළු නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව නියෝජනය කරන පිටුවක්, සමූහයක් හෝ Instagram ප්‍රොෆයිලයක් මගිින් සිදු කළ ගිනි අවි සහ පතොරම් පරිත්‍යාග කිරීම, වෙළඳාම් කිරීම හෝ නැවත මිල දී ගැනීම; සහ දෘශ්‍යතාව වයස අවුරුදු 21 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා වේ.
- සිල්ලර ව්‍යාපාර, රජයට අනුබද්ධ සංවිධාන හෝ ලාබ නොලබන ආයතන හෝ නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්වයන්ට අනුබද්ධ හෝ එමගින් අනුග්‍රහය ලබන අප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළු නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්වයන් විසින් අවි ආයුධ වෙන්දේසි කිරීම හෝ දිනුම් ඇදීමෙන් ලබා දීම; තව ද දෘශ්‍යතාව වයස අවුරුදු 21 සහ ඊට වැඩි වැඩිහිටියන්ට සීමා වේ.
- ගිනි අවි, ගිනි අවි කොටස්, පතොරම්, පුපුරන ද්‍රව්‍ය හෝ මාරාන්තික වැඩිදියුණු කිරීම් ඉල්ලා සිටීම.
- පළ කරන්නා හෝ සන්දර්භය නොසලකා අවි ආයුධ හෝ අවි ආයුධ කොටස් සඳහා ත්‍රිමාණ මුද්‍රණය හෝ පරිගණක සහායෙන් කෙරෙන නිෂ්පාදන උපදෙස් වෙත ප්‍රවේශය සැපයීම, ඒවා අලෙවි කිරීම, ත්‍යාග කිරීම, මාරු කිරීම, ඒ සඳහා කටයුතු සම්බන්ධීකරණය, ප්‍රවර්ධනය කිරීම ධනාත්මකව කතා කිරීමට දරන ප්‍රයත්නයන්.
- මැෂින් තුවක්කු හැරවුම් උපාංග මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාම් කිරීමට, පරිත්‍යාග කිරීමට, තෑගි කිරීමට, ඒවායේ හිමිකාරිත්වය ඉල්ලා සිටීමට හෝ පිළිගැනීමට දරන ප්‍රයත්නයන්.
පහත සඳහන් අන්තර්ගතය දිස් වීම, වයස අවුරුදු 21 සහ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් සීමා කරන්නෙමු:
අවි ආයුධ, පතොරම් හෝ පුපුරන ද්‍රව්‍ය
- ගිනි අවි, ගිනි අවි කොටස්, පතරොම්, පුපුරන ද්‍රව්‍ය හෝ මරණය ඇති කරන වැඩි දියුණු කිරීම් මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාම් කිරීමට, ප්‍රදානය කිරීමට, ත්‍යාග කිරීමට හෝ ඉල්ලීමට ප්‍රයත්න දරන සිල්ලර ව්‍යාපාර, වෙබ් අඩවි, වෙළඳ සන්නම් හෝ රජයේ ආයතන ඇතුළු නිත්‍යනුකූල සාම්ප්‍රදායික අස්ථිත්වයන් විසින් පළ කළ හෝ ඒවා ප්‍රවර්ධනය කරන අන්තර්ගතය.
පහත සඳහන් අන්තර්ගතය දිස් වීම, වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් සීමා කරන්නෙමු:
තල සහිත අයිතම සහ අනෙකුත් ආයුධ:
- මුවහත් තල සහිත අයිතම හෝ වෙනත් කිනම් හෝ ආයුධයක් (උදා: ගම්මිරිස් ඉසින හෝ කලා කිරිඤ්ඤ): මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාමේ යෙදීමට, ඒ සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීමට, පරිත්‍යාග කිරීමට හෝ තෑගි දීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතය.
- නිෂ්පාදන සමාලෝචනවල ගිනි අවි, ගිනි අවි කොටස්, පතොරම්, පුපුරන ද්‍රව්‍ය, මාරාන්තික අවි වැඩිදියුණු කිරීම් හෝ තල සහිත අයිතම පිළිබඳව ධනාත්මකව කතා කරන, ඒවා භාවිතා කිරීමට උපදෙස් සපයන හෝ භාවිතය දිරිමත් කරන අන්තර්ගතය
- මාරාන්තික අවි නොවන උපාංග අලෙවි දීමනා සහ ප්‍රවර්ධනය
දුම්කොළ සහ ආශ්‍රිත නිෂ්පාදන
අපි පහත දෑට ඉඩ නොදෙමු:
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- දුම්කොළ/නිකොටීන් ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාමේ යෙදීමට දරන ප්‍රයත්න හෝ “ENDS” යනුවෙන් හැඳින්වෙන සෑම ආකාරයක ම ඉලෙක්ට්‍රොනික් නිකොටීන් බෙදාහැරීමේ පද්ධති නිෂ්පාදන (උදා: ඉලෙක්ට්‍රොනික් සිගරට්, වාෂ්පකාරක සහ නිකොටින් රහිත වාෂ්පකාරක) ඇතුළුව දුම්බීම සමානුකරණය කරන නිෂ්පාදන.
- බෙදාහැරීමේ සේවා ප්‍රදානය කිරීම හා සන්නම් නොමිලේ ලබා දීම ඇතුළුව, සිල්ලර ව්‍යාපාර, වෙබ් අඩවි, සන්නම් හෝ නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව වෙනුවෙන් පුද්ගලයෙකු විසින් බෙදා ගනු ලබන අන්තර්ගතය ඇතුළු නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව නියෝජනය කරන පිටුවක්, සමූහයක් හෝ Instagram ප්‍රොෆයිලයක් මගිින් සිදු කළ පළ කිරීම් හැර.
- දුම්කොළ/නිකොටීන් නිෂ්පාදන හෝ “ENDS” නිෂ්පාදන පරිත්‍යාග කිරීමට හෝ ත්‍යාග කිරීමට ප්‍රයත්න දැරීම.
- බෙදාහැරීමේ සේවා ප්‍රදානය කිරීම හා සන්නම් නොමිලේ ලබා දීම ඇතුළුව, සිල්ලර ව්‍යාපාර, වෙබ් අඩවි, සන්නම් හෝ නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව වෙනුවෙන් පුද්ගලයෙකු විසින් බෙදා ගනු ලබන අන්තර්ගතය ඇතුළු නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව නියෝජනය කරන පිටුවක්, සමූහයක් හෝ Instagram ප්‍රොෆයිලයක් මගිින් සිදු කළ පළ කිරීම් හැර.
- දුම්කොළ/නිකොටීන් නිෂ්පාදන හෝ සියලු ආකාරයේ “ENDS” නිෂ්පාදන සමානුකරණය කරන (නිකොටින් රහිත වාෂ්පකාරක) ඇතුළුව දුම්බීම සමානුකරණය කරන නිෂ්පාදන ඉල්ලා සිටීම.
පහත සඳහන් අන්තර්ගතය දිස් වීම, වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් සීමා කරන්නෙමු:
- මද්‍යසාර හෝ දුම්කොළ නිෂ්පාදන මිල දී ගැනීමට, විකිණීමට, ප්‍රදානය කිරීමට හෝ තෑගි දීමට උත්සාහ කරන සිල්ලර ව්‍යාපාර වෙබ් අඩවියක් හෝ වෙළඳ සන්නම් ඇතුළු සාම්ප්‍රදායික නිත්‍යනුකූල අස්ථිත්ව විසින් පළ කළ හෝ ඒවා ප්‍රවර්ධනය කරන අන්තර්ගතය.
- දුම්කොළ, නිකොටීන් නිෂ්පාදන හෝ “ENDS” නිෂ්පාදන පරිභෝජනය නිරූපණය කරන අන්තර්ගතය.
- දුම්කොළ, නිකොටීන් නිෂ්පාදන, “ENDS” නිෂ්පාදන හෝ දුම්කොළ සන්නාම සඳහා කටයුතු සම්බන්ධීකරණය කරන හෝ ඒවා ප්‍රවර්ධනය කරන අන්තර්ගතය.
- දුම්කොළ භාවිතය අත්හැරීමේ නිෂ්පාදන නිරූපණය කරන අන්තර්ගතය
- දුම්කොළ, දුම්කොළ උපකරණ හෝ දුම්කොළ වෙළඳ නාම භාවිතය සාකච්ඡා කරන හෝ ප්‍රවර්ධනය කරන අන්තර්ගතය
- ප්‍රබන්ධ නොවන සන්දර්භයක් තුළ දුම්පානය හෝ දුම්කොළ භාවිතය නිරූපණය කරන මාධ්‍ය අන්තර්ගතය
- දුම්වැටි විරෝධී ප්‍රචාරණ ව්‍යාපාර, දුම් පානයට ඇබ්බැහි වීම සඳහා උපදේශන සේවා, දුම්පානය ආශ්‍රිත පුනරුත්ථාපන වැඩසටහන් හෝ PSA සන්දර්භය තුළ හැර
මද්‍යසාර
අපි පහත දෑට ඉඩ නොදෙමු:
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- පහත අවස්ථාවල දී හැර මද්‍යසාර මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට දරන ප්‍රයත්නයන්:
- බෙදාහැරීමේ සේවා ප්‍රදානය කිරීම හා වෙළඳ සන්නම් නොමිලේ ලබා දීම ඇතුළුව, සිල්ලර ව්‍යාපාර, වෙබ් අඩවි හෝ වෙළඳ සන්නම් හෝ නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව වෙනුවෙන් පුද්ගලයෙකු විසින් බෙදා ගනු ලබන අන්තර්ගතය ඇතුළු නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව නියෝජනය කරන පිටුවක්, සමූහයක් හෝ Instagram ප්‍රොෆයිලයක් මගිින් සිදු කළ පළ කිරීම්.
- අන්තර්ගතය යනු මද්‍යසාර පිළිබඳ සඳහන් කරන හෝ යම් විශේෂ අවස්ථාවක දී, අවන්හලක දී, තැබෑරුමක දී හෝ සාදයක දී අදාළ ස්ථානයේ දී මද්‍යසාර හුවමාරු කර ගැනීම හෝ පරිභෝජනය සිදු වන මද්‍යසාර තිබෙන ස්ථානයක් වෙත ආරාධනයක් පිරිනමන අන්තර්ගතය වේ.
- සිල්ලර ව්‍යාපාර, වෙබ් අඩවි, වෙළඳ සන්නම් හෝ නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව වෙනුවෙන් පුද්ගලයෙකු විසින් බෙදා ගනු ලබන අන්තර්ගතය ඇතුළු නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව නියෝජනය කරන පිටුවක්, සමූහයක් හෝ Instagram ප්‍රොෆයිලයක් මගිින් සිදු කළ පළ කිරීම් හැර මද්‍යසාර හෝ දුම්කොළ ප්‍රදානය කිරීමට හෝ ත්‍යාග කිරීමට දරන ප්‍රයත්නයන්.
- මද්‍යසාර නිෂ්පාදන හෝ පාන වර්ග ඉල්ලා සිටීම.
පහත සඳහන් අන්තර්ගතය දිස් වීම, වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් සීමා කරන්නෙමු:
- මද්‍යසාර නිෂ්පාදන හෝ පාන මිල දී ගැනීමට, විකිණීමට, ප්‍රදානය කිරීමට හෝ තෑගි දීමට උත්සාහ කරන සිල්ලර ව්‍යාපාර වෙබ් අඩවියක් හෝ වෙළඳ සන්නම් ඇතුළු සාම්ප්‍රදායික නිත්‍යනුකූල අස්ථිත්ව විසින් පළ කළ හෝ ඒවා ප්‍රවර්ධනය කරන අන්තර්ගතය.
- මද්‍යසාර නිෂ්පාදන හෝ පාන පරිභෝජනය නිරූපණය කරන අන්තර්ගතය හෝ මද්‍යසාරමය පාන සඳහා වට්ටෝරු බෙදාගන්නා අන්තර්ගතය.
- මද්‍යසාර නිෂ්පාදන පිළිබඳ සඳහන් කරන හෝ මද්‍යසාර හුවමාරු කර ගැනීම හෝ පරිභෝජනය සිදු වන මද්‍යසාර තිබෙන ස්ථානයක් වෙත ආරාධනයක් පිරිනැමීම් කරන අන්තර්ගතය.
සෞඛ්‍යය සහ සුවතාව
පහත සඳහන් අන්තර්ගතය දිස් වීම, වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් සීමා කරන්නෙමු:
බර අඩු කර ගැනීමේ හෝ බර වැඩි කර ගැනීමේ නිෂ්පාදන හෝ සේවා
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- බර අඩු කර ගැනීමේ හෝ බර වැඩි කර ගැනීමේ සේවා මිල දී ගැනීමට, විකිණීමට, ඒවා වෙළඳාමේ යෙදීමට, පරිත්‍යාග කිරීමට, තෑගි කිරීමට, ඒවා පිළිබඳව සඳහන් කිරීමට හෝ ඉල්ලා සිටීමට දරන ප්‍රයත්නයන්.
- වාසි සහගත සන්දර්භයක බර අඩු කර ගැනීමේ හෝ බර වැඩි කර ගැනීමේ නිෂ්පාදනයක් භාවිත කරන බවට පිළිගැනීම හෝ ඒ බව නිරූපණය කරන හෝ එහි අතුරු ආබාධ පිළිබඳ සාකච්ඡා කරන අන්තර්ගතය.
- වැඩසටහන් සම්බන්ධීකරණය හෝ ප්‍රවර්ධනය (ආහාර පාලනය කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ධනාත්මකව කතා කිරීම, එයට උනන්දු කරවීම හෝ උපදෙස් දීම මෙමගින් අදහස් කෙරේ) දක්වන අන්තර්ගතය.
- ශාරීරික පෙනුම පිළිබඳ පහත් කොට සැලකීමේ ප්‍රකාශ (එනම්, ඍණාත්මක වන සහ පුද්ගලයකුගේ පෙනුමට, විශේෂිත ශරීර කොටස්වලට හෝ සනීපාරක්ෂාවට පහර දෙන පද, විස්තර හෝ ප්‍රශ්න) හෝ තෙල් කොනිත්තුවක් පෙන්වන විශේෂිත ශරීර ප්‍රදේශයක සමීප රූප අඩංගු වීම.
- ආභරණ හෝ පැච් වැනි පැළඳිය හැකි නිෂ්පාදන භාවිතයෙන් පමණක් ප්‍රතිඵල ළඟා කර ගත හැකි බවට වූ කියා පෑම.
- අතිශයෝක්තියෙන් හුවා දක්වන හැඟීම් රවටන සුලු භාෂාවක් හෝ අධික සෞඛ්‍ය ප්‍රතිලාභ හෝ වගකීම් අත්හැරීමේ ප්‍රකාශයන් හෝ සුදුසුකම් ලබන්නන් නොමැතිව නියමිත කාල රාමුවක් තුළ නිශ්චිත ප්‍රතිඵල පිළිබඳ පොරොන්දු වැනි බර අඩු කර ගැනීමේ හෝ බර වැඩි කර ගැනීමේ සන්දර්භයක් තුළ ක්ලික් බයිට් උපක්‍රම භාවිත කිරීම
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- රූපලාවන්‍ය නිෂ්පාදන, ක්‍රියා පිළිවෙත් හෝ ශල්‍ය කර්ම මිල දී ගැනීමට, විකිණීමට, වෙළඳාමේ යෙදීමට, පරිත්‍යාග කිරීමට, තෑගි දීමට, සඳහන් කිරීමට හෝ ඉල්ලා සිටීමට දරන ප්‍රයත්නයන්.. මීට ඇතුළත් වන්නේ:
- බ්ලීචිං ක්‍රීම් වැනි සම සුදු කිරීමේ නිෂ්පාදන.
- පුද්ගලයන්ගේ මුහුණු හෝ සිරුරුවල ව්‍යුහයට හෝ ක්‍රියාකාරීත්වයට ප්‍රතිකර්ම කිරීම හෝ ඒවා යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් රූපලාවන්‍ය ප්‍රතිකර්ම ක්‍රම.
- රූපලාවන්‍ය ප්‍රතිකර්මයක හෝ ශල්‍ය කර්මයක ධනාත්මක හෝ ඍණාත්මක බලපෑම හෝ අතුරු ආබාධ ඉස්මතු කොට දක්වමින් එබන්දක් භාවිත කළ බවට පිළිගන්නා හෝ ඒ බව නිරූපණය කරන අන්තර්ගතය.
- රූපලාවන්‍ය ප්‍රතිකර්මයක් හෝ ශල්‍ය කර්මයක් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය හෝ ප්‍රවර්ධනය (එනම් ඒ පිළිබඳව ධනාත්මක ලෙස කතා කිරීම, එය භාවිතය දිරි ගැන්වීම හෝ භාවිත කරන හෝ සිදු කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීම) දැක්වීම
- ශාරීරික පෙනුම පිළිබඳ පහත් කොට සැලකීමේ ප්‍රකාශයන් (එනම්, ඍණාත්මක සහ පුද්ගලයෙකුගේ පෙනුමට, විශේෂිත ශරීර කොටස්වලට හෝ සනීපාරක්ෂාවට පහර දෙන පද, විස්තර හෝ ප්‍රශ්න) අඩංගු වීම
සටහන: ව්‍යායාම ක්‍රම ප්‍රවර්ධනය (පයිලේට් වැනි) හෝ තාවකාලික රූපලාවන්‍ය (මේකප් වැනි) මේ ප්‍රතිපත්තියෙන් ආවරණය නොවේ.
නොමග යවන සුළු සෞඛ්‍ය පිළිවෙත්
වැඩිහිටි කාමෝද්දිපක නිෂ්පාදන- පහත කිනම් හෝ සුව කළ නොහැකි රෝගයක් සහ/හෝ අසාධ්‍ය රෝගයක් (සම්පූර්ණ ලැයිස්තුව) සුව කළ හැකි බව, නිවාරණය කළ හැකි බව හෝ දුරු කළ හැකි බව කියාපෑම (සෞඛ්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සංවිධානවලින් සිදු කරන කියා පෑම් ඇතුළුව): සටහන: මෙම තත්ත්වයන්ගේ රෝග ලක්ෂණ ප්‍රතිකාර කිරීම හෝ කළමනාකරණය කිරීම පිළිබඳ කියා පෑම
- දියවැඩියාව
- හර්පීස්
- තයිරොයිඩ්
- සොරයිසිස්
- ඉබෝලා
- පිළිකා
- ඕටිස්ම්
- ඇල්ෂයිමර්
- පාර්කින්සන්
- නිර්වහිරුතර්පණ පාර්ශ්වික ජාරඨ්‍යය - Amyotrophic lateral Sclerosis (ALS)
- මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV)
- අතිශයෝක්තියෙන් හුවා දක්වන හැඟීම් රවටන සුලු භාෂාවක් හෝ අධික සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ කියාපෑම් හෝ වගකීම් අත්හැරීමේ ප්‍රකාශයන් හෝ සුදුසුකම් ලබන වාක්‍ය ඛණ්ඩ භාවිතයෙන් තොරව නියමිත කාල රාමුවක් තුළ විශේෂිත සෞඛ්‍ය ආශ්‍රිත ප්‍රතිඵල පිළිබඳ පොරොන්දු වැනි සෞඛ්‍ය සන්දර්භයක් තුළ ක්ලික් බයිට් උපක්‍රම භාවිත කිරීම
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන සන්දර්භයක් තුළ, පුද්ගලයෙකුගේ ලිංගික සතුට උත්තේජනය කිරීමට හෝ පුද්ගලයෙකුගේ ලිංගික උද්දීපනය වැඩි කිරීමට මූලික අවධානය යොමු කරන, වැඩිහිටි ලිංගික උද්දීපන නිෂ්පාදන මිල දී ගැනීම, විකිණීම, ප්‍රවර්ධනය කිරීම, වෙළඳාම් කිරීම, පරිත්‍යාග කිරීම, තෑගි කිරීම හෝ ඉල්ලීමට දරන ප්‍රයත්නයන්. මීට ඇතුළත් වන්නේ:
- ලිංගික කෙළිබඩු
- කාමෝද්දීපක නිෂ්පාදන
- ලිංගික ආශාව උත්තේජනය කරන හෝ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන නිෂ්පාදන වැනි ශල්‍ය කර්මය නොවන ලිංගික අවයව විකසනය කිරීමේ නිෂ්පාදන
- මූලික අවධානය ලිංගික ආශාව හෝ ලිංගික පිබිදීම උත්තේජනය කිරීම වන නිෂ්පාදන
- පැහැදිලි සන්දර්භයක් නොමැතිව ලිංගික කෙළිබඩු නිරූපණය
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- ප්‍රජනක සෞඛ්‍ය හෝ සුවතා සේවා ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට, විකිණීමට, ප්‍රවර්ධනය කිරීමට, ඒවා වෙළඳාමේ යෙදීමට, පරිත්‍යාග කිරීමට, තෑගි කිරීමට හෝ ඉල්ලා සිටීමට ප්‍රයත්න දැරීම. මීට ඇතුළත් වන්නේ:
- ලිංගික සතුට කෙරෙහි අවධානය යොමු කරන අතර ලිංගේන්ද්‍රිය හෝ ස්ත්‍රීලිංග සංකේත වස්තූන් අඩංගු ඒවා ඇතුළුව, වෛද්‍ය ප්‍රතිලාභ නොවන ප්‍රජනක සෞඛ්‍ය හෝ සුවතා සේවා ආශ්‍රිත නිෂ්පාදන
- ලිංගික ප්‍රජනන ආබාධ සඳහා ප්‍රතිකාර කරන නිෂ්පාදන
- ලිංගික රූපලාවන්‍ය සැත්කම්
- වැඩිහිටි ලිංගික සැත්කම්
- ලිංගික සතුට කෙරෙහි අවධානය යොමු කරන ලිංගික අධ්‍යාපනය
- හෝර්මෝන නිෂ්පාදන (උදා: ටෙස්ටොස්ටෙරෝන් බූස්ටර්)
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- පුද්ගලයෙකුගේ ලිංගික සතුට උත්තේජනය කළ හැකි හෝ පුද්ගලයෙකුගේ ලිංගික උද්දීපනය වැඩි කරන වැඩිහිටි ලිංගික ව්‍යාපාර මිල දී ගැනීම, විකිණීම, ප්‍රවර්ධනය කිරීම හෝ ඉල්ලීමට දරන ප්‍රයත්නයන්. මීට ඇතුළත් වන්නේ:
- වැඩිහිටි විනෝදාස්වාද ව්‍යාපාර
- වැඩිහිටි ආයතන
- උපදේශන ලිංගික සේවා
ඔන්ලයින් සූදුව හා ක්‍රීඩා
පහත සඳහන් අන්තර්ගතය දිස් වීම, වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ට පමණක් සීමා කරන්නෙමු:
ඔන්ලයින් සූදුව හා ක්‍රීඩා
- ක්‍රීඩා කිරීම සඳහා මුදල්මය වටිනාකමක් ඇති ඕනෑම දෙයක් (මුදල් හෝ ඩිජිටල්/අතථ්‍ය මුදල් වර්ග, උදා: බිට්කොයින් ඇතුළුව) අවශ්‍ය වන සහ මුදල්මය වටිනාකමක් ඇති ඕනෑම දෙයක් ත්‍යාගයේ කොටසක් වන ඔන්ලයින් ක්‍රීඩා සහ සූදු සේවා විකිණීම, වෙළඳාම් කිරීම, නිරූපණය කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම සිදු කිරීමට උත්සාහ කරන අන්තර්ගතය. මීට පහත දෑ ඇතුළු වන නමුත් ඒවාට සීමා නොවේ:
- නිපුණතා ක්‍රීඩා, ලොතරැයි/දිනුම් ඇදීම්, ඔට්ටු ඇල්ලීම, ක්‍රීඩා සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම, කැසිනෝ ක්‍රීඩා, වාසනාව පිළිබඳ ක්‍රිඩා හෝ ලොතරැයි ඔට්ටු තැබීම/ත්‍යාග දිනුම් ඇදීම.
- සීමිත අත්හදා බැලීමේ කාල සීමාවක් පිරිනමා ඉන්පසුව ගෙවීමක් අවශ්‍ය කරන සූදු ක්‍රීඩා.
- මුදල් හෝ මුදල් වටිනාකමකින් යුත් යමක් දිනීමට කිසිදු අවස්ථාවක් නැති සූදු ක්‍රීඩා සමානුකරණය කරන සමාජ කැසිනෝ ක්‍රීඩා විකිණීමට, වෙළඳාමේ යෙදීමට, නිරූපණය කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ප්‍රයත්න දරන අන්තර්ගතය. මීට කිසිදු මූල්‍ය වටිනාකමක් රහිත “කොයින්” දිනා ගැනීමේ අවස්ථාව හඟවන අන්තර්ගතය අයත් වේ.
- සූදු ආශ්‍රිත ක්‍රීඩා අනුකරණය කරන නොමිලේ ක්‍රීඩා කිරීමට මුදල් වටිනාකමක් ඇති කිසිවක් අවශ්‍ය නොවන නමුත් මුදල් හෝ මුදල් වටිනාකමක් දිනා ගැනීමට අවස්ථාවක් තිබිය හැකි ක්‍රීඩාවක් විකිණීමට, වෙළඳාම් කිරීමට, නිරූපණය කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අන්තර්ගතය.
අවදානමට ලක්ව ඇති සහ ආරක්ෂා කරන විශේෂයන් (වන ජීවින් සහ පැළෑටි)
අපි පහත දෑට ඉඩ නොදෙමු:
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ හෝ එම විශේෂවලට අයත් කොටස් හෝ ආරක්ෂිත ශාක විශේෂ මිල දී ගැනීමට, විකිණීමට, ගනුදෙනු කිරීමට, පරිත්‍යාග කිරීමට, තෑගි දීමට හෝ ඉල්ලා සිටීමට දරන ප්‍රයත්නයන්..
- අන්තර්ගතය පළ කරන්නා විසින්ම හෝ වෙනත් අය මගින් සිදු කරන ලද වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ සහ එම විශේෂවලට අයත් කොටස් නීති විරෝධී ලෙස ජාවාරම් කිරීම, මිල දී ගැනීම හෝ වෙළඳාම් කරන බවට පිළිගැනීම හෝ එසේ කිරීම දිරි ගැන්වීම. මෙයට ආගන්තුකයන් විසින් කෙරෙන ජාවාරම් නිරූපණයන් අයත් නොවේ.
- අන්තර්ගතය පළ කරන්නා විසින් ම හෝ වෙනත් අය මගින් සිදු කරන ලද වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ හෝ එම විශේෂවලට අයත් කොටස් නීති විරෝධී ලෙස ජාවාරම් කිරීම නිරූපණය කිරීම්.
- වඳ වී යාමේ තර්ජනයට මුහුණ දුන් විශේෂ හෝ ඒවායේ කොටස්වලින් හෝ කිනම් හෝ වඳ වී යාමේ තර්ජනයට ලක් වූ වනජීවියකුගෙන් හෝ ශාකයකින් නිෂ්පාදන තැනීමට හෝ තැනූ නිෂ්පාදන භාවිතයට කටයුතු සම්බන්ධීකරණය හෝ ඒවා ප්‍රවර්ධනය (එනම් නිති විරෝධී වන ජීවී ජාවාරම් පිළිබඳ ධනාත්මක ලෙස කතා කරන, එය දිරිගන්වන හෝ ඊට උපදෙස් සපයන) කිරීම.
- පහත අවස්ථාවන්හි දී හැර වඳවීමේ තර්ජනයට ලක් නොවූ සජීවී සතුන් මිල දී ගැනීමට, විකිණීමට හෝ ගනුදෙනු කිරීමට උත්සාහ කරන අන්තර්ගතය:
- සිල්ලර ව්‍යාපාර, වෙබ් අඩවි, සන්නම් හෝ නැවත වාසස්ථාන ගැන්වීමේ රක්ෂාස්ථාන හෝ නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව වෙනුවෙන් පුද්ගලයෙකු විසින් බෙදා ගනු ලබන අන්තර්ගතය ඇතුළු නීත්‍යානුකූල සම්ප්‍රදායික අස්ථිත්ව නියෝජනය කරන පිටුවක්, සමූහයක් හෝ Instagram ප්‍රොෆයිලයක් මගිින් සිදු කළ පළ කිරීම්.
- වඳවීමේ තර්ජනයට ලක් නොවූ සජීවි සතුන් පුද්ගලයාගෙන් පුද්ගලයා අතර හදා වඩා ගැනීම සඳහා නැවත වාසස්ථාන ගැන්වීමේ ගාස්තු ද ඇතුළුව හදා වඩා ගැනීම, තෑගි කිරීම, ඉල්ලීම, පරිත්‍යාග කිරීම හෝ නැවත වාසස්ථාන ගැන්වීමේ සන්දර්භය තුළ සිදු කළ පළ කිරීම්
- ආගමික පූජාවක් සඳහා සතකු විකිණීම හෝ නැති වූ සතුන් සඳහා ත්‍යාගයක් පිරිනැමීම.
- පශු සම්පත් විකිණීමේ සන්දර්භය තුළ සිදු කළ පළ කිරීම්.
- සත්ව අං, අවයව, අත් පා, මළකඳන්, මළ සතුන්ගේ හම් වේළීමේ ශිල්පය, මළ මූත්‍රා (කොම්පෝස්ට් හෝ පොහොර හැර) මිල දී ගැනීම, විකිණීම හෝ තෑගි කිරීම, ඉල්ලීම, පරිත්‍යාග කිරීම යන සන්දර්භය තුළ සිදු කළ පළ කිරීම්.
- බිත්තර, මාළු ආදී සතුන් ආශ්‍රිත නිෂ්පාදන මිනිස් පරිභෝජනය සඳහා පිරිනැමීමේ සන්දර්භය තුළ සිදු කළ පළ කිරීම්.
පෞරාණික කෞතුක භාණ්ඩ
අපි පහත දෑට ඉඩ නොදෙමු:
ඓතිහාසික පුරාවස්තු මිල දී ගැනීමට, විකිණීමට, ගනුදෙනු කිරීමට, පරිත්‍යාග කිරීමට, තෑගි දීමට හෝ ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතය.
අන්තරායකර භාණ්ඩ සහ ද්‍රව්‍ය
අපි පහත දෑට ඉඩ නොදෙමු:
අන්තරායකර භාණ්ඩ සහ ද්‍රව්‍ය මිල දී ගැනීමට, විකිණීමට, ගනුදෙනු කිරීමට, පරිත්‍යාග කිරීමට, තෑගි දීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතය.
මිනිස් ශරීර කොටස් සහ ශරීර තරල
අපි පහත දෑට ඉඩ නොදෙමු:
පහත සඳහන් ආකාරයේ අන්තර්ගතයන්:
- මිනිසුන් සූරාකෑමේ ප්‍රතිපත්තිය යටතේ තහනම් කර ඇති මිනිස් ජාවාරම් අන්තර්ගතය ද අභිබවා යමින් මිනිස් සිරුරේ කොටස් මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාමේ යෙදීමට දරන ප්‍රයත්නයන්.
- මිනිස් තරල හුවමාරුව ඉල්ලා සිටින අන්තර්ගතය.
- මිනිස් තරල මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට දරන ප්‍රයත්නයන්.
- ශුක්‍රාණු හෝ රුධිර ප්ලාස්මා වැනි මිනිස් තරල පරිත්‍යාග කිරීම සඳහා පළ කරන විට හැර සෙසු අන්තර්ගතයන්.
ආපසු කැඳවන ලද භාණ්ඩ
අපි පහත දෑට ඉඩ නොදෙමු:
ආපසු කැඳවන ලද භාණ්ඩ මිල දී ගැනීමට, විකිණීමට, ඒවා වෙළඳාම සඳහා කටයුතු සම්බන්ධීකරණය කිරීමට, ප්‍රදානය කිරීමට, ත්‍යාග කිරීමට ප්‍රයත්න දරන හෝ ඉල්ලා සිටින අන්තර්ගතය.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
දත්ත
නවතම ප්‍රජා ප්‍රමිතීන් බලාත්මක කිරීමේ වාර්තාව බලන්න
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
සීමා පැනවූ භාණ්ඩ සහ සේවා පිළිබඳව උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න