පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම්

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අපගේ සේවාවන් මඟින් අපගේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සහ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම අරමුණු කොට ඇත. ඔබේ පුද්ගලික අනන්‍යතාවය සහ තොරතුරු ආරක්ෂා කිරීමට අපි වෙහෙස වී කටයුතු කරන අතර ඔවුන් පිළිබඳ හෝ අන් අය පිළිබඳ යම් යම් ආකාරයේ පුද්ගලික හෝ රහස්‍ය තොරතුරු පළ කිරීමට අපි ජනතාවට ඉඩ නොදෙමු. ජනතාවට ඔවුන්ගේ පෞද්ගලිකත්ව හිමිකම් උල්ලංඝන කිරීමක් ලෙස ජනතාව විශ්වාස කරන දෘශ්‍යමය තොරතුරු පැමිණිලි කිරීම සඳහා ද ක්‍රියාමාර්ග අපි ලබා දෙමු.
මූල්‍යමය, නේවාසික සහ වෛද්‍යමය තොරතුරු ඇතුළුව ශාරීරික හෝ මූල්‍යමය හානිවලට මඟ පෑදිය හැකි මෙන් ම නීති විරෝධී ප්‍රභවයන්ගෙන් ලබා ගත් පුද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු හෝ වෙනත් පෞද්ගලික තොරතුරු බෙදා ගන්නා, පිරිනමන හෝ දුරාචාරය පිණිස කැඳවන අන්තර්ගතයන් අපි ඉවත් කරමු. පුවත් ආවරණය, අධිකරණයේ නඩු ගොනු කිරීම්, මාධ්‍ය නිවේදන, හෝ වෙනත් මූලාශ්‍ර හරහා පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ ලබා ගත හැකි බව අපි පිළිගනිමු. එය සිදු වූ විට, අපි තොරතුරු පළ කිරීමට ඉඩ දිය හැකි වනු ඇත.
ගෙවූ අන්තර්ගත සඳහා අතිරේක සීමා කිරීම් අප සතුව තිබේ. නිෂ්පාදනයේ හෝ සේවාවේ විස්තර කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ධනාත්මක පරිශීලක අත්දැකීමක් ලබා දෙන වෙළඳ දැන්වීම්වලට අපි ඉඩ දුන්න ද, අපි පරිශීලකයින්ගේ පුද්ගලික දුෂ්කරතා ගසාකන, ඔවුන් ගැන සෘණාත්මක හෝ සාවද්‍ය චරිත නිරූපණය කරන හෝ සංවේදී පුද්ගලික තොරතුරු පිළිබඳ දැනුමක් ඇඟවුම් කරන වෙළඳ දැන්වීම් ඉවත් කරන්නෙමු. ගෙවූ අන්තර්ගතය සම්බන්ධ අපගේ පෞද්ගලිකත්ව නීතිරීති පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් සහ පුද්ගලික ලක්ෂණ පිළිබඳ අපගේ වෙළඳ ප්‍රචාරණ ප්‍රමිතිය බලන්න.
අපි පහත දෑට ඉඩ නොදෙමු:
පහත සඳහන් පරිද්දෙන්, අපගේ සේවා හෝ බාහිර සබැඳි හරහා පෞද්ගලික තොරතුරක් බෙදා ගන්නා හෝ ඉල්ලා සිටින අන්තර්ගතය:
පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු (PII)
  • පළ කරන්නකුගේ හෝ අන් අයගේ පුද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු බෙදාගන්නා අන්තර්ගය (පුද්ගලයකුව සුවිශ‍ේෂී ‍ල‍ෙස හඳුනාගන්නා‍‍ තොරතුරු). මීට ඇතුළත් වන්නේ:
    • සමාජ ආරක්ෂණ අංකයන් (SSN), බලපත්‍ර අංකයන් හෝ තනි පුද්ගල බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයන් (ITIN) වැනි ජාතික අනන්‍යතා අංකයන්.
    • නීතිය බලාත්මක කරන, හමුදා හෝ ආරක්ෂක නිලධාරීන්ගේ රජයේ හැඳුනුම්පත්.
    • විවාහ, උපත්, මරණ හෝ නම වෙනස් කිරීමේ, ලිංගික අනන්‍යතාව හඳුනාගැනීමේ ලියකියවිලි වැනි සිවිල් ලියාපදිංචි කිරීමේ තොරතුරුවල වාර්තා හෝ රාජකාරි ලියකියවිලි
    • ග්‍රීන් කාඩ්, රැකියා අවසරපත් හෝ වීසා වැනි සංක්‍රමණ හා වැඩ තත්ත්වයන් පිළිබඳ ලියකියවිලි
  • වෙනත් පුද්ගලයන්ගේ පුද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු ඉල්ලා සිටින අන්තර්ගත
පුද්ගලික සබඳතා තොරතුරු
  • අදාළ පුද්ගලයා විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ විට හෝ පුණ්‍ය කටයුතු ප්‍රවර්ධනය, අතුරුදන් වූ පුද්ගලයන්, සතුන් හෝ නැති වූ වස්තූන්ගේ හිමිකරුවන් සොයා ගැනීම, හෝ ව්‍යාපාර හෝ සේවා සැපයුම්කරු ඇමතීම සඳහා බෙදාගන්නා හෝ ඉල්ලා සිටින විට හැර (පුද්ගලික සබඳතා තොරතුරු බෙදා ගන්නේ අදාළ පුද්ගලයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බව සනාථ කළහොත් විනා) අන් අයගේ පුද්ගලික සබඳතා තොරතුරු බෙදාගැනීමේ අන්තර්ගත.
නේවාසික තොරතුරු
  • පහත සන්දර්භවල දී හැරුණු කොට, ලිපිනයන් හඳුනා ගන්නා ගොඩනැඟලි නම් හෝ සිතියමක ඇති සලකුණු කිරීම් ඇතුළුව (සලකුණු කිරීම් ඇත්තේ වේදිකාවෙන් බැහැර සබැඳියක වුව ද) අන් අයගේ සම්පූර්ණ පුද්ගලික පදිංචි ලිපින බෙදාගන්නා අන්තර්ගතය:
    • පුණ්‍ය කටයුතු ප්‍රවර්ධනය සඳහා, අතුරුදන් වූ පුද්ගලයන්, සතුන් හෝ නැති වූ වස්තුවල හිමිකරුවන් සොයා ගැනීමට පහසුකම් සැපයීමට හෝ ව්‍යාපාරයක් හෝ සේවා සැපයුම්කරුවන් ඇමතීමට බෙදා ගන්නා විට
    • නිවස ඉහළ තනතුරක සේවය කරන රජයේ සේවකයකුට සැපයූ නිල නිවසක් හෝ තානාපති කාර්යාලයක් වන අවස්ථාවන්හි
  • වෙනත් අයගේ පුද්ගලික නේවාසික ලිපිනවල කොටස් (නිවස ඉහළ තනතුරක සේවය කරන රජයේ සේවකයකුට සැපයූ නිල නිවසක් හෝ තානාපති කාර්යාලයක් වන අවස්ථාවන්හි හැර) බෙදාගන්නා අන්තර්ගතය:
    • විරෝධතා සංවිධානය හෝ අදාළ නිවාසය නිරීක්ෂණය කිරීමේ සන්දර්භයක් තුළ බෙදා ගන්නා විට සහ අදාළ නිවාසයේ පිහිටීම පහත කිනම් හෝ එකකින් හඳුනාගන්නා විට:
      • වීදිය
      • නගරය හෝ යාබද ප්‍රදේශ (පදිංචිකරුවන් 50,000කට අඩු නගර සඳහා පමණි)
      • තැපැල් කේතය
      • (ලකුණු කිරීම් වේදිකාවෙන් බැහැර සබැඳියක තිබුණ ද) පහත ඒවායින් කවරක් හෝ හඳුනා ගන්නා GPS ලකුණු කිරීම් හෝ සිතියමක ලකුණු කිරීම
    • පහත සඳහන් කොන්දේසි සියල්ල අදාළ වන්නේ නම්, පෞද්ගලික වාසස්ථානවල බාහිර පෙනුම ප්‍රදර්ශනය කරන රූප:
    • වාසස්ථානය තනි පවුලක නිවසක් වීම හෝ පදිංචිකරුවන්ගේ ඒකකයේ අංකය/ගොඩනැඟිල්ලේ නම රූපයෙහි/සිරස්තලයෙහි හඳුනා ගත හැකි වීම.
    • පදිංචි ස්ථානයේ පිහිටීම් පහත කවරකින් හෝ හඳුනා ගත හැකි වීම:
      • වීදිය
      • නගරය හෝ යාබද ප්‍රදේශ (පදිංචිකරුවන් 50,000කට අඩු නගර සඳහා පමණි)
      • තැපැල් කේතය
      • (ලකුණු කිරීම් වේදිකාවෙන් බැහැර සබැඳියක තිබුණ ද) පහත ඒවායින් කවරක් හෝ හඳුනා ගන්නා GPS ලකුණු කිරීම් හෝ සිතියමක ලකුණු කිරීම
    • අන්තර්ගතයෙන් පදිංචිකරුවා/පදිංචිකරුවන් හඳුනා ගනියි.
    • පදිංචිකරුවා සිය පුද්ගලික වාසස්ථානය අනාවරණය කිරීමට විරුද්ධ වීම හෝ අදාළ නිවසට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමේ සන්දර්භයක් පැවතීම.
    • (නිවාසයට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමේ සන්දර්භයක දී හැර) නිවස නව කතන්දරයක ප්‍රධාන මාතෘකාව වීම හේතුවෙන් නිවසේ දෘශ්‍යමය තොරතුරු බෙදා නොගැනීම
  • වෙනත් අයගේ පුද්ගලික නේවාසික තොරතුරු (නිවස ඉහළ තනතුරක සේවය කරන රජයේ සේවකයකුට සැපයූ නිල නිවසක් හෝ තානාපති කාර්යාලයක් වන අවස්ථාවන්හි හැර) ඉල්ලා සිටින අන්තර්ගතය
  • ආරක්ෂිත නිවෙස්වල පිහිටීම ඉල්ලා සිටින හෝ (ආරක්ෂිත නිවසක් සිය පහසුකම පිළිබඳ තොරතුරු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන අවස්ථාවක දී හැර) පහත කවරක් හෝ බෙදා ගැනීමෙන් ආරක්ෂිත නිවසක තොරතුරු අනාවරණය කරන අන්තර්ගතය
    • සත්‍ය ලිපිනය (සටහන: “තැපැල් පෙට්ටිය පමණයි“ සඳහා ඉඩ දෙයි)
    • ආරක්‍ෂිත නිවසෙහි රූප
    • ආරක්‍ෂිත නිවසෙහි වටපිටාව/හඳුනා ගත හැකි නගර
    • ආරක්ෂිත නිවසෙහි පදිංචිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කරන තොරතුරු
වෛද්‍යමය තොරතුරු
  • යම් තොරතුරක් වෛද්‍ය වාර්තා හෝ වෙනත් නිල ලේඛනවලින් ලබාගෙන ඇති බව පැහැදිලිව පෙනෙන විට අන්‍යයන්ගේ වෛද්‍ය, කායික, ජෛවමිතික හෝ ජාන උරුමය පිළිබඳ තොරතුරු (දෘශ්‍ය ලෙස සංදර්ශනය කරන විට හෝ ඕඩියෝව හෝ වීඩියෝ ඔස්සේ දිස් කරන විට ඇතුළුව) ඉල්ලා සිටින හෝ ඒවා බෙදා ගන්නා අන්තර්ගතය.
මූල්‍ය තොරතුරු
  • පුද්ගලයකුගේ පුද්ගලික මූල්‍ය තොරතුරු ලෙස අර්ථ නිරූපණය කරන ප්‍රකාශකයාගේ හෝ අන් අයගේ පුද්ගලික මූල්‍ය තොරතුරු බෙදාගන්නා හෝ ඒවා ඉල්ලා සිටින අන්තර්ගතය:
    • රාජ්‍ය නොවන මූල්‍ය වාර්තා හෝ ප්‍රකාශ.
    • ආරක්ෂක කේත හෝ PIN කේත සහිත බැංකු ගිණුම් අංක.
    • පිවිසුම් විස්තර, ආරක්ෂක කේත හෝ PIN කේත සහිත ඩිජිටල් ගෙවීම් ක්‍රම තොරතුරු.
    • වලංගු දිනයන් හෝ ආරක්ෂක PIN අංක හෝ කේත සහිත ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් තොරතුරු.
  • පහත ඒවා ඇතුළුව, අදාළ සංවිධානය විසින් ම පළමුව බෙදාගෙන ඇති අවස්ථාවල හැර (මුල් සන්දර්භය යථාස්ථව තිබිය දී සිදු කරන ආනුෂංගික බෙදා ගැනීම් ඇතුළුව) හෝ පොදු පැමිණිලි කිරීමේ අවශ්‍යතා ඔස්සේ බෙදා ගත් (උදාහරණ ලෙස කොටස් හුවමාරුවෙහි හෝ නියාමන අධිකාරීන්ගේ නියමය පරිදි) ව්‍යාපාරයක හෝ සංවිධානයක මූල්‍ය කටයුතු ලෙස අර්ථ නිරූපණය කරන ව්‍යාපාරයක හෝ සංවිධානයක ප්‍රසිද්ධ නොවන මූල්‍ය තොරතුරු බෙදා ගන්නා හෝ ඒවා ඉල්ලා සිටින අන්තර්ගත:
    • රාජ්‍ය නොවන මූල්‍ය වාර්තා හෝ ප්‍රකාශ
    • ආරක්ෂක කේත හෝ PIN කේත සමග තිබෙන බැංකු ගිණුම් අංක.
    • පිවිසුම් විස්තර, ආරක්ෂක කේත හෝ PIN කේත සමග තිබෙන ඩිජිටල් ගෙවීම් ක්‍රම තොරතුරු.
හැක් කළ ප්‍රභවයන්ගෙන් ලබා ගත් තොරතුරු
  • බලපෑමට ලක්වූ පුද්ගලයා ප්‍රසිද්ධ චරිතයක් ද නැතහොත් අප්‍රසිද්ධ පුද්ගලයෙක් ද යන්න නොසලකා, හැක් කළ මූලාශ්‍රයක් වෙතින් ලැබුණු බවට පළ කරන්නා විසින් දක්වා ඇති හෝ තහවුරු කර ඇති අන්තර්ගතය.
පහත සඳහන් අන්තර්ගතයන් ද ඉවත් කරනු ලැබීමට ඉඩ ඇත:
  • පැමිණිලි කළ ඡායාරූපයක හෝ වීඩියෝවක සිටින පුද්ගලයන් අතර පහත සඳහන් පුද්ගලයන් නිරූපණය කරන රූප:
    • වයස අවුරුදු 13ට අඩු බාල වයස්කරුවෙක්, බාල වයස්කරු හෝ දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ නීත්‍යානුකූල භාරකරු විසින් අන්තර්ගතය පැමිණිලි කරන ලදී.
    • වයස අවුරුදු 13ත් 18ත් අතර බාල වයස්කරුවෙක්, බාල වයස්කරු විසින් අන්තර්ගතය පැමිණිලි කරන ලදී.
    • එක්සත් ජනපදයෙන් පිටත සිටින වැඩිහිටියෙකු විසින් අන්තර්ගතය පැමිණිලි කරන ලද අතර අදාළ නීතියෙන් ඉවත් කිරීමට අයිතිය ලබා දිය හැකි අවස්ථාවක සිටින වැඩිහිටියෙක්.
    • තමන් විසින් ම අන්තර්ගතයන් පැමිණිලි කිරීමට ශක්‍යතාවෙන් තොර වූ සහ නොහැකි වූ ඕනෑම පුද්ගලයෙක්.
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
  • පහත අය විසින් පැමිණිලි කරන, වෛද්‍ය හෝ ස‍ෞඛ්‍ය මධ්‍යස්ථානයක සිටින පුද්ගලයකු හෝ අප්‍රසිද්ධ පුද්ගලයකු හෝ බාලවයස්කරුවකු වෛද්‍ය හෝ ස‍ෞඛ්‍ය මධ්‍යස්ථානයකට ඇතුළුවීම හෝ ඉන් පිටවීම දක්වන අන්තර්ගතය ලෙස අර්ථ නිරූපණය කර ඇති තනි පුද්ගලයන් සහ වෛද්‍ය ආයතනවල නිරූපණය කිරීම්:
    • රූපයේ සිටින පුද්ගලයා
    • රූපයේ සිටින පුද්ගලයාගේ නියෝජිතයෙක්
    • රූපයේ සිටින පුද්ගලයාගේ රැකවරණ වගකීම් සහිත වෛද්‍ය හෝ ස‍ෞඛ්‍ය ආයතනය, හෝ
    • රූපයේ සිටින පුද්ගලයා රැකියාව කරන වෛද්‍ය හෝ ස‍ෞඛ්‍ය ආයතනය
  • විදේශීය රජයේ බලපෑම් මෙහෙයුමක කොටසක් ලෙස බෙදා ගත් මැතිවරණයකට අදාළ ප්‍රසිද්ධ නොවන තොරතුරු හෙළි කිරීමට අදහස් කරන මූලාශ්‍ර ද්‍රව්‍ය.
    • රාජ්‍ය පාලිත මාධ්‍ය ආයතන විසින් එවැනි තොරතුරු හෙළි කිරීමක් පිළිබඳ වාර්තා කිරීම තොරතුරු හෙළි කිරීම පිටුපස සිටින රටින් අපි ඉවත් කරන්නෙමු.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
පෞද්ගලිකත්වය උල්ලංඝනය වීම් පිළිබඳව උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න