Meta බුද්ධිමය දේපළ සහ බලපත්‍ර භාවිතය

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
Meta සිය බුද්ධිමය දේපළ සංවර්ධනය, ආරක්ෂා කිරිම සහ නිසි භාවිතය සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් කැප කරයි. Meta බුද්ධිමය දේපළ නීති විරෝධී ලෙස, අපගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව, හෝ අපගේ වෙළඳ සන්නම් සම්පත් මධ්‍යස්ථානය සමඟ අනුකූල නොවන ආකාරයෙන් භාවිතා කරනු නොලැබෙන බව සහතික කිරීමට මෙම ප්‍රතිපත්තිය උපකාරී වේ.
මෙවැනි අන්තර්ගතය පළ නොකරන්න:
  • වෙළඳ සන්නම් භාවිතය:
    • Meta සමාගමේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව හෝ Meta වෙළඳ සන්නම් සම්පත් මධ්‍යස්ථානය විසින් තහනම් කර ඇති ආකාරයකින් Meta සමාගමේ ප්‍රකාශන හිමිකම් හෝ වෙළඳ ලකුණු භාවිත කිරීම.
    • Meta වෙළඳ සන්නමක් අදාළ නිර්මාණයේ ප්‍රමඛතම හෝ හොඳින් ම ඉස්මතු වී පෙනෙන ලක්ෂණය ලෙස පෙනෙන ආකාරයෙන් එකී සන්නම් නියෝජනය කිරීම.
    • නිර්මාණ සැලසුම හෝ වර්ණය වෙනස් කිරීම හෝ විශ‍ේෂ ප්‍රයෝග හෝ සජීවීකරණ තුළ ඒවා භාවිතය වැනි කිනම් හෝ ආකාරයකින් Meta වෙළඳ සන්නම් වත්කම් වෙනස් කිරීම.
  • වෙළඳ සන්නම් පිටසන් කිරීම:
    • Meta සමාගමේ පූර්ව අවසරයකින් තොරව, කිනම් හෝ Meta වෙළඳ සන්නමයක කිනම් හෝ ආකාරයක පිටසන් කිරීමක් හෝ හවුල්කාරීත්වයක් හැඟවීම.
    • Meta සමාගමේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව, කිනම් හෝ Meta වෙළඳ සන්නමයක, (Facebook, Instagram හෝ WhatsApp වැනි) තාක්ෂණයක හෝ වැඩසටහනක පිටසන් කිරීමෙක් හෝ සහයෝගයක් හැඟවීම.
  • පහත ආකාරයකින් කිනම් හෝ නිෂ්පාදනයක පරිශීලක අතුරු මුහුණතක් නිරූපණය:
    • නිෂ්පාදනයේ වත්මන් පෙනුම, විශ‍ේෂාංග‍‍ හෝ ක්‍රියාකාරීත්වයේ වැරදි නිරූපණයක් වීම.
    • විශ‍ේෂ ප්‍රයෝග එක් කිරීම, බාධා කිරීම හෝ සජීවනය වැනි කිනම් හෝ ආකාරයකින් පරිශීලක ශීලක අතුරු මුහුණත වෙනස් කිරීම.
    • තනිව හෝ වෙන ම පරිශීලක අතුරු මුහුණතේ මූලාංග භාවිතා කිරීම
    • ජංගම දුරකථනයක් හෝ ඩෙස්ක්ටොපයක් වැනි අදාළ උපාංගයක සන්දර්භයක් ඇතුළත පරිශීලක අතුරු මුහුණත නිරූපණය නොකිරීම.
  • Meta සංගීත බලපත්‍ර ගැන්වීමේ ගිවිසුම් උල්ලංඝනය කරන ආකාරයකින් සංගීතය හෝ වෙනත් අන්තර්ගත භාවිතා කිරීම.
  • පූර්ව ලිඛිත අවසරය ලබා ගැනීමෙන් තොරව Meta සතු සහ/හෝ සුවිශ‍ේෂී ‍ ලෙස බලපත්‍ර ගැන්වූ Facebook නැරඹුම් අන්තර්ගතය සම්ප්‍රේෂණ ප්‍රවාහය කිරීම.
  • පූර්ව ලිඛිත අවසරය ලබා ගැනීමෙන් තොරව Meta සතු බුද්ධිමය දේපළ හිමිකම් භාවිතා කිරීම.
  • Meta වෙළඳ ලකුණුවලට පැටලිලි සහගත ලෙස සමාන ලකුණු භාවිතා කිරීම.
අපි පහත දේ ඉවත් කරන්නෙමු:
  • ඉවත් කිරීමෙන් පසු නව ගිණුම් තැනීම ඇතුළුව, මේ ප්‍රතිපත්තිය නැවත නැවත උල්ලංඝනය කිරීමේ යෙදෙන ගිණුම්.
පහත ආකාරයෙන් හිමිකාරීත්වය සහිත සහ/හෝ Meta මගින් බලපත්‍ර ලබා දුන් බුද්ධිමය දේපළ හිමිකම් භාවිත කරන පහත අන්තර්ගයට අපි ඉඩ දෙන්නෙමු:
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
Meta බුද්ධිමය දේපළ සහ බලපත්‍ර භාවිතය සම්බන්ධයෙන් උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න