දේශීයව නීතිවිරෝධී වන අන්තර්ගත, නිෂ්පාදන හෝ සේවා

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අපගේ සේවා මත ඇති අන්තර්ගත දේශීය නීතිවලට පටහැනි වන බවට, නියාමන අධිකාරීන් හෝ රජයේ ආයතන විසින් විශ්වාස කරන අවස්ථාවල දී, එකී අන්තර්ගතය සීමා කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා සිටීමට ඉඩ ඇත. තව ද, රජයේ නොවන ආයතන සහ මහජනයා විසින් ද අන්තර්ගතය නීතිවිරෝධි බවට පැමිණිලි සිදු කිරිමට ඉඩ ඇත. තව ද අපට අධිකරණ නියෝග ලැබීමට ද ඉඩ ඇත.
අපට පැමිණිල්ලක් හෝ නියෝගයක් ලැබුණු විට, අපි පළමුව ප්‍රජා ප්‍රමිතීන් අනුව, එය සමාලෝචනය කරන්න‍ෙමු. අන්තර්ගතය අපගේ ප්‍රතිපත්තිවලට එරෙහිව යන බවට අප තීරණය කළහොත්, අපි එය ඉවත් කරන්නෙමු. අන්තර්ගතය අපගේ ප්‍රතිපත්තිවලට එරෙහිව නොයන්නේ නම්, ගෝලීය ජාල ව්‍යාපාරයේ (Global Network Initiative) සාමාජිකයකු ලෙස සහ අපගේ සංස්ථානික මානව හිමිකම් ප්‍රතිපත්තිය ප්‍රකාරව අපට ඇති කැපවීම් හා සමගාමීව, පැමිණිල්ලෙහි වලංගු ද යන්න තීරණය කිරීම සඳහා අපි සැලකිලිමත් නීත්‍යනුකූල සමාලෝචනයක් මෙන් ම මානව හිමිකම් නිසි සම්ප්‍රජන්‍යතා පරීක්ෂණයක් ද පවත්වන්නෙමු.
පැමිණිලි නීත්‍යනුකූලව වලංගු නොවන බවට, අධික ලෙස පුළුල්ව අදාළ වන බවට නැතහොත් අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන් හා සංගත නොවන බවට අප විසින් තීරණය කරන අවස්ථාවන්හි දී, අප විසින් පැහැදිලි කිරීම් ඉල්ලා සිටීමට හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් නොගෙන සිටීමට ඉඩ ඇත.
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට වඩා දේශීය නීති මත පදනම්ව අප විසින් පරිශීලක අන්තර්ගතයට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා විට, අප විසින් යම් අන්තර්ගතයක් වෙත ප්‍රවේශයට සීමා පනවන්නේ එකී අන්තර්ගතය නීතිවිරෝධී බවට කියැවෙන අධිකරණ බල ප්‍රදේශය තුළ පමණක් වන අතර වෙනත් කිසිදු දණ්ඩනයක් හෝ විශේෂාංග සීමා කිරීමක් සිදු නොකරන්නෙමු. තව ද අපි ඒ පිළිබඳව බලපෑමට ලක් වූ පරිශීලකයාට දැනුම් දෙන්නෙමු.
තව ද අපි දේශීය නීතිය උල්ලංඝනය කරන අන්තර්ගත පිළිබඳ පැමිණිලි අගයන ආකාරය සහ එබඳු අවස්ථාවල දී අප විසින් අන්තර්ගතය වෙත ප්‍රවේශයට සීමා පැනවූ අවස්ථා පිළිබඳ විස්තර කරන වාර්තා ප්‍රකාශයට පත් කරන අතර ඒවා මෙතැනින් ලබාගත හැකි ය.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
දේශීයව නීතිවිරෝධී වන අන්තර්ගතයන්, නිෂ්පාදන හෝ සේවා සම්බන්ධයෙන් උදවු ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න