හානි සම්බන්ධීකරණය සහ අපරාධ ප්‍රවර්ධනය

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
අන්තර්ජාලයෙන් පරිබාහිරව සිදු වන හානිය සහ අනුකරණය කිරීමේ හැසිරීම වැළැක්වීමේ සහ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස, පුද්ගලයන්, ව්‍යාපාර, දේපළ හෝ සතුන් ඉලක්ක කරගත් ඇතැම් සාපරාධී හෝ හානිකර ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම, ඒවා සංවිධානය කිරීම, ප්‍රවර්ධනය කිරීම හෝ පිළිගැනීම අපි තහනම් කරමු. හානියක් වෙනුවෙන් පක්ෂව කථා නොකරන හෝ සම්බන්ධීකරණය නොකරන තාක් ජනතාවට සාපරාධී සහ හානිකර ක්‍රියාකාරකම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳ විවාද කිරීමට සහ ඒවා වෙනුවෙන් පක්ෂව කථා කිරීමට මෙන් ම ඔවුන් සාක්ෂි දැරීමට ඉඩ ඇති හෝ අත්දැකීම් ලැබීමට ඉඩ ඇති හානිකර හෝ සාපරාධී ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරවීමට අපි ඉඩ දෙන්නෙමු.
අපි පහත දේ ඉවත් කරන්නෙමු:
පුද්ගලයන්ට සිදු කරන හානි
  • පිටතට අනාවරණය: පහත කාණ්ඩයන්ට අයත් සේ සැලකෙන කිනම් හෝ අයකු හා බැඳුණු අනන්‍යතාව හෝ ස්ථානය පිටතට අනාවරණය කිරීම:
    • තොරතුරු පිටතට යාම අවදානම් සහගත වන කණ්ඩායමක සාමාජිකයෙකු වීම; සහ/හෝ
    • පුද්ගලික තොරතුරු අවසරයකින් තොරව පිටතට දීමේ අවදානමක් සහිත කණ්ඩායමක සාමාජිකයකු/සාමාජිකයන් සමග පවුල් හා/හෝ ප්‍රේම සම්බන්ධතා සහිත; සහ/හෝ
    • (දේශපාලන චරිත හැර) තොරතුරු පිටතට යාම අවදානම් සහගත වන කණ්ඩායමකට සහාය දැක්වීම සඳහා වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කර තිබීම
  • අන්තර්ගතයේ නියෝජිතයාගේ නම, මුහුණ හෝ ලාංඡනය හෝ පහත ඒවායින් කවරක් හෝ ඇතුළත් වන්නේ නම්, නීතිය බලාත්මක කිරීමේ ආයතන, හමුදාව හෝ ආරක්ෂක කාර්ය මණ්ඩලයේ වෙස් වළා ගත් තත්ත්වය පිටතට නිරාවරණය කිරීම:
    • නියෝජිතයාගේ නීතිය බලාත්මක කිරීමේ ආයතනය
    • නියෝජිතයාගේ නීතිය බලාත්මක කිරීමේ ක්‍රියාකාරීත්වය
    • ඒ අයගේ වෙස්වළාගත් ත්තත්වය පිළිබඳ පැහැදිලි සඳහන් කිරීම්
  • දැනුවත්භාවය ඇති කිරීමේ හෝ හෙළා දැකීමේ, කල්පිතමය හෝ වේදිකාගත පසුබිමක හෝ මුක්තියේ සන්දර්භයක දී හැර සාවද්‍ය අපරාධ හෝ හදිසි තත්ත්වයක් පිළිබඳ දැනුම් දීමට කටයුතු සැලසීම, එසේ කිරීමට තර්ජනය කිරීම, ඊට ආධාර කිරීම හෝ එසේ කළ බවට පිළිගැනීම.
  • දැනුවත්භාවය ඇති කිරීමේ හෝ හෙළා දැමීමේ සන්දර්භයක දී හැර, අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වන අධි- අවදානම් අභියෝගයකට සහභාගී වීම ප්‍රවර්ධනය කිරීම, ඒ සඳහා අනුබල සැපයීම හෝ දිරිමත් කිරීම.
  • සන්දර්භය නොසලකා අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වන අධි- අවදානම් අභියෝග නිරූපණය කරන දෘශ්‍යමය තොරතුරු.
සතුන්ට එරෙහිව සිදු කරන හානි
  • පහත අවස්ථාවල දී හැර සතුන්ට එරෙහිව ශාරීරික පීඩා පමුණුවීමට කටයුතු සලසන, එසේ කිරීමට තර්ජනය කරන, ඊට ආධාර සපයන හෝ එසේ කළ බවට පිළිගන්නා ක්‍රියා:
    • දැනුවත්භාවය වර්ධනය කිරීම හෝ හෙළා දැකීම
    • ගලවා ගැනීම
    • තමාගේ, වෙනත් මිනිසෙකු හෝ වෙනත් සතෙකුගේ දිවි ගලවා ගැනීම හෝ ආරක්ෂාව සඳහා
    • වේදිකාගත සත්ත්ව පොර හෝ සාවද්‍ය සත්ත්ව මුදා ගැනීම් නිරූපණය කරන අවස්ථාවන්හි දී හැර කල්පිතමය හෝ වේදිකාගත පසුබිම
    • දඩයම් කිරීම හෝ මසුන් ඇල්ලීම
    • ආගමික බිලි පූජා
    • ආහාර පිළියෙළ කිරීම හෝ සැකසීම
    • වස හෝ කෘමි නාශක
    • සානුකම්පී ඝාතනය
    • ගොන් පොර
  • දැනුවත්භාවය වර්ධනය කිරීමේ හෝ හෙළා දැකීමේ හෝ මුදවා ගැනීමේ සන්දර්භයක හැර, වේදිකාගත සතුන් හා සතුන් අතර ඇති වන සටන් හෝ සතුන් මුදවා ගන්නා බවට හඟවන සාවද්‍ය වීඩියෝ රූප නිරූපණය කිරීම සඳහා කටයුතු සැලැස්වීම, එසේ කරන බවට තර්ජනය, ඊට සහාය දැක්වීම, නිරූපණය, එසේ කළ බවට පළිගැනීම.
දේපළවලට සිදු කරන හානි
  • පහත අවස්ථාවල දී හැර පොදු දේපළ හානි කිරීම, සොරකම (ලිඛිත, දෘශ්‍ය හෝ වාචික ස්වරූපයෙන්) සඳහා කටයුතු සලසන, එසේ කිරීමට තර්ජනය කරන, ඊට ආධාර සපයන හෝ එසේ කළ බවට පිළිගන්නා ක්‍රියා
    • දැනුවත්භාවය වර්ධනය කිරීම හෝ හෙළා දැකීම,
    • මුදවා ගැනීම,
    • ප්‍රබන්ධමය හෝ වේදිකාගත පසුබිමක,
    • ආත්මාරක්ෂාව හෝ වෙනත් මනුෂ්‍යයකුගේ ආරක්ෂාව උදෙසා පිළිගැනීම,
    • විරෝධතා සන්දර්භයක පොදු දේපළ හානි කිරීම නිරූපණය කිරීම,
    • කුරුටු චිත්‍ර නිරූපණය කිරීම, හෝ
    • අන් අය විසින් සිදු කරන ලද පොදු දේපළ හානි කිරීම සහ සොරකම් පිළිබඳව සාධනීය ලෙස කථා කිරීමේ දී.
ඡන්දදායක සහ/හෝ ජන සංගණන වංචාව
  • හෙළා දැකීමේ, දැනුවත්භාවය ඇති කිරීමේ, පුවත් වාර්තා කිරීමේ හෝ උපහාසාත්මක හෝ හාස්‍යජනක සන්දර්භයක බෙදා ගතහොත් විනා මුදල්, ත්‍යාග, සේවා හෝ වෙනත් ද්‍රව්‍යමය භාණ්ඩ භාවිතයෙන් ඡන්ද මිල දී ගැනීමට හෝ විකිණීමට සිදු කරන පිරිනැමීම්.
  • හෙළා දැකීම, දැනුවත් කිරීම, ප්‍රවෘත්ති වාර්තා කිරීම හෝ හාස්‍යජනක හෝ උපහාසාත්මක සන්දර්භයන් තුළ බෙදා ගන්නේ නම් හැර, ඡන්දය ප්‍රකාශ කිරීමේ හෝ සංගණන ක්‍රියාවලියකට නීති විරෝධී ලෙස සහභාගී වීමේ (උදාහරණයක් ලෙස, දෙවරක් ඡන්දය දීම හෝ ඔබේ ඡන්ද සුදුසුකම් ව්‍යාජ ලෙස සකස් කිරීම) පැහැදිලි අභිප්‍රාය වෙනුවෙන් පෙනී සිටීම, (උදාහරණයක් ලෙස, ජනවිකාස තොරතුරු හෝ ඔබේ නිවසේ කොපමණ පිරිසක් සිටිනවාද යන්න වැරදි ලෙස නිරූපණය කිරීම) උපදෙස් ලබා දීම හෝ ප්‍රදර්ශනය කිරීම.
පහත අන්තර්ගත සඳහා අපි අන්තර්ගතය බැලීමේ හැකියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට සීමා කරන්නෙමු:
  • ප්‍රබන්ධමය හෝ වෘත්තීයමය අවස්ථාවක සිදු වන බෙදා ගැනීමක දී හැර, රියැදුරුට හෝ අන් අයට ජීවිත අවදානමක් ඇති කරන තුවාල හෝ මරණය සිදු විය හැකි ආකාරයේ භයානක අයුරින් මෝටර් රථ ධාවනය නිරූපණය කරන රූප.
  • ප්‍රබන්ධමය හෝ වෘත්තීය පසුබිමක බෙදාගන්නේ නම් හැර, මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත වේගයෙන් ජනප්‍රිය වන අභියෝගයක් නිරූපණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම හෝ දිරිමත් කිරීම.
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
අපි පහත දේ ඉවත් කරන්නෙමු:
  • තොරතුරු පිටතට දීම: පුද්ගලයකුගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් එකී පුද්ගලයාට හානි සිදුවීමේ අවදානමක් ඇති කිරීම:
    • LGBTQIA+ සාමාජිකයන්
    • ශීර්ෂාවරණ රහිත කාන්තාවන්
    • ලිංගික විලෝපිකයින් නීතියේ රැහැනට හසු කර ගැනීමේ උපාය මාර්ගික මෙහෙයුමක සන්දර්භයක දී අපරාධකරුවන් ලෙස හඳුනා නොගත් පුද්ගලයන්
    • නීතිමය කටයුත්තකට සිය සම්බන්ධය මහජනයා වෙත අනාවරණය වීම පිිළිබඳ සීමා පනවා ඇති විට එසේ නීතිමය කටයුත්තකට සම්බන්ධ වී සිටින පුද්ගලයන්
    • සාක්ෂිකරුවන්, තොරතුරු සපයන්නන්, ක්‍රියාකාරුවන්, රඳවා ගත් පුද්ගලයන් හෝ ප්‍රාණ ඇපකරුවන්
    • විශ්වාසදායී රාජ්‍ය මාර්ගයකින් වාර්තා කරනු ලැබූ කල්හි, රට හැර ගිය අය
    • සන්නද්ධ අරගලයක් සහිත සන්දර්භයක යුද සිරකරුවන්
  • මූලාරම්භය හේතුවෙන් මහජනයා මුලා කිරීමට ඉඩ ඇති රූපමය තොරතුරු, පහත අවස්ථා යටතේ:
    • ආයතනය නිරූපිත හෝ බලයලත් නියෝජිතයා දෘශ්‍යමය තොරතුරු සඳහා විරුද්ධ වේ නම්, සහ
    • රූපමය තොරතුරුවලට මහජනතාවට හානියක් කිරීමේ හැකියාව ඇති නම්.
  • පහත ඒවායින් එකකට අභිප්‍රාය, එසේ කරන ලෙස පෙළඹවීම හෝ දිරි ගැන්වීම් ප්‍රකාශ කිරීමක්:
    • හදිසි අවස්ථා වාහන අවහිර වී ඇති බවට සියල්ලන්ට විවෘත තහවුරු කිරීමක් තිබෙන විට සියලු අත්‍යාවශ්‍ය සේවා වෙත ප්‍රවේශය අවහිර කිරීම හෝ
    • යම් පුද්ගලයකුගේ හෝ වි‍ශේෂිත පුද්ගලයන් කණ්ඩායමකගේ ආරක්ෂාවට තර්ජනයන් වන පරිදි ඔවුන්ට අත්‍යාවශ්‍ය සේවා වෙත ඇති ප්‍රවේශය හෝ බාධා රහිත සංසරණය අවහිර කිරීමෙන් එකී පුද්ගලයා හෝ විශ‍ේෂිත පුද්ගල කණ්ඩායම ඉලක්ක කිරීම
  • පහත දෑ ඇතුළුව ඡන්ද දායකයා හෝ ජන සංගණනය සඳහා බාධා පමුණුවීම:
    • මැතිවරණයකට හෝ නිල සංගණනයකට සහභාගී වීම සඳහා පුද්ගලයෙකුට ඇති හැකියාවට බලපෑම් ඇති කළ හැකි සම්බන්ධීකරණය කළ මැදිහත්වීම්.
    • සංගණනයට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහභාගී වීම නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලින් විඳින්නට ලැබෙන ප්‍රතිවිපාකවලට හේතු විය හැකි හෝ හේතු වන බව සඳහන් කරන අන්තර්ගතයන් (නිදසුනක් ලෙස, අත්අඩංගුවට ගැනීම, පිටුවහල් කිරීම හෝ සිරගත කිරීම).
    • බිය වැද්දීම හා සම්බන්ධ සඳහන් කිරීමක් හා සංයෝග වී ඇත්නම්, ඡන්දදායකයන් හෝ මැතිවරණ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය හෝ නිරීක්ෂණය කිරීම උදෙසා ඡන්ද මධ්‍යස්ථානයකට යන ලෙස තර්ජනය කිරීම් (උදා: “අපි පෙන්නමු කාගේ අතේ ද බලය තියෙන්නේ කියලා!“, “උන්ට ඕනෑ වලියක් ද? අපි වලියෙන් නම් වලියෙන්.“).
    • බිය වැද්දීම හා සම්බන්ධ සඳහන් කිරීමක් හා සංයෝග වී ඇත්නම්, පශ්චාත් මැතිවරණ ක්‍රියාකාරකම් සිදු වන මධ්‍යස්ථානයකට යන ලෙස තර්ජනය කිරීම් (උදා: “අපි පෙන්නමු කාගේ අතේ ද බලය තියෙන්නේ කියලා!“, “උන්ට ඕනෑ වලියක් ද? අපි වලියෙන් නම් වලියෙන්.“).
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
හානි ඇති කිරීමට කටයුතු සැලසීම සහ අපරාධ ප්‍රවර්ධනය පිළිබඳ නීතිරීති සම්බන්ධයෙන් උදව් ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න