සැබෑ අනන්‍යතාව කියාපෑම

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
සත්‍යතාව අපගේ ප්‍රජාවේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාව වේ. පුද්ගලයන් එකිනෙකාට සහ Meta වෙත අර්ථාන්විත අන්දමින් වගකිව යුතු ප්‍රජාවක් නිර්මාණය කිරීමට සත්‍යතාව උදව් වන බව අපි විශ්වාස කරමු. අන් වෙස් දැරීම සහ අනන්‍යතාවය සාවද්‍ය නිරූපණය කිරීම වළක්වන අතරතුර, අපගේ ගෝලීය ප්‍රජාව තුළ අනන්‍යතාවය ප්‍රකාශ වන නානාවිධ ක්‍රමවලට ඉඩ දීමට අපට අවශ්‍ය වේ. පුද්ගලයන්ට එකිනෙකා කෙරෙහි විශ්වාසය තබමින් ප්‍රජාව ගොඩ නැඟිය හැකි ආරක්ෂාකාරී හා විවෘත පරිසරයක් පවත්වාගෙන යාම පිණිස, අන් අය රැවටීමට හසු කිරිම සඳහා තනන හෝ යොදා ගන්නා ගිණුම් හෝ ප්‍රොෆයිල තැනීමට අපි ඉඩ නොදෙන්නෙමු.
Facebook මත, පුද්ගලයන් විසින් සිය සැබෑ අනන්‍යතාව නියෝජනය කරන දෛනික ජීවිතයේ දී ඔවුන් භාවිත කරන නම භාවිතයෙන් ගිණුමක් තැනීම අපට අවශ්‍ය වේ. පුද්ගලයන්ට සිය රුචිකත්වයන් හෝ ව්‍යාපාර වැනි සිය අනන්‍යතාවයේ විවිධ අංගයන් ප්‍රකාශයට පත් කිරීමට රුකුලක් සපයනු පිණි අපි අතිරේක ප්‍රොෆයිල තනා ඇත්තෙමු.
අපි අපගේ සේවාවන් භාවිතයට ඉඩ නොදෙන අතර පහත ආකාරයේ Facebook, Instagram සහ Threads ගිණුම් හෝ වෙනත් Facebook ආයතනවලට (පිටු, සමූහ වැනි) සීමා පැනවීම හෝ ඒවා අබල කිරීම සිදු කරන්නෙමු:
  • බාලවයස්කාර දරුවන්ට අයත්
  • පහත ක්‍රමවලින් වෙනත් පුද්ගලයකු හෝ සත්තාවක් ලෙස පෙනී සිටීම:
    • අන් අය රැවටීමේ අරමුණින් ඔවුන්ගේ රූපය/රූප, නම හෝ එවැනි වෙනත් දෑ භාවිත කිරීම
    • පරිශීලකයකු විසින් වෙනත් පුද්ගලයකුගේ හෝ සත්තාවක හඬකින් කතා කිරීමට අවසරයක් නොමැතිව එසේ කිරිම (උදා: පිටුවක් හෝ ප්‍රොෆයිලයක් තැනීම මගින්)
  • අන් අය නොමග යැවීමට හෝ රැවටීමට, නීතිය ක්‍රියාත්මක කරන අධිකාරීන් මග හැරීමට හෝ අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමට සිදු කරන අනන්‍යතා වැරදි ලෙස නිරූපණය කිරීමේ නියැළීම. නොමග යවන සුලු අනන්‍යතා වැරදි ලෙස නිරූපණය කිරීම තක්සේරු කිරීමේ දී අපි සාධක කිහිපයක් සලකා බලමු, එනම්:
    • නම හෝ වයස වැනි අනන්‍යතා විස්තරවලට සිදු කරන පුනරාවර්තිත හෝ සැලකිය යුතු වෙනස්කම්
    • වතගොත සහ ප්‍රොෆයිල ස්ථානය වැනි නොමග යවන සුලු ප්‍රොෆයිල තොරතුරු
    • ඡායාරූප තොග භාවිත කිරීම
  • අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන ආකාරයේ නමක් භාවිත කිරීම.
Facebook මත පහත දෑ සිදු කළහොත්, ප්‍රොෆයිල හෝ ගිණුම් තාවකාලිකව සීමා කිරීමේ සිට ස්ථිරව ම අබල කිරීම දක්වා ක්‍රියාමාර්ග ගැනීමට පෙර අපි වැඩිදුර තොරතුරු සොයන්නෙමු:
  • සාවද්‍ය උපන් දිනයක් සැපයීම
  • එදිනෙදා ජීවිතයේ දී ඔබ හඳුන්වන සත්‍ය නම නොවන නමක් භාවිත කිරීම
  • එක් පුද්ගලයෙකුට වඩා වැඩි ගණනක් නියෝජනය කරන හෝ භාවිත කරන තනි ගිණුමක් තැනීම
  • Facebook ගිණුම් කිහිපයක් තැනීම හෝ පවත්වාගෙන යාම
  • ව්‍යාපාරයක්, සුරතල් සතකු හෝ කල්පිත චරිතයක් වැනි මිනිස් නොවන සත්තාවක් නියෝජනය කරන ගිණුමක් තැනීම
  • දිගු කලක් අකර්මණ්‍යව පවතින හිස් ප්‍රොෆයිල පවත්වා ගැනීම
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
සැබෑ අනන්‍යතාව කියාපෑම සම්බන්ධයෙන් උදව් ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න