වැඩිහිටි ලිංගික සූරාකෑම

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
ලිංගික ප්‍රචණ්ඩත්වය සහ සූරාකෑම පිළිබඳව සාකච්ඡා කිරීමේ සහ ඒවා කෙරෙහි අවධානය යොමු කරවන ස්ථානයක් ලෙස අපගේ සේවාවන්ගේ වැදගත්කම අපි හඳුනා ගනිමු. මෙය පොදු වටහා ගැනීමක් සහ ප්‍රජාවක් ගොඩනැඟීමේ වැදගත් අංගයක් බව අපි විශ්වාස කරමු. මෙම සංවාදය සඳහා අවකාශයක් නිර්මාණ කිරීමට සහ ආරක්‍ෂිත පරිසරයක් ප්‍රවර්ධන කිරීමට දරන උත්සාහයේ දී, වින්දිතයන්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට ඉඩ සලසන නමුත් ලිංගික ප්‍රචණ්ඩත්වය, ලිංගික අඩන්තේට්ටම් කිරීම හෝ ලිංගික සූරාකෑම නිරූපණය කරන, තර්ජනය කරන හෝ ප්‍රවර්ධනය කරන අන්තර්ගතයන් අපි ඉවත් කරමු. එකඟත්වයෙන් තොර පාර්ශවයන් සමග එකඟත්වයෙන් තොර ලිංගික ක්‍රියාවලට පහසුකම් සැපයීම වළක්වා ගැනීම ප්‍රදර්ශනය කරන, ඒ වෙනුවෙන් පක්ෂව කථා කරන හෝ සම්බන්ධීකරණය සිදු කරන අන්තර්ගතය ද අපි ඉවත් කරමු. එමෙන්ම, දූෂණයට පක්ෂව කථා කරන හෝ ඒ සඳහා තර්ජනය කරන යම් අන්තර්ගතයක් අපේ අවධානයට ලක් වුවහොත් අප එම අන්තර්ගතය ඉවත් කිරීමට අමතරව එම පළ කිරීම සිදු කරන ගිණුම අබල කිරීමට සහ නීති බලාත්මක කිරීම සමග කටයුතු කිරීමට ඉඩ ඇත.
දිවි ගලවා ගත් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමට, රූපවල සිටින පුද්ගලයාගේ/පුද්ගලයන්ගේ එකඟත්වයෙන් තොරව බෙදා ගත් ලිංගික ප්‍රචණ්ඩත්වය සහ අතිශය රහසිගත රූප ආදී සිදුවීම් නිරූපණය කරන රූප ද අපි ඉවත් කරමු. හැඳින්වීමෙහි සඳහන් කළ පරිදි, ඔන්ලයින් සුරක්ෂිතතා ගැටලු වටා අපගේ ප්‍රතිපත්ති සහ බලාත්මක කිරීම් සාකච්ඡා කිරීමට සහ වැඩි දියුණු කිරීමට අපි බාහිර සුරක්ෂිතතා විශේෂඥයන් සමග ද කටයුතු කරන අතර, හානිකර ක්‍රියාකාරකම් සමග අන්තර්ගතයන් සබැඳිව පවතින බවට අපට තොරතුරු ලැබෙන විට අප ඒවා ඉවත් කිරීමට ඉඩ ඇත. සම්මුතියෙන් තොර අතිශය පෞද්ගලික රූපවලට එරෙහිව ආරක්ෂා වීමට අප භාවිත කරන තාක්ෂණය සහ අපගේ වැඩ කටයුතු පිළිබඳ දැනුම් දී ඇති පර්යේෂණ පිළිබඳ අපි ලියා ඇත්තෙමු. තර්ජන සහ අවසරයකින් තොරව බෙදාගත් අතිශය පෞද්ගලික රූප පැමිණිලි කිරීමට සහ පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික රූප ඔන්ලයින් ලෙස පැතිරීම Meta විසින් සක්‍රීයව වැළැක්වීම සඳහා ද අපි සම්පත් එකතු කර ඇත්තෙමු.
අපි පහත දෑට ඉඩ නොදෙමු:
පහත දේවල්ඇතුළුව, එකඟත්වයෙන් තොර ලිංගික ස්පර්ශය නිරූපණය කරන, අනුබල දෙන, හෝ අනුකරණය කරන අන්තර්ගතය:
  • එකඟ නොවන ලිංගික ස්පර්ශ නිරූපණය කරන රූප (සැබෑ නොවන පුද්ගලයින් නිරූපණය කරන තථ්‍ය-ලෝක කලාවේ හැර, හෙළා දැකීම හෝ මධ්‍යස්ථ සිරස්තලයක් සහිතව)
  • කැමැත්තෙන් නොවන ලිංගික ස්පර්ශ නිරූපණය කරන රූප බෙදා ගැනීමට, පිරිනැමීමට, හෝ ඉල්ලා සිටීමට උත්සාහ කරන හෝ තර්ජනය කරන ප්‍රකාශ
  • දිවි ගලවා ගත් තැනැත්තා විසින් බෙදා ගෙන හෝ ඔහුට සහාය දක්වන්නේ නම් මිස, එකඟ නොවන ලිංගික ස්පර්ශ පිළිබඳ විස්තර
  • එකඟ නොවන ලිංගික ස්පර්ශ සඳහා, සිදු කිරීමට ඇති තර්ජන, හෝ සහභාගීත්වය පිළිගැනීමට පෙනී සිටීම (අපේක්ෂිත සහ කොන්දේසි සහිත ප්‍රකාශ ඇතුළුව)
  • දිවි ගලවා ගත් අයට සමච්චල් කරන අන්තර්ගතය හෝ එකඟ නොවන ලිංගික ස්පර්ශය පිළිබඳ සංකල්පය
  • දිවි ගලවා ගත් තැනැත්තා විසින් පැමිණිලි කරන විට ලිංගික හිංසනයෙන් දිවි ගලවා ගත් අයගේ අනන්‍යතාව හෙළි වන තෙවැනි පාර්ශ්වයක් විසින් බෙදා ගන්නා ලද අන්තර්ගතය
පහත මාර්ගයෙන් පුද්ගලයන් සූරා කෑමට යත්න දරන අන්තර්ගත, ක්‍රියාකාරකම් හෝ අන්තර්ක්‍රියා:
  • අතිශය පෞද්ගලික රූප හෝ සමීප තොරතුරු හෙළිදරව් කරන බවට තර්ජනය කරමින් පුද්ගලයින්ගෙන් මුදල්, යම් යම් අනුග්‍රහයන් හෝ අතිශය පෞද්ගලික රූප ලබා ගැනීමට බල කිරීම (ලිංගික දර්ශන මුදාහරින බවට කරන තර්ජනය)
  • පහත සඳහන් කොන්දේසි තුන ම සපුරාලන අතිශය පෞද්ගලික රූප (NCII) බෙදා ගැනීම, බෙදා ගන්නා බවට තර්ජනය කිරීම, බෙදාගැනීමේ අභිප්‍රාය ප්‍රකාශ කිරීම, එකඟතාවයෙන් තොරව පිරිනැමීම හෝ ඉල්ලීම:
    • දෘශ්‍යමය තොරතුරු වාණිජ නොවන අතර පුද්ගලික පසුබිමක් යටතේ නිෂ්පාදනය කෙරේ.
    • රූපයේ සිටින පුද්ගලයා (අඩ)නිරුවතින්, ලිංගික ක්‍රියාවක නිරතව හෝ ලිංගිකත්වය හුවා දක්වන ඉරියව්වකින් සිටී (මීට ඩිජිටල්ව නිර්මාණය කළ හෝ AI මඟින් ජනනය කළ රූප ද ඇතුළත් වේ).
    • දෘශ්‍යමය තොරතුරු බෙදාගැනීමට නොකැමැත්ත පහත සංඥාවන් සැපිරීමෙන් පෙනී යයි:
      • පළි ගැනීමේ සන්දර්භය (සිරස්තලය, අදහස් හෝ පිටු මාතෘකා වැනි).
      • නීතිය බලාත්මක කිරීමේ වාර්තා, මාධ්‍ය වාර්තා (මාධ්‍ය මගින් තහවුරු කරන ලද රූප කාන්දු වීම වැනි) හෝ NCII හි දිවි ගලවා ගත් අයෙකුගේ නියෝජිතයන් වැනි ස්වාධීන මූලාශ්‍ර
      • රූපයේ දැක්වෙන පුද්ගලයකුගෙන් හෝ රූපයේ දැක්වෙන පුද්ගලයාගේ නම ම සහිත වෙනත් පුද්ගලයකුගෙන් ලැබෙන පැමිණිල්ලක්.
  • අන්තර්ගතය තුළ වාණිජ හෝ වාණිජ නොවන දෘශ්‍ය රූප බෙදාගෙන නොමැති වුව ද, (ඇතැම් විට “nudify” යෙදුම් ලෙස හෝ “AI kissing” යෙදුම් ලෙස සඳහන් වන) යෙදුම් හෝ සේවාවන් (AI ඇතුළුව) හරහා නිරුවත් හෝ NCII සිපගැනීමේ රූප නිර්මාණය ප්‍රවර්ධනය කිරීම, එවැනි දෑ බෙදාගන්නා බවට තර්ජනය කිරීම හෝ එසේ තනා දීමට ඉදිරිපත් වීම, හෝ ඒ සඳහා වන උපදෙස් ලබාදීම.
  • පුද්ගලයෙකුගේ සාමාන්‍යයෙන් (පියයුරු, ලිංගේන්ද්‍රිය අවට, තට්ටම් හෝ කලවා වැනි) ලිංගික අවයව ඉලක්ක කර රහසිගතව ලබාගත් වාණිජමය නොවන රූපයක්, ලිංගිකත්වය හුවා දක්වන ඉරියව්වක සිටින පුද්ගලයෙකු, හෝ ලිංගික ක්‍රියාකාරකමක යෙදෙන පුද්ගලයෙකුගේ රූපයක් බෙදාගැනීම, මෙන්ම එය අදාළ රූපයේ සිටින පුද්ගලයාට සමච්චල් කිරීමේ, එකී පුද්ගලයා ලිංගිකත්වය හැඟවීම සඳහා යොදා ගැනීමේ හෝ එකී පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කිරීමේ අරමුණින් බෙදාගැනීම. මෙම දෘශ්‍යමය තොරතුරු සාමාන්‍යයෙන් "ක්‍රීප්ෂොට්ස්" (අනවසරයෙන් රහසේ ලබාගත් ඡායාරූප) හෝ "අප්ස්ක්ර්ට්" (සාය හෝ ගවුමක යටින් පෙනෙන ලෙස ගත් ඡායාරූප) ලෙස පොදුවේ හැඳින්වේ.
  • පහත සඳහන් කවරකින් හෝ බෙදා ගැනීමේ අකමැත්ත දක්වන විට, පුද්ගලික ලිංගික සංවාද බෙදා ගැනීම, බෙදා ගැනීමට තර්ජනය කිරීම හෝ බෙදා ගැනීමේ අභිප්‍රාය ප්‍රකාශ කිරීම:
    • පළිගැනීමේ සන්දර්භය සහ/හෝ තර්ජනාත්මක සන්දර්භය,
    • මාධ්‍ය ආවරණය හෝ නීතිය බලාත්මක කිරීමේ වාර්තා වැනි ස්වාධීන මූලාශ්‍ර, හෝ
    • රූපයේ නිරූපණය කර ඇති පුද්ගලයෙකුගෙන් හෝ රූපයේ නිරූපිත පුද්ගලයාගේ නමම බෙදා ගන්නා අයෙකුගෙන් පැමිණිල්ලක්
පහත දේ ඇතුළුව, නෙක්‍රොෆීලියා හෝ බලහත්කාරය සම්බන්ධ අන්තර්ගතය:
  • නෙක්‍රොෆිලියා හෝ බලහත්කාරය නිරූපණය කරන රූප (සැබෑ නොවන පුද්ගලයින් නිරූපණය කරන තථ්‍ය ලෝක කලාවේ හැර, හෙළා දැකීම හෝ මධ්‍යස්ථ සිරස්තලය
  • නෙක්‍රොෆිලියා හෝ බලහත්කාර රූප බෙදා ගැනීමට, පිරිනැමීමට, ඉල්ලීමට හෝ බෙදා ගැනීමට තර්ජනය කරන ප්‍රකාශ
  • ශවකාමයෙන් හෝ බලහත්කාරයෙන් ඇඳුම් උනා දැමීමෙන් ගැලවුණු අය පිළිබඳ, එසේ කිරීට අභිලාෂය ප්‍රකාශ කරන හෝ එසේ සිදු කිරීමට කැඳවන, ඒවාට සහභාගී වූ බව පිළිගන්නා, හෝ එබන්දන්ව උපහාසයට ලක් කරන බල කිරීමෙන් ගැලවුණු අය පිළිබඳ විස්තර ඇතුළත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින, ඔවුන් පිළිබඳව අභිලාෂාත්මක හෝ සාපේක්ෂ ප්‍රකාශ
අන්තර්ගතය ඇතැමුන් තුළ කම්පනයක් ඇති කළ හැකි බව පුද්ගලයන්ට දැන ගත හැකි පරිදි අපි පහත සඳහන් අන්තර්ගත සඳහා සංවේදිතා තිරයක් ඇතුළත් කරන්නෙමු:
එකඟත්වයෙන් තොර ලිංගික ස්පර්ශයක විස්තර නිරූපණයක් (ලිඛිත හෝ වාචික) අඩංගු ම ක්‍රියාව සඳහන් කිරීම හෝ නම් කිරීම ඉක්මවා තොරතුරු ඇතුළත් පහත සඳහන් වෘත්තාන්ත සහ ප්‍රකාශ:
  • දිවි ගලවා ගත් තැනැත්තා විසින් බෙදා ගන්නා ලද, හෝ
  • දිවි ගලවා ගත් තැනැත්තාට සහාය දැක්වීමට හෝ ක්‍රියාව හෙළා දැකීම සඳහා හෝ සන්දර්භය/සිරස්තලය අනුව තීරණය කරනු ලැබීමට සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා තුන්වන පාර්ශ්වයක් විසින් බෙදා ගන්නා ලද.
පහත සඳහන් ප්‍රජා ප්‍රමිති සඳහා, ඒවා බලාත්මක කිරීමට අතිරේක තොරතුරු සහ/හෝ සන්දර්භය අපට අවශ්‍ය වේ:
අප වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට දෘශ්‍යතාව සීමා කළ හැකි අතර, පහත දේ ඇතුළුව, ඇතැම් අන්තර්ගතය පිළිබඳ අනතුරු ඇඟවීමේ ලේබලයක් ඇතුළත් කළ හැකි ය:
  • එකඟ නොවන ලිංගික ස්පර්ශ නිරූපණය කරන අන්තර්ගතය, පහත අවස්ථාවල දී:
    • දැනුවත් කිරීම සඳහා බෙදා ගන්නා ලද (විනෝදාස්වාදය හෝ සංවේදී සන්දර්භය නොමැතිව),
    • දිවි ගලවා ගත් තැනැත්තා හඳුනා ගත නොහැකි වන අතර
    • අන්තර්ගතයට නිරුවත ඇතුළත් නොවේ
  • විශ්වාසදායක හවුල්කරුවන් විසින් දැනුවත් කිරීම සඳහා සහ අනවශ්‍ය ලෙස ලිංගිකත්වය ඉස්මතු නොවන ආකාරයෙන් බෙදා ගන්නා, ප්‍රබන්ධමය එකඟත්වයෙන් තොරව සිදුවන ලිංගික ස්පර්ශ (චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට ආදිය) නිරූපණය කරන අන්තර්ගතය
වින්දිතයා හෝ දිවි ගලවා ගත් පුද්ගලයා හඳුනාගත නොහැකි සහ අන්තර්ගතයේ නිරුවත ඇතුළත් නොවන අවස්ථාවක එකඟත්වයෙන් තොර ලිංගික ස්පර්ශයන් නිරූපණය කරන ඇතැම් අන්තර්ගතයන් විනෝදාස්වාදය හෝ සංවේදී සන්දර්භයකින් තොරව දැනුවත්වීම සඳහා බෙදා ගන්නා විට, එවන් අන්තර්ගතයන් අපි වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ට දෘශ්‍යතා සීමා පැනවිය හැකි අතර එම අන්තර්ගතයන් මත අනතුරු ඇඟවීමේ ලේබලයක් ඇතුළත් කළ හැකි ය.
ස්ත්‍රී දූෂණයට හෝ එකඟත්වයෙන් තොර ලිංගික ස්පර්ශයන් සිදු කිරීමට තර්ජනය කරන හෝ එම ක්‍රියා අනුමත කරන අන්තර්ගතයන් ඉවත් කිරීමේ අපගේ මහා පරිමාණ ප්‍රතිපත්තියට අමතරව, එම අන්තර්ගතය පළ කරන ලද ගිණුම අත්හිටුවීමට ද අප පියවර ගත හැකි ය.
බලයලත් නියෝජිතයෙකු හෝ විශ්වාසවන්ත හවුල්කරුවෙකු විසින් පැමිණිලි කරන විට ලිංගික අඩන්තේට්ටමි වලින් දිවි ගලවා ගත් අය හඳුනා ගන්නා තුන්වන පාර්ශ්වයක් විසින් බෙදා ගන්නා ලද අන්තර්ගතයන් මත අපි බලාත්මක කළ හැකි ය.
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
වැඩිහිටි ලිංගික සූරාකෑම පිළිබඳ උදව් ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න