ගිණුම් ආර්ජවතාව

ප්‍රතිපත්ති තොරතුරු

වෙනස් කරන ලොගය
ප්‍රතිපත්ති තාර්කිකත්වය
ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම සහ නිදහස් ප්‍රකාශනය සවිබල ගැන්වීම උදෙසා, අපි ප්‍රජාවට හානිකර වන ගිණුම්වලට සීමා පැනවීම හෝ ඒවා ඉවත් කිරීම සිදු කරන්නෙමු. අපගේ කිනම් හෝ නිෂ්පාදනයක් පුරා අපගේ ප්‍රතිපත්ති අනවරතයෙන් සහ නැවත නැවතත් උල්ලංඝනය කරන ගිණුම්වලට සීමා පැනවීමට හෝ ඒවා ඉවත් කිරීමට අපි ස්වයංක්‍රීය සහ මිනිසුන් විසින් ක්‍රියා කරවන පද්ධතිවල සංයෝගයක් ගොඩ නඟා ඇත්තෙමු.
ගිණුම් ඉවත් කිරීම බරපතළ ක්‍රියාවක් බැවින්, හැකි සෑම විට ම, අපගේ නීතිරීති ඉගෙන ගැනීමට සහ අපගේ ප්‍රජා ප්‍රමිතීන් අනුගමනය කිරීමට අපගේ ප්‍රජාවට අවස්ථා ලබා දීම අපගේ අරමුණයි. උදාහරණයක් ලෙස, අපි අන්තර්ගතය ඉවත් කරන සෑම අවස්ථාවකම දැනුම්දීමක් නිකුත් කරනු ලබන අතර, බොහෝ අවස්ථාවල දී අපි උල්ලංඝනයේ ස්වභාවය සහ අදාළ වන ඕනෑම සීමා පැනවීමක් පිළිබඳ තොරතුරු ජනතාව වෙත සපයන්නෙමු. අපගේ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සැලසුම් කර ඇත්තේ උල්ලංඝනයේ බරපතළකම, ගිණුමේ උල්ලංඝනය කිරීමේ ඉතිහාසය සහ ප්‍රජාවට එල්ල වන අවදානම හෝ හානිය වෙත සමානුපාතික වන පරිදි ය. නැවත නැවතත් සිදු කළ අනතුරු ඇඟවීම් සහ සීමාවන් හෝ දැඩි ආරක්ෂක අවදානම් ඇති කරන උල්ලංඝනයන් නොතකා අඛණ්ඩව සිදු කරන උල්ලංඝනයන් ගිණුමක් අබල කිරීමට මග පාදන්නේ ය.
Meta තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය සහ ගිණුම් සීමා කරන ආකාරය පිළිබඳව විනිවිදභාවය පිළිබඳ මධ්‍යස්ථානය තුළ වැඩිදුර දැන ගන්න.
පහත දෑ සිදු කරන ගිණුම් හා වෙනත් සත්තාවන් (පිටු, සමූහ, විශේෂ අවස්ථා) හෝ ව්‍යාපාරික වත්කම් (ව්‍යාපාර කළමනාකාරක, වෙළඳ දැන්වීම් ගිණුම්) අප විසින් සීමා කරනු හෝ අබල කරනු ලැබීමට ඉඩ ඇත:
  • පුද්ගලික හෝ මහජන ආරක්ෂාවට අත්‍යාසන්න හානියක් කිරීමේ අවදානම හේතුවෙන් අප විසින් නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් වෙත යොමු කරන ඒවා ඇතුළුව දැඩි හානි හා සම්බන්ධ අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කිරීම
  • පුද්ගලික හෝ මහජන ආරක්ෂාවට අත්‍යාසන්න හානියක් කිරීමේ අවදානම හේතුවෙන් අප විසින් නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් වෙත යොමු කිරීමට සුදුසු කිනම් හෝ හානියක් සම්බන්ධ අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කිරීම
  • ප්‍රයෝගකාරී හෝ අනතුරුදායක ව්‍යාපාරික හානි හා සම්බන්ධ අපගේ වෙළඳ ප්‍රචාරණ ප්‍රමිතීන් උල්ලංඝනය කිරීම
  • උල්ලංඝනීය අන්තර්ගත පළ කිරීම හා/හෝ උල්ලංඝනීය සත්තාවන් හෝ ව්‍යාපාරික වත්කම් කළමනාකරණය කිරීම මගින් දිගින් දිගට ම අපගේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කිරීම
  • අපගේ වෙළඳ දැන්වීම් ප්‍රමිතීන් නොනවත්වා උල්ලංඝනය කිරීම
  • පැහැදිලි උල්ලංඝනීය අරමුණක් හඟවන ක්‍රියාකාරකම් හෝ චර්යයාවන් නිරූපණය කිරීම
පහත ආකාරයේ ගිණුම් හා වෙනත් සත්තාවන් (පිටු, සමූහ, විශේෂ අවස්ථා) හෝ ව්‍යාපාරික වත්කම් (ව්‍යාපාර කළමනාකාරක, වෙළඳ දැන්වීම් ගිණුම්) අප විසින් සීමා කරනු ලැබීමට හෝ අබල කරනු ලැබීමට ඉඩ ඇත:
  • අබල කරනු ලැබ ඇති ගිණුමක් අයිති පුද්ගලයකු හෝ සත්තාවකට ම අයත්
  • කලින් ඉවත් කළ ගිණුම් හෝ සත්තාවන් සමග පොදු හිමිකාරීත්වයක් හා අන්තර්ගතයක් ඇති බවට අගයා ඇති ඒවා ඇතුළුව කලින් සිදු කරන ලද ගිණුම් හෝ සත්තා ඉවත් කිරීමක් මග හැර යාමට නිර්මාණය කරන ලද හෝ වෙනස් කොට තනන ලද
  • ගිණුමක් අවහිර කර ඇති පරිශීලකයකු ඇමතීමට තනන ලද
  • අපගේ නීතිය බලාත්මක කිරීමේ ක්‍රියා හෝ සමාලෝචන ක්‍රියාවලිය මග හැරීමට වෙනත් ආකාරයකින් යොදා ගත්
පහත ආකාරයේ නිරූපණය කරන ගිණුම් හා වෙනත් සත්තාවන් (පිටු, සමූහ, විශේෂ අවස්ථා) හෝ ව්‍යාපාරික වත්කම් (ව්‍යාපාර කළමනාකාරක, වෙළඳ දැන්වීම් ගිණුම්) අප විසින් සීමා කරනු ලැබීමට හෝ අබල කරනු ලැබීමට ඉඩ ඇත:
  • අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන හෝ මග හැර යන ගිණුම් ජාලයකට හෝ වෙනත් ආයතනවලට සමීප සම්බන්ධය
  • අපගේ ප්‍රතිපත්ති දිගින් දිගට ම හෝ දැඩි ලෙස උල්ලංඝනය කරන ගිණුම් හෝ වෙනත් සත්තාවන් ජාලයක් සමග සම්බන්ධීකරණය
  • ගිණුම් ජාලයක් ඔස්සේ පැහැදිලි උල්ලංඝනය කිරීමක් හඟවන ක්‍රියාකාරකම් හෝ හැසිරීම්
පහත ඒවා ඇතුළුව අපගේ වේදිකාව මත හානි ඇති කිරීමට තුඩු දිය හැකි වේදිකාවෙන් පරිබාහිර ක්‍රියාකාරකම්වල නිරත වන ගිණුම් හෝ වෙනත් සත්තාවන් (පිටු, සමූහ, විශේෂ අවස්ථා) හෝ ව්‍යාපාරික වත්කම් (ව්‍යාපාරික කළමනාකාරක, වෙළඳ දැන්වීම් ගිණුම්) අප විසින් සීමා කිරීම හෝ අබල කිරීම සඳහා කටයුතු කිරීමට ඉඩ ඇත:
  • ළමයින්ට හෝ වැඩිහිටියන්ට ලිංගික අපයෝජනය කිරීමට අදාළ වැරදි සම්බන්ධයෙන් නීතියෙන් වරදකරු බවට පත් කරන ලද ලිංගික අපරාධකරුවකු සතු
  • වෙන් කළ හෝ තමා වෙනුවෙන් ක්‍රියා කරවන සත්තාවක් සතු
  • අදාළ නීති යටතේ අපගේ නිෂ්පාදන, සේවා හෝ මෘදුකාංග ලබා ගැනීම තහනම් කර ඇති
පහත අවස්ථාවල දී, හිමිකාරීත්වය සහ/හෝ අවසර දිය හැකි ක්‍රියාකාරකම් තහවුරු කර ගැනීම සඳහා අප විසින් ගිණුමක් පිළිබඳ අතිරේක තොරතුරු ඉල්ලා සිටිනු ලැබීමට ඉඩ ඇත:
  • අනතුරට ලක් වී ඇති ගිණුම්
  • ක්‍රමලේඛ පිටපත් කිරීම වැනි ස්වයංක්‍රීය ක්‍රමවේදයන් ඔස්සේ ගිණුමක් හෝ වෙනත් සත්තාවක් නිර්මාණය කිරීම හෝ භාවිත කිරීම (ක්‍රමලේඛ පිටපත් කිරීමේ ක්‍රියාවලිය සිදු වනුයේ අවසර ලත් මාර්ග ඔස්සේ වන අතර ඒවායින් වෙන යම් ආකාරයකින් අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය නොකරන්නේ නම් විනා)
  • දිගු කලක් අකර්ණම්‍යව තිබූ හිස්ව ඇති ගිණුම්
පරිශීලක අත්දැකීම්
Facebook මත සිටින පුද්ගලයන් සඳහා නීතිය බලාත්මක කිරීම බලපැවැත්වෙන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් බලන්න, එනම්: Facebook තුළ තිබිය යුතු යැයි ඔබ නොසිතන දෙයක් පැමිණිලි කිරීම, ඔබ අපේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කර ඇති බව පවසනු ලැබීම හා ඇතැම් අන්තර්ගතයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ තිරයක් දැකීම පෙනෙන ආකාරය.
සටහන: අපි සැම විටම දියුණු වෙමින් සිටිමු, එබැවින් ඔබ දැනට දකින දේ අප දැනට භාවිත කරන දේ හා සසඳන විට තරමක් යල් පැන ගිය ඒවා විය හැකි ය.
පරිශීලක අත්දැකීම
පැමිණිලි කිරීම
පරිශීලක අත්දැකීම
පශ්චාත් පැමිණිලි සන්නිවේදනය
පරිශීලක අත්දැකීම
ඉවත් කිරීමේ අත්දැකීම
පරිශීලක අත්දැකීම
අනතුරු ඇඟවීමේ තිර
දත්ත
නවතම ප්‍රජා ප්‍රමිතීන් බලාත්මක කිරීමේ වාර්තාව බලන්න
බලාත්මක කිරීම
Facebook තුළ සිටින සෑම කෙනෙකුටම අදාළව ලොව පුරා එකම ප්‍රතිපත්ති අපට තිබේ.
සමාලෝචන කණ්ඩායම්
සමාලෝචකයන් 15,000කට අධික සංඛ්‍යාවක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම Facebook තුළ සිටින පුද්ගලයන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා දිනපතා කටයුතු කරති.
පාර්ශවකරුවන්ගේ නියැළීම
බාහිර විශේෂඥයන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් Facebook ප්‍රජා ප්‍රමිති දැනුම් දීමට උදව් කරති.
ගිණුම් ආර්ජවතාව සම්බන්ධයෙන් උදව් ලබා ගන්න
අපගේ ප්‍රජා ප්‍රමිතිවලට පටහැනි වන යම් දෙයක් ඔබ Facebook තුළ දුටුවහොත් ඔබට කළ හැකි දේ දැන ගන්න.
අපගේ සහාය මධ්‍යස්ථානයට පැමිණෙන්න